“මන්ද, අවස්ථාව පැමිණි විට සිරියාවේ රජු පළමු සේනාවට වඩා විශාල සේනාවක් රැස් කරගෙන, ඇති තරම් යුද්ධෝපකරණ සහිත ව මහ සේනාවක් සමඟ ආපසු එන්නේ ය.
දානියෙල් 11:14 - Sinhala New Revised Version ඒ කාලවල දී බොහෝ දෙනෙක් මිසරයේ රජුට විරුද්ධ ව සටනට එළඹෙන්නෝ ය. දර්ශනයේ දැක්වෙන පරිදි නුඹේ සෙනඟ වන ජුදෙව්වරුන් අතරෙන් ත්‍රස්තවාදීහු ද ඉදිරිපත් වන්නෝ ය. එහෙත්, ඔවුන්ගේ අදහස ඉෂ්ට නොවන්නේ ය. Sinhala Revised Old Version ඒ කාලවලදී බොහෝ දෙනෙක් දකුණු දිශාවේ රජුට විරුද්ධව නැගිටින්නෝය. නුඹේ සෙනඟගේ බලාත්කාරකම්කරන්නොත් දර්ශනය ඉෂ්ටකරන්ට නැගිට, වැටීයන්නෝය. |
“මන්ද, අවස්ථාව පැමිණි විට සිරියාවේ රජු පළමු සේනාවට වඩා විශාල සේනාවක් රැස් කරගෙන, ඇති තරම් යුද්ධෝපකරණ සහිත ව මහ සේනාවක් සමඟ ආපසු එන්නේ ය.
එවිට සිරියාවේ රජ පැමිණ, තරයේ බලකොටු බැඳ ඇති නගරය වටලා එය අල්ලාගන්නේ ය. මිසරයේ රජුගේ සේනාවන්ටත්, ඔහුගේ තෝරාගත් හමුදාවන්ටත් විරුද්ධ ව නැඟී සිටින්නට නොහැකි වන්නේ ය. එසේ කිරීමට ඔවුන්ට ශක්තියක් නොවන්නේ ය.
මන්ද, දෙවියන් වහන්සේගේ වචනය ඉෂ්ට වන තුරු උන් වහන්සේගේ කැමැත්ත කිරීමට, තමන්ගේ රාජ්‍යය එක්සිත් ව මෘගයාට දෙන ලෙස, උන් වහන්සේ ඔවුන්ගේ සිත් කැමැති කරවූ සේක.