Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 11:15 - Sinhala New Revised Version

15 එවිට සිරියාවේ රජ පැමිණ, තරයේ බලකොටු බැඳ ඇති නගරය වටලා එය අල්ලාගන්නේ ය. මිසරයේ රජුගේ සේනාවන්ටත්, ඔහුගේ තෝරාගත් හමුදාවන්ටත් විරුද්ධ ව නැඟී සිටින්නට නොහැකි වන්නේ ය. එසේ කිරීමට ඔවුන්ට ශක්තියක් නොවන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 උතුරු දිශාවේ රජද ඇවිත් ගොඩැල්ලක් නගා, පවුරු ඇති නුවරවල් අල්ලා ගන්නේය. දකුණු දිශාවේ රජුගේ සේනාවල්වත් ඔහුගේ තෝරාගත් සමුදාවවත් විරුද්ධව නොසිටින්නෝය, විරුද්ධව සිටින්ට ශක්තිය නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 11:15
11 හුවමාරු යොමු  

ඔහු බොහෝ දෙනෙකු සිඳදමන පිණිස පස් කඳු සාදා බලකොටු ගොඩනඟන කල, යුද්ධයෙහි දී පාරාවෝ තමාගේ බලවත් සේනාව ද මහා සමූහය ද ඇති ව ඔහු උදෙසා කිසි උදව්වක් කරන්නේ නැත.


“සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. ජෙරුසලම වටලන පිණිස ගස් කපාගෙන බලකොටු සාදාගන්න. දඬුවම ලැබිය යුතු නගරය මෙය වේ. තාඩන පීඩන හැර අන් කිසිවක් එහි නැත.


ඉන්පසු ඊට විරුද්ධ ව බලකොටු ගොඩනඟා, ගොඩැල්ලක් ඉදිකොට, කඳවුර තබා, එය සිසාරා යුද්ධ යන්ත්‍ර තබා එය වටලාගන්න.


අවුරුදු ගණනක් ගත වූ පසු ඒ රජවරු දෙදෙන සුහද ගිවිසුමක් කරගන්නෝ ය. ඒ සාම ගිවිසුම ස්ථිර කරන පිණිස මිසරයේ රජුගේ දුව උතුරු සිරියාවේ රජු සමඟ විවාහ වන්නී ය. එහෙත්, ඇගේ බලය පෑමට ඈට නොහැකි වන්නේ ය. රජු ද ඒ දෙපොළගේ දරුවන් ද පවතින්නේ නැත. ඈ ද ඇගේ සපිරිවර ද දරුවා ද ස්වාමි පුරුෂයා ද පාවා දෙනු ලබන්නෝ ය.


ඌ බැටළුවා ළඟට එනු මම දිටිමි. මහත් ක්‍රෝධයෙන් ඌ බැටළුවාට ඇන උගේ අං දෙක බිඳදැමී ය. ඌට විරුද්ධ ව සිටින්නට බැටළුවාට කිසි බලයක් නොතිබුණේ ය. ඌ බැටළුවා බිම දමා පෑගුවේ ය. උගේ බලයෙන් බැටළුවා බේරාගන්නට කිසිවෙක් නොවූ හ.


ඔහුගේ රාජ්‍ය කාලයේ නව වන අවුරුද්දේ දස වන මස දස වන දින බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් තමාගේ මුළු සේනාව සමඟ ජෙරුසලමට විරුද්ධ ව අවුත්, කඳවුරු බැඳ, එයට වටකරින් බලකොටු ද ගොඩනැඟුවේ ය.


ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ වන මම ජෙරුසලමේ ඇති ගෙවල් ද ජුදාවේ රාජ මාලිගාව ද බිඳ හෙළා ගොඩනඟන ලද පස් කඳුවලට විරුද්ධ ව බබිලෝනිවරුන් සමඟ සටන් කරන්නට ගියොත්, මාගේ උදහසින් ද කෝපයෙන් ද ගසා දමන අයගේ මළකඳන්වලින් නගරය පිරී යනු ඇත. සෙනඟ කර ඇති දුෂ්ට ක්‍රියා නිසා මම මේ නගරයෙන් ඉවතට හැරී සිටිමි.


දේශය සහමුලින් ම විනාශ නොකර මිදි අතු කපා දමන්නට කියා ද අතු සමිඳාණන් වහන්සේට අයිති නැති නිසා ඒවා කපා දමන්නට කියා ද මම නියම කරමි.


දිවි ඇති තාක් නුඹලාට විරුද්ධ ව කිසිවෙකුට නැඟී සිටින්නට නොහැකි වන්නේ ය. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන් නුඹ සමඟත් සිටින්නෙමි. මම නුඹ කෙරෙන් අහක් ව යන්නේ වත්, නුඹ අත්හරින්නේ වත් නැත.


ඒ කාලවල දී බොහෝ දෙනෙක් මිසරයේ රජුට විරුද්ධ ව සටනට එළඹෙන්නෝ ය. දර්ශනයේ දැක්වෙන පරිදි නුඹේ සෙනඟ වන ජුදෙව්වරුන් අතරෙන් ත්‍රස්තවාදීහු ද ඉදිරිපත් වන්නෝ ය. එහෙත්, ඔවුන්ගේ අදහස ඉෂ්ට නොවන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්