එවිට සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට දර්ශනය වී, ඔහුට කතා කොට, “මම මේ දේශය නුඹේ පෙළපතට දෙන්නෙමි”යි වදාළ සේක. ආබ්‍රම් එහි දී තමන්ට දර්ශනය වූ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ඉදි කෙළේ ය.
ද්විතීය නීතිය 9:5 - Sinhala New Revised Version ඔවුන්ගේ රට ඔබ අයිති කරගන්නට යනුයේ ඔබේ දැහැමිකම නිසා වත්, ඔබේ සිත්හි අවංකකම නිසා වත්, නො වේ. එසේ නොව, ඔබ යන විට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් පන්නා දමනුයේ මේ ජාතීන්ගේ දුෂ්ටකම නිසා ය. මෙසේ කිරීමෙන් ඔබේ පියවරුන් වන ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට සමිඳාණන් වහන්සේ දිවුළ වචනය ඉටු කරන සේක. Sinhala New Revised Version 2018 ඔවුන්ගේ රට ඔබ අයිති කරගන්නට යනුයේ ඔබේ දැහැමිකම නිසා වත්, ඔබේ සිත්හි අවංකකම නිසා වත්, නො වේ. එසේ නොව, ඔබ යන විට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් පන්නා දමනුයේ මේ ජාතීන්ගේ දුෂ්ටකම නිසා ය. මෙසේ කිරීමෙන් ඔබේ පියවරුන් වන ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට සමිඳාණන් වහන්සේ දිවුළ වචනය ඉටු කරන සේක. Sinhala Revised Old Version ඔවුන්ගේ දේශය හිමිකරගැනීමට නුඹ ඇතුල්වෙන්නේ නුඹේ ධර්මිෂ්ඨකම නිසාවත් නුඹේ සිතේ අවංකකම නිසාවත් නොවේ. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒ ජාතීන් නුඹ ඉදිරියෙන් පන්නාදමන්නේ ඔවුන්ගේ දුෂ්ටකම නිසාත් නුඹේ පියවරුන් වන ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද ස්වාමීන්වහන්සේ දිවුළ වචනය ඉෂ්ටකරන පිණිසත්ය. |
එවිට සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට දර්ශනය වී, ඔහුට කතා කොට, “මම මේ දේශය නුඹේ පෙළපතට දෙන්නෙමි”යි වදාළ සේක. ආබ්‍රම් එහි දී තමන්ට දර්ශනය වූ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ඉදි කෙළේ ය.
එහෙත්, සතර වන පරම්පරාවේ දී ඔව්හු නැවත මෙහි පැමිණෙන්නෝ ය. මන්ද, අමෝරිවරුන්ගේ දුෂ්ටකම තව ම නිම වී නැති හෙයිනැ”යි වදාළ සේක.
එවිට සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “මේ රට නුඹට උරුමයක් කර දෙනු පිණිස ඌර් නම් කල්දිවරුන්ගේ නුවරින් නුඹ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ මම ය”යි වදාළ සේක.
නුඹ දැන් ආගන්තුක ව වසන මේ දේශය-මේ මුළු කානාන් දේශය, නුඹට ද, නුඹෙන් පසු පැවතෙන නුඹේ පෙළපතට ද මම සදහට ම අයිති කොට දෙමි. මම ද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි.”
එහෙත්, දෙවියන් වහන්සේ මිටියාවතේ නගර විනාශ කරන විට උන් වහන්සේ ආබ්‍රහම් සිහි කළ සේක. ලොත් විසූ නගර වනසන විට ඒ විපතින් උන් වහන්සේ ලොත් ගළවා හැරිය සේක.
අහසේ තරු මෙන්, ඔබ පෙළපත මම වැඩි කරමි. මේ මුළු රට ඔබේ පෙළපතට මම දෙමි. මිහි පිට සියලු ජාතීහු, ඔබ මඟින්, තමන්ට ආශීර්වාද කරගන්නාහ.
සමිඳාණන් වහන්සේ එයට ඉහළින් සිට, “මම වනාහි නුඹේ පියා වූ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද වන සමිඳාණන් වහන්සේ වෙමි. නුඹ සැතපී සිටින දේශය මම නුඹටත්, නුඹේ පෙළපතටත් දෙන්නෙමි.
ඔබේ සේවකයන් වූ ආබ්‍රහම්, ඊසාක් සහ ඉශ්රායෙල් සිහි කළ මැනව. ඔබ ඔබේ නාමයෙන් ම දිවුරමින්, ‘අහසේ තරු මෙන් නුඹේ පෙළපත මම වර්ධනය කරන්නෙමි. නුඹට පොරොන්දු වූ මේ දේශය මම මුළුමනින් ම නුඹට දෙන්නෙමි. තවද ඔව්හු එය සදහට ම උරුම කරගන්නෝ ය’යි කියා ඔබ නොවදාළ සේක් දැ”යි විචාළේ ය.
