මා පදිංචි වී සිටින කානාන් දේශයේ කාන්තාවන් අතුරින් භාර්යාවක මාගේ පුත්‍රයාට නුඹ තෝරා නොගන්නා ලෙසත්,
ද්විතීය නීතිය 7:3 - Sinhala New Revised Version ඔවුන් සමඟ සරණබන්ධන ඇති කර නොගත යුතු ය. ඔබේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන් හට විවාහ කර නොදිය යුතු ය. ඔවුන්ගේ දූවරුන් ඔබේ පුත්‍රයන් හට ආවාහ කර නොගත යුතු ය. Sinhala New Revised Version 2018 ඔවුන් සමඟ සරණබන්ධන ඇති කර නොගත යුතු ය. ඔබේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන් හට විවාහ කර නොදිය යුතු ය. ඔවුන්ගේ දූවරුන් ඔබේ පුත්‍රයන් හට ආවාහ කර නොගත යුතු ය. Sinhala Revised Old Version ඔවුන් සමඟ ආවාහ විවාහ නොකරන්න; නුඹේ දුව ඔහුගේ පුත්‍රයාට පාවා නොදෙන්න, ඔහුගේ දුව නුඹේ පුත්‍රයාට පාවා නොගන්න. |
මා පදිංචි වී සිටින කානාන් දේශයේ කාන්තාවන් අතුරින් භාර්යාවක මාගේ පුත්‍රයාට නුඹ තෝරා නොගන්නා ලෙසත්,
‘සැබැවින් ම ඔවුන් නුඹලාගේ සිත් ඔවුන්ගේ දෙවිවරුන් වෙත හරවන බැවින් නුඹලා ඔවුන් අතරට නොයා යුතු ය; ඔවුන්ට නුඹලා අතරට එන්නට ඉඩ නොදිය යුතු ය’යි සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයාට යම් යම් ජාතීන් ගැන වදාළ සේක් ද, ඒ ඒ ජාතීන්ට සලමොන් රජ ස්නේහයෙන් ඇළුම් වූයේ ය.
තවද, ඔහු නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාප මාර්ගයෙහි හැසුරුණා පමණක් නොව, සීදොන්වරුන්ගේ රජ වූ එත්බාල්ගේ දුව වන ජෙශෙබෙල් බිරිඳ කොට පාවාගත්තේ ය. ඇරත්, ඔහු ගොස් බාල් දේවතාවාට වැඳුම්පිදුම් කරමින් නමස්කාර කෙළේ ය.
ඒ නිසා, ඒ සියලු භාර්යාවන් ද ඔවුන්ගෙන් උපන් දරුවන් ද ඉවත් කරන ලෙස, මාගේ ස්වාමීන්ගේ ද අපේ දෙවියන් වහන්සේගේ ආඥාවට බිය වන්නන්ගේ ද දැනුමැතිකමේ හැටියට අපේ දෙවියන් වහන්සේ සමඟ ගිවිසුමක් කරමු. අපි ව්‍යවස්ථානුකූල ව ක්‍රියා කරමු.
ඒ නිසා, ඔබේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන්ට පෙළවහට දීම වත්, ඔවුන්ගේ දූවරුන් ඔබේ පුත්‍රයන්ට පෙළවහට ගැනීම වත්, ඔවුන්ගේ සාමය හා ශුභසිද්ධිය සෙවීම වත් නොකළ යුතු ය. මෙසේ ඔබ බලවත් ව සිට, දේශයේ සරු පලදාව භුක්ති විඳ, එය සදහට ම ඔබේ දරුවන්ට උරුම කර දෙන්නහු ය.
දේශයේ ජාතීන්ට අපේ දූවරුන් නොදෙන හැටියටත්, ඔවුන්ගේ දූවරුන් අපේ පුත්‍රයන්ට නොගන්න හැටියටත්,
එවිට ඔහුගේ මවුපියෝ ඔහුට කතා කොට, “ඔබ අචර්මඡේදිත පිලිස්තිවරුන්ගෙන් බිරිඳක ගන්නට යන්නේ, ඔබේ ඥාතීන්ගේ දූවරුන් අතරේ වත්, අපේ සෙනඟ අතරේ වත් කාන්තාවක නැති නිසා දැ”යි ඔහුගෙන් ඇසූ හ. එහෙත් සම්සොන්, “ඒ කාන්තාව මට ලබා දෙන්න, මම ඈට කැමැත්තෙමි”යි තම පියාට කීවේ ය.