ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




දානියෙල් 1:18 - Sinhala New Revised Version

තරුණයන් පුහුණු කිරීමට නියම ව තිබූ කාලය හමාර වූ විට, ඔව්හු සියලු දෙන ප්‍රධාන නපුංසකයා විසින් නෙබුකද්නෙශර් රජු ඉදිරියට ගෙනෙන ලදී.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔවුන් කැඳවාගන එන්ට රජු නියම කළ කාලය පැමුණුණු විට, නපුංසකයන්ගේ අධිපතියා නෙබුකද්නෙශර් ඉදිරියට ඔවුන් කැඳවාගන ආවේය.

පරිච්ඡේදය බලන්න



දානියෙල් 1:18
4 හුවමාරු යොමු  

ඒ තරුණයන් සතරදෙනාට දෙවියන් වහන්සේ සාහිත්‍ය විෂයය හා ශිල්ප ශාස්ත්‍රය පිළිබඳ මනා දැනුමක් හා අවබෝධයක් දුන් සේක. සියලු ආකාර දර්ශන හා ස්වප්න තේරුම් කර දීමේ වරම ද දානියෙල්ට තිබිණි.


රජතුමා ඔවුන් සමඟ කතා කෙළේ ය. ඔවුන් සියලු දෙනා අතුරෙන් දානියෙල්ටත්, හනනියාටත්, මිෂායෙල්ටත්, අසරියාටත් සමාන කළ හැකි අන් කිසිවෙක් නොවූ හ.


රජ තෙමේ තමා වළඳන භෝජනවලින් ද තමා පානය කරන මිදියුසින් ද කොටසක් දවස් පතා ඔවුන්ට දෙන්නටත් නියම කෙළේ ය. ඔවුන් තුන් අවුරුද්දක් පුහුණුව ලැබූ පසු රාජ සේවයට ඇතුළත් කළ යුතු ව තිබිණි.


එවිට දානියෙල් රජු වෙත ගොස්, ස්වප්නයේ තේරුම පහදා දෙන පිණිස තමාට කල් දෙන හැටියට ඉල්ලුවේ ය.