Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 9:26 - Sinhala New Revised Version

26 ඒ අය නම්: මිසරය, ජුදාව, ඒදොම්, අම්මොන්, මෝවබ් යන රටවල සිටින අය ද කාන්තාරයේ වාසය කරන හිසකේ කොටට කැපූ අය ද වෙති. මේ සියලු දෙනා ද ඉශ්රායෙල් වැසියන් සියලු දෙනා ද සිතෙහි පාප මල ඡේදනය නොකළ අය ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 ඒ අය නම්: මිසරය, ජුදාව, ඒදොම්, අම්මොන්, මෝවබ් යන රටවල සිටින අය ද කාන්තාරයේ වාසය කරන හිසකේ කොටට කැපූ අය ද වෙති. මේ සියලු දෙනා ද ඉශ්රායෙල් වැසියන් සියලු දෙනා ද සිතෙහි පාප මල ඡේදනය නොකළ අය ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 එනම් මිසරයටද යූදාටද ඒදොම්ටද අම්මොන් පුත්‍රයන්ටද මෝවබ්ටද තමුන්ගේ රැවුල් කොන් කැපුවාවූ කාන්තාරයෙහි වාසයකරන්නාවූ සියල්ලන්ටද මා විසින් දඬුවම්කරන දවස් පැමිණෙන්නේය. මක්නිසාද සෑම ජාතීහු අචර්මඡේදිතවද මුළු ඉශ්‍රායෙල් වංශය සිතින් අචර්මඡේදිතවද සිටිතියි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 9:26
23 හුවමාරු යොමු  

ජුදාහි වැසියෙනි, ජෙරුසලමේ වැසියෙනි, නුඹලාගේ සිතෙන් පාප මල කපා හරින්න. එසේ නොකළොත්, නුඹලාගේ ක්‍රියාවල නපුරුකම නිසා මාගේ කෝපය ගිනි මෙන් නික්ම කිසිවෙකුට නිවන්නට බැරි ලෙස ඇවිලෙනු ඇත.”


මම ඔවුන්ට විරුද්ධ ව ක්‍රියා කර ඔවුන්ගේ සතුරන්ගේ දේශයට ඔවුන් පමුණුවන්නෙමි. එකල්හි වත් ඔවුන්ගේ දරදඬු සිත් යටහත් වී ඔව්හු තමන්ගේ අයුතුකමේ දඬුවම පිළිගන්නෝ නම්,


නුඹලා මාගේ ආහාර වන තෙල ද ලේ ද ඔප්පු කරන විට, මාගේ මාලිගාව කෙලෙසන හැටියට මාගේ ශුද්ධස්ථානයෙහි සිටීමට ගතින් හා සිතින් පාප මල කපා නොදැමූ විදේශීන් එය ඇතුළට ගෙනාවහු ය. නුඹලාගේ සියලු පිළිකුල් ක්‍රියා මදිවාට නුඹලා මාගේ ගිවිසුමත් කඩ කළහු ය.


“හිතුවක්කාර, මිසදිටු සිත් හා බිහිරි කන් ඇත්තෙනි, ඔබගේ පියවරුන් මෙන් ඔබත් නිතර ම ශුද්ධාත්මයාණන්ට එරෙහි ව සිටින්නහු ය.


ඔවුන්ගේ ඔටුවන් ද ගව පට්ටි ද කොල්ලයට ගන්න. හිස බූගාගන්න අය මම හැම අතට ම විසුරුවාදමන්නෙමි. හැම දිශාවකින් ම ඔවුන් පිට විනාශය පමුණුවන්නෙමි. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ ය.


“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. ඉශ්රායෙල්වරුන් අතරෙහි සිටින විදේශීන්ගෙන් ගතින් හා සිතින් පාප මල පහකර නොදැමූ කිසි ම කෙනෙක් මාගේ ශුද්ධස්ථානයට ඇතුළු නොවෙත් වා!


ඔබ ඒ රට පදිංචි ව ජීවත් වෙමින් ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු සිතින් ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කරන පිණිස උන් වහන්සේ ඔබේ සිතෙන් ද ඔබේ දරුමුණුබුරන්ගේ සිත්වලින් ද පාප මල කපා හරින සේක.


ජොනතන් තමාගේ ආයුධ රැගත් තරුණයාට කතා කොට, “එන්න, අපි අර අචර්මඡේදිත නීචයන්ගේ මුර හමුදාව ළඟට යමු. සමහර විට සමිඳාණන් වහන්සේ අප උදෙසා ක්‍රියා කරනු ඇත. මන්ද, බොහෝ දෙනෙකු කරණකොටගෙන හෝ ස්වල්ප දෙනෙකු කරණකොටගෙන හෝ අප ගළවන්නට සමිඳාණන් වහන්සේට බැරිකමක් නැතැ”යි කීවේ ය.


දාවිත් තමා ළඟ සිටි මිනිසුන්ට කතා කොට, “මේ පිලිස්තියයා මරා දමා ඉශ්රායෙල්වරුන් කෙරෙන් නින්දාව පහකරන මිනිසාට කුමක් දෙන්නේ ද? ජීවමාන දෙවියන් වහන්සේගේ සේනාවලට අභියෝග කරන මේ අචර්මඡේදිත පිලිස්තියයා කවරෙක් දැ”යි ඇසී ය.


මම මෙසේ පිළිතුරු දිනිමි: “සවන් දෙන හැටියට මම කාට කතා කර අවවාද කරම් ද? ඔවුන් මුරණ්ඩු වී ඔවුන්ගේ කන් වසාගෙන ඇති බැවින් සවන් දෙන්නට ඔවුන්ට බැරි ය. සමිඳාණන් වහන්සේගේ වචනය ඔවුන්ට නින්දාවක් වී ඇත. ඔව්හු එයට ප්‍රිය නොවෙති.


එම්බා ඉශ්රායෙල් වංශය, සමිඳාණන් වහන්සේ ඔබ හැමට වදාරන වචන අසන්න.


එසේ ම මෝවබ්හි ද අම්මොන් පුත්‍රයන් අතරේ ද ඒදොම්හි ද අනිකුත් සෑම රටවල ද සිටි සියලු ජුදෙව්වරුන්ට බබිලෝනියේ රජු ජුදෙව්වරුන්ගෙන් සමහරෙකු ඉතිරිකර ගිය බව ද ඔවුන් කෙරෙහි ෂාපාන්ගේ පුත්‍රයා වූ අහිකාම්ගේ පුත් ගෙදලියා පත් කළ බව ද ආරංචි විය.


“ඒ ගස නම්, මිසර දේශයේ රජු හා ඔහුගේ සියලු සෙනඟ ය. ඒදන්හි තිබුණු ගස් උසින් ද තේජසින් ද ඒ ගසට සමාන නො වී ය. එහෙත් දැන් ඒදන්හි ගස් මෙන් එය අචර්මඡේදිත වූ, කඩුවෙන් මැරුම් කෑ අය සමඟ එක් වන පිණිස පාතාල ලොවට යන්නේ ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”


නුඹ කවරෙකුට වඩා රූපසම්පන්න වන්නෙහි ද? නුඹ බැස ගොස් අචර්මඡේදිතයන් සමඟ වැටී හිඳින්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්