පිළිම සාදන සියල්ලෝ චපලයෝ ය. ඔවුන් උසස් කොට සලකන දෙවිවරු වැදගැම්මකට නැත. ඒ දෙවිවරුන් නමදින සියල්ලෝ අන්ධ ය, අඥාන ය. ඔව්හු නින්දාවට පැමිණෙන්නෝ ය.
දානියෙල් 11:38 - Sinhala New Revised Version එහෙත්, තමාගේ පියවරුන් නොදත්, බලකොටුවල දෙවියාට ඔහු ගරු කොට රන් රිදීවලින් ද මැණික්වලින් ද අනර්ඝ දෙයින් ද ඔහු පුදනු ඇත. Sinhala Revised Old Version එහෙත් බලකොටු දෙවියාට නම් ඔහුගේ ස්ථානයේදී ඔහු ගෞරව දෙමින්, තමාගේ පියවරුන් ඇඳින නොගත් දෙවියෙකුට රන් රිදීවලින්ද මැණික්වලින්ද අගේ ඇති දේවලින්ද ගෞරව දෙන්නේය. |
පිළිම සාදන සියල්ලෝ චපලයෝ ය. ඔවුන් උසස් කොට සලකන දෙවිවරු වැදගැම්මකට නැත. ඒ දෙවිවරුන් නමදින සියල්ලෝ අන්ධ ය, අඥාන ය. ඔව්හු නින්දාවට පැමිණෙන්නෝ ය.
ඔහු තමාගේ පියවරුන්ගේ දෙවිවරුන් වත්, ස්ත්‍රීන් ප්‍රිය කරන දෙවියා වත්, අන් කිසි දෙවියෙකු වත් නොසලකා, සියල්ලන්ට වඩා තමා උසස් කොට සලකන්නේ ය.
තමාගේ බලවත් ම බලකොටු ආරක්ෂා කරගන්න පිණිස ඔහු විදේශීය දෙවියෙකු අදහන සෙනඟක් යොදාගන්නේ ය. ඔහු පිළිගන්න අයට ඔහු ගරුනම්බු දෙන්නේ ය. ඔවුන් සාමාන්‍ය ජනයා කෙරෙහි ආණ්ඩුකාරයන් කොට පත් කරන්නේ ය. සිය වාසිය තකා රටේ ඉඩකඩම් විකුණන්නේ ය.
එහෙත්, ඇගේ ඥාතියෙක් මිසරයේ රජකමට පත් වූ විට, ඔහු සිරියාවේ රජුට විරුද්ධ ව සේනාවක් ගෙන ගොස්, ඔහුගේ බලකොටුවට ඇතුල් වී සටන් කොට ඔහු පරාජය කරන්නේ ය.
පසු කාලවල දී සමහරුන්, මුළා කරවන භූතයනටත්, දුෂ්ටාත්මයන්ගේ ගුරුකම්වලටත් සවන් දී, ඇදහිල්ලෙන් වැටී යනු ඇතැ යි ආත්මයාණෝ නිසැක ව ම කියති.
ඒ බඩු නම්, රන් රිදී භාණ්ඩ, මුතු මැණික්, සිනිඳු රෙදි, රත්නිල් වස්ත්‍ර, පට රෙදි, රතු විල්ලූද, නා නා විධ සුවඳ දැව, ඇත් දත් බඩු, ඉතා අනර්ඝ ලීයෙන් ද ලෝකඩින් ද යකඩින් ද කිරිගරුඬෙන් ද සෑදූ විවිධ බඩු,