ඔව්හු පවුරු ඇති නගර ද සශ්‍රීක රටක් ද අල්ලාගෙන, සියලු ආකාර හොඳ දේවලින් පිරී තිබුණු ගෙවල් ද කණින ලද තටාක ද මිදි වතු ද ඔලීව වතු ද පල දෙන බොහෝ ගස් ද හිමි කරගත්හ. ඒවා අනුභව කොට, තෘප්තියට පැමිණ, තර වී, ඔබේ මහා යහපත්කම කරණකොටගෙන සැපෙන් පසු වූවෝ ය.
ද්විතීය නීතිය 6:11 - Sinhala New Revised Version ඔබ නොපිරෙවූ, හොඳ හොඳ දේවලින් පිරුණු ගෙවල් ද, ඔබ නොකැණූ ළිං ද, ඔබ නොවැවූ මිදි උයන් සහ ඔලීව ගස් ද එහි වනු ඇත. ඔබ ඒවා භුක්ති විඳ තෘප්තිමත් වූ පසු Sinhala New Revised Version 2018 ඔබ නොපිරෙවූ, හොඳ හොඳ දේවලින් පිරුණු ගෙවල් ද, ඔබ නොකැණූ ළිං ද, ඔබ නොවැවූ මිදි උයන් සහ ඔලීව ගස් ද එහි වනු ඇත. ඔබ ඒවා භුක්ති විඳ තෘප්තිමත් වූ පසු Sinhala Revised Old Version නුඹ නොපිරෙවුවාවූ, සියලු යහපත් දේවලින් පිරී තිබෙන ගෙවල්ද නුඹ නොකැපුවාවූ කපා තිබෙන තටාකද නුඹ නොහිටෙවු මිදිවතුද ඔලීව ගස්ද නුඹ විසින් ලබාගන කාලා තෘප්තියට පැමුණුණ කල්හිත්, |
ඔව්හු පවුරු ඇති නගර ද සශ්‍රීක රටක් ද අල්ලාගෙන, සියලු ආකාර හොඳ දේවලින් පිරී තිබුණු ගෙවල් ද කණින ලද තටාක ද මිදි වතු ද ඔලීව වතු ද පල දෙන බොහෝ ගස් ද හිමි කරගත්හ. ඒවා අනුභව කොට, තෘප්තියට පැමිණ, තර වී, ඔබේ මහා යහපත්කම කරණකොටගෙන සැපෙන් පසු වූවෝ ය.
එතුමාණෝ විජාතීන්ගේ දේශයන් ඔවුන්ට දුන් සේක; විජාතීන්ගේ කෙත් වතුවල අස්වැන්න ගන්නට ඔවුන්ට ඉඩ දුන් සේක.
ඔබේ ගවමහිෂයන් සඳහා කෙත්වල තණ වැවෙන්නට ද සලස්වනු ඇත. ඔබට කෑම කා තෘප්තිමත් වීමට හැකි වනු ඇත.
එවිට වාසල් දොරටු ඇතුළත සිටින ඔබට මෙන් රටින් කොටසක් හෝ උරුමයක් හෝ නැති ලෙවීවරුන් ද ආගන්තුකයන් ද අනාථ වූවන් ද වැන්දඹුවන් ද විත් ඒවා අනුභව කොට තෘප්තිමත් වනු ඇත. මෙසේ කළොත්, ඔබේ සියලු වැඩ කටයුතුවල දී