ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




දානියෙල් 1:3 - Sinhala New Revised Version

රජතුමා අශ්පෙනස් නම් තමාගේ ප්‍රධාන නපුංසකයා අමතා, ඉශ්රායෙල් සෙනඟ අතරෙන් රාජ වංශයට හා රදළ පෙළපතට අයත් තරුණයන් ස්වල්ප දෙනෙකු ගෙනෙන්නට ඔහුට නියම කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

රජ තමාගේ නපුංසකයන්ගේ ප්‍රධානියාවූ අෂ්පෙනස්ට කථාකොට, ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් රාජ වංශයෙන්ද උත්තමයන්ගෙන්ද කැලලක් නැත්තාවූ,

පරිච්ඡේදය බලන්න



දානියෙල් 1:3
6 හුවමාරු යොමු  

ඔහු ජෙහෝයාකින් බබිලෝනියට ගෙන ගියේ ය. රජුගේ මෑණියන් ද රජුගේ භාර්යාවන් ද ඔහුගේ ඇමතියන් ද දේශයේ බලවන්තයන් ද ඔහු පිටිවහල්කමට රැගෙන ජෙරුසලමේ සිට බබිලෝනියට ගෙන ගියේ ය.


ඔබේ රජ මැදුරේ ඇති සියල්ලත්, මේ දවස දක්වා ඇති ඔබේ මුතුන්මිත්තන් රැස් කළ සියලු දේත් කිසිවක් ඉතිරි නොකොට, බබිලෝනියට ගෙනයනු ලබන කාලයක් පැමිණෙන්නේ ය.


ඔබේ ම පෙළපතෙන් පැවත එන දරුවන්ගෙන් සමහරෙක් ද ගෙනයනු ලබන්නෝ ය. ඔවුන් නපුංසකයන් මෙන් බබිලෝනියේ රජුට සේවය කරනු ඇතැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.”


සත් වන මාසයේ දී රාජ වංශයට අයිති වූ, රජුගේ අධිපතියන්ගෙන් කෙනෙකු වන එලිෂාමාගේ පුත් නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් ද ඔහු සමඟ මිනිසුන් දසදෙනෙක් ද මිශ්පාහි සිටි අහිකාම්ගේ පුත් ගෙදලියා වෙත පැමිණියෝ ය. එහි ඔව්හු මිශ්පාහි දී එක් ව කෑම කෑවෝ ය.


ඔබට දරුදැරියන් ලැබෙන නමුත්, ඔවුන් වහල්කමට යන බැවින් ඔව්හු ඔබට අයිති නොවන්නෝ ය.