ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




දානියෙල් 11:12 - Sinhala New Revised Version

මේ ජයග්‍රහණයෙන් රජ උද්දාම වී, සතුරු සේනාවල දසදහස් දෙනා මරාදමන්නේ ය. එහෙත්, ඔහුගේ ජයග්‍රහණය වැඩි කල් පවත්වාගැනීමට ඔහුට නොහැකි වන්නේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඒ සමූහයා අල්වාගත්තාම ඔහුගේ සිත උසස්වන්නේය. මෙසේ ඔහු දස දහස් ගණන් අය හෙළාදමන නුමුත් ජය නොගන්නේය.

පරිච්ඡේදය බලන්න



දානියෙල් 11:12
19 හුවමාරු යොමු  

ඔබ හිස උදුම්වාගෙන ඒදොම්වරුන්ට පහර දුන් බව සැබෑ ය. ඔබේ සිත ද උඩඟු වී තිබේ. ඒ ගෞරවය ඔබට සෑහේ. දැන් ඉතින් ගෙදර නවතින්න. ඔබ ද ඔබ සමඟ ජුදාවරුන් ද වැටෙන ලෙස ඔබ අන්තරායට මැදි වන්නේ මන්දැ”යි ජුදාහි රජු වන අමශියාට කියා යැවී ය.


‘මෙන්න, මම ඒදොම්වරුන්ට පහර දුන්නෙමි’යි ඔබ කියයි. ඔබේ සිත ද පාරට්ටු කරගන්න පිණිස අහංකාර වී තිබේ. ගෙදර සිටින්න. ඔබ ද ඔබ සමඟ ජුදාවරුන් ද වැටෙන ලෙස ඔබ අන්තරායට මැදි වන්නේ මන්දැ”යි ජුදාහි රජුට කියා හැරියේ ය.


එහෙත්, ඔහු බලවත් වන්න වන්න ඔහුගේ සිත උඩඟු විය. මෙය ඔහුගේ වැටීමට හේතු විය. ඔහු දුම් පූජාසනය පිට සුවඳ දුම් ඔප්පු කරන පිණිස සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වීමෙන් තම දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව වරද කෙළේ ය.


එහෙත්, හෙසකියා තමාට ලැබුණු කරුණාවේ හැටියට කෘතඥා නොවී සිතින් උඩඟු විය. ඒ නිසා ඔහු පිට ද ජුදා සහ ජෙරුසලම පිට ද උදහස පැමිණියේ ය.


විපතට පෙරටුවෙන් අහංකාරය ද වැටීමට පෙරටුවෙන් උඩඟුව ද යයි.


නුඹේ රුව නිසා නුඹේ සිත උඩඟු ව තිබේ. නුඹේ කීර්තිය නිසා නුඹේ ප්‍රඥාව කෙලෙසා ගත්තෙහි ය. මම නුඹ පොළොවට හෙළා, රජවරුන් නුඹ දැක ප්‍රීති වන පිණිස නුඹ ඔවුන් ඉදිරියෙහි හෙළි කෙළෙමි.


“මනුෂ්‍ය පුත්‍රය, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි තීර්ගේ අධිපතියාට කියන්න. නුඹ දෙවි කෙනෙකු නොව, මනුෂ්‍යයෙකු වන නමුත්, නුඹේ සිත උඩඟු වී, මම දෙවි කෙනෙක්මි. මුහුද මැද මම දෙවි කෙනෙකුගේ ආසනයේ වැඩහිඳිමි යි කියමින්, නුඹ දෙවිඳුන්ට සමාන ය යි සිතන්නෙහි ය.


නුඹේ ප්‍රඥාවේ මහත්කමින් නුඹේ වෙළෙඳාම කරණකොටගෙන නුඹේ සම්පත් නුඹ වැඩි කරගෙන සිටින බැවින්, නුඹේ සම්පත් නිසා නුඹේ සිත උඩඟු වී තිබේ.


එවිට රජු ඉමහත් කෝපයෙන් ඉදිරියට අවුත් සිරියාවේ රජුට පහර දෙන්නේ ය. සිරියාවේ රජු මහා සේනාවක් සූදානම් කරගෙන ප්‍රතිප්‍රහාර දෙන නමුත්, ඒ සේනාව පරාජයට පත්වන්නේ ය.


“මන්ද, අවස්ථාව පැමිණි විට සිරියාවේ රජු පළමු සේනාවට වඩා විශාල සේනාවක් රැස් කරගෙන, ඇති තරම් යුද්ධෝපකරණ සහිත ව මහ සේනාවක් සමඟ ආපසු එන්නේ ය.


තවද, කිසි පෙනීමක් වත්, ඇසීමක් වත්, දැනුමක් වත් නැති, රන් රිදී, ලෝකඩ, යකඩ, ලී සහ ගලින් සාදන ලද දෙවිවරුන්ට ඔබ ප්‍රශංසා කෙළෙහි ය. එහෙත්, ඔබේ ප්‍රාණයටත්, ඉරණමටත් කර්තෘ වන දෙවියන් වහන්සේට ඔබ ගෞරව කෙළේ නැත.


ඔහු කපටි නුවණින් තමාගේ උපායයන් සාර්ථක කරගන්නේ ය. ඔහු තම උපායයන් හිතා මතා බොහෝ දෙනෙකු ඔවුන් නොදැනුවත් ව සිටිය දී විනාශ කරන්නේ ය. ඔහු අධිපතීන්ගේ අධිපතියාට විරුද්ධ ව ද නැඟිටිනු ඇත. එහෙත්, ඔහු කිසි පිහිටක් නැති ව බිඳ හෙළනු ලබයි.


ඔබ හිස උදුම්මා නොගෙන, වහල්කමේ නිවාසය වන මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අමතක නොකරන්න.


ඔහු ළඟ දී ක්‍රිස්තු භක්තිය වැළඳගත්තෙකු නොවිය යුතු යි. මන්ද, එවැන්නෙකු උඩඟුකමින්, යක්ෂයාට පැමිණි දඬුවමට පත් විය හැකි නිසා ය.


තවද, තරුණයෙනි, සභා මූලිකයන්ට යටත් වන්න. ඔබ සියල්ලන් එකිනෙකා කෙරෙහි යටහත්කමින් සැරසී සිටින්න. මන්ද, දෙවියන් වහන්සේ උඩඟු අයට විරුද්ධ ව සිට යටහත් අයට කරුණාව දක්වන සේක.