ද්විතීය නීතිය 7:11 - Sinhala New Revised Version එබැවින් මා ඔබට අද දින නියම කරන අණපණත් ද, නීති හා නියෝග ද ආරක්ෂා කරමින් ඔබ ඒවා පිළිපැදිය යුතු ය.” Sinhala New Revised Version 2018 එබැවින් මා ඔබට අද දින නියම කරන අණපනත් ද, නීති හා නියෝග ද ආරක්ෂා කරමින් ඔබ ඒවා පිළිපැදිය යුතු ය.” Sinhala Revised Old Version එබැවින් පවත්වන්ට මා විසින් අද නුඹට අණකරන ආඥාවද පනත්ද විනිශ්චයන්ද රක්ෂාකරන්න. |
මෝසෙස් ඉශ්රායෙල්වරුන්ට කතා කොට මෙසේ කී ය: “ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන්නට යන දේශයට ඇතුළු වී, එය අයිති කරගෙන, එහි ජීවත් වන පිණිස, ඔබ විසින් ඉටු කළ යුතු, මා ඔබට උගන්වන නීති හා නියෝගයන්ට, ඉශ්රායෙල්වරුනි, දැන් ඉතින් සවන් දෙන්න.
“මාගේ දෙවි සමිඳාණන් වහන්සේ මට අණ කළ පරිදි මම ඔබ හට නීති හා නියෝග ඉගැන්වීමි. ඔබ අයිති කරගන්නට යන රටට ඔබ ගිය පසු ඒවා පිළිපැදිය යුතු ය.
“එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ පරිදි ඔබ හැම පිළිපැදිය යුතු ය. ඒ කිසිවකට ඔබ අකීකරු නොවිය යුතු ය.
උන් වහන්සේට වෛර කරන්නන් වනසාලමින්, ඔවුන්ගේ මුහුණ ඉදිරිපිට ම ඔවුන්ට විපාක දෙන සේක. උන් වහන්සේට වෛර කරන්නන්ට මුහුණ ඉදිරිපිට දී ම විපාක දීමට උන් වහන්සේ ප්‍රමාද නො වන සේක.
“ඔබ මේ නියෝගයන්ට සවන් දී, ඒවා ආරක්ෂා කොට, පිළිපදින්නහු නම්, දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුළ ගිවිසුම ඉටු කරන සේක. ඔවුන්ට පෙන්වූ කරුණාව ඔබටත් පෙන්වන සේක.
“මම අද දින ඔබට අණ කරන ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපණත් ද නීති හා නියෝග ද නොපිළිපැදීමෙන් උන් වහන්සේ අමතක නොකරන ලෙස වගබලාගන්න.