Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 11:38 - Sinhala Revised Old Version

38 එහෙත් බලකොටු දෙවියාට නම් ඔහුගේ ස්ථානයේදී ඔහු ගෞරව දෙමින්, තමාගේ පියවරුන් ඇඳින නොගත් දෙවියෙකුට රන් රිදීවලින්ද මැණික්වලින්ද අගේ ඇති දේවලින්ද ගෞරව දෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

38 එහෙත්, තමාගේ පියවරුන් නොදත්, බලකොටුවල දෙවියාට ඔහු ගරු කොට රන් රිදීවලින් ද මැණික්වලින් ද අනර්ඝ දෙයින් ද ඔහු පුදනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 11:38
8 හුවමාරු යොමු  

එහෙත් පසු කාලවලදී සමහරු මුළාකරවන ආත්මයන්ද යක්ෂයන්ගේ ගුරුකම්ද සලකා ඇදහිල්ලෙන් අහක්ව යනවා ඇතැයි ආත්මයාණන්වහන්සේ පැහැදිලිලෙස කියනසේක.


රූප සාදන සියල්ලෝම හිස්කමය; ඔවුන්ගේ ප්‍රිය දේවලින් ප්‍රයෝජන නැත. ඔව්හු ඔවුන්ගේම සාක්ෂිකාරයෝය; ඔව්හු නොදකිති, නොදනිති. එබැවින් ඔව්හු ලජ්ජාවට පැමිණෙන්නෝය.


රන් රිදී බඩුද අනර්ඝ ගල්ද මුතුද සිහින් රෙදිද රත්නිල් වස්ත්‍රද පටරෙදිද රක්ත වස්ත්‍රද; සියලු ආකාර සුවඳ ලීද සියලු ඇත්දත් භාජනද ඉතා අනර්ඝ ලීයෙන් පිත්තලෙන් යකඩින් සහ කිරිගරුඬවලින් සෑදූ සියලු ආකාර භාජනද;


එහෙත් ඇගේ මුල්වල පැළයක්වූ කෙනෙක් ඔහුගේ ස්ථානයෙහි නැගිට, සේනාවට විරුද්ධව පැමිණ, උතුරු දිශාවේ රජුගේ බලකොටුවට ඇතුල්වී, ඔවුන්ට විරුද්ධව ක්‍රියාකොට ජයගන්නේය.


ඔහු තමාගේ පියවරුන්ගේ දෙවිවරුන් සලකන්නේවත් ස්ත්‍රීන්ගේ ආශාව හෝ වෙන කිසි දෙවිකෙනෙකු හෝ සලකන්නේවත් නැතුව සියල්ලන්ට විරුද්ධව උඩඟුවන්නේය.


ඉතා සවිඇති බලකොටුවලට අන්‍ය දෙවියෙකු ඇතුව ඔහු මෙසේ කරනවා ඇත; ඔහු පිළිගන්න අයින්ට ඔහු බොහෝ ගෞරව දී, බොහෝ දෙනෙකු කෙරෙහි ඔවුන් ආණ්ඩුකාරයන් කර, මුදලට රට බෙදාදෙනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්