එහෙත්, ජාතීන්ට පෙනෙන ලෙස මා ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනා බැවින්, ඒ ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසන පිණිස මම ක්‍රියා කෙළෙමි.
“එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ඉශ්රායෙල් සෙනඟට කියන්න: එම්බා ඉශ්රායෙල් ජනයෙනි! නුඹලා උදෙසා නොව, නුඹලා ගිය ගිය සෑම තැන්වල ජාතීන් අතරෙහි නුඹලා මාගේ ශුද්ධ නාමය කෙලෙසූ නිසා ඒ නාමය උදෙසා මම ක්‍රියා කරමි.
මා මෙසේ ක්‍රියා කරන්නේ නුඹලා නිසා නොවන බව දැනගන්නැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. එම්බා ඉශ්රායෙල් ජනයෙනි! නුඹලාගේ කල්ක්‍රියාව නිසා ලජ්ජා වී කැළෙඹන්න.”
“මෙවැනි ක්‍රියා කිසිවකින් නුඹ කෙලෙසා නොගන්න. මෙවැනි දේ කිරීමෙන් විජාතීහු තමන් කෙලෙසාගත්හ. නුඹලා යන්නට කලින් මම ඔවුන් ඒ රටින් පන්නාදමමි.
ඔව්හු එසේ හැසිර දේශය කෙලෙසාගත්හ. එබැවින් මම ඔවුන්ගේ දුෂ්ටකමට දඬුවම් දෙමි. ඒ දේශය පවා තම වැසියන් නෙරපා දමන්නේ ය.
දුරාතීතයේ සිට අප පියවරුන්ට දිවුළාක් මෙන් ජාකොබ්ට විශ්වාසකමත්, ආබ්‍රහම්ට තිරසර පෙමත් දක්වන සේක.
ඔබ වනාහි දිවැසිවරුන්ගේ ද ‘ඔබේ වංශය කරණකොටගෙන මිහි පිට සියලු පවුල් ආශීර්වාද කරනු ලබන්නේ ය’යි දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට වදාරමින් ඔබේ පියවරුන් සමඟ කළ ගිවිසුමේ ද පුත්‍රයෝ වන්නහු ය.
ජුදෙව්වරුන් සුබ අස්න ප්‍රතික්ෂේප කළ නිසා ඔව්හු දෙවියන් වහන්සේගේ සතුරෝ වූ හ. එය ඔබගේ යහපතට හැරුණි. එහෙත් ඔවුන්ගේ පියවරුන් නිසා දෙවියන් වහන්සේ ඔවුන් තෝරාගත් බැවින්, ඔව්හු දෙවියන් වහන්සේගේ මිත්‍රයෝ වූ හ.
මන්ද, ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ සත්‍යතාවය දක්වන පිණිස ජුදෙව් ජනතාවගේ සේවකයෙකු වූ සේකැ යි කියමි. එසේ වූයේ පිතෘවරයන්ට දුන් පොරොන්දු ස්ථීර කරන පිණිසත්,
බලන්න, මේ දේශය නුඹලා ඉදිරියෙහි ඇත. සමිඳාණන් වහන්සේ නුඹලාගේ ආදි පියවරුන් වූ ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට ද ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ පෙළපතට ද දෙන්නට පොරොන්දු වී දිවුළ දේශයට ඇතුළු වී එය හිමි කරගන්න.’ “
ඔබ නම්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට එලෙස නොකළ යුතු ය. සමිඳාණන් වහන්සේ වෛර කරන සෑම පිළිකුල් දෙයක් ම ඔවුන් තමන්ගේ දෙවිදේවතාවන් සම්බන්ධයෙන් කර ඇත. ඔව්හු තමන්ගේ දෙවිදේවතාවන් සඳහා ඔවුන්ගේ දරුදැරියන් පවා ගින්නේ පිළිස්සූ හ.
මෙවැනි දේවල් කරන සියල්ලෝ සමිඳාණන් වහන්සේට පිළිකුලකි. ඔවුන්ගේ මේ පිළිකුල් ක්‍රියා නිසා දෙවි සමිඳාණන් වහන්සේ ඔබ යන්නට කලින් ඔවුන් පන්නා හරින සේක.
“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන රටට ඔබ පැමිණිවිට, ඒ ජාතීන්ගේ පිළිකුල් චාරිත්‍ර අනුගමනය නොකිරීමට පරෙස්සම් විය යුතු ය.
ඔබ එසේ කළ යුත්තේ, ඔවුන් තමන්ගේ දෙවිදේවතාවන් ඉදිරියෙහි කරන පිළිකුල් ක්‍රියාවන් ඔබට නූගන්වන පිණිසත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් නොකරන පිණිසත් ය.
අප විසින් ම කළ දැහැමි ක්‍රියාවලින් නොව, හුදෙක් ස්වකීය දයාව ලෙස, පුනරුත්පාදනය නමැති ධෝවනයෙන් ද ශුද්ධාත්මයාණන් වහන්සේගේ අලුත් කිරීමෙන් ද උන් වහන්සේ අප ගැළෙව් සේක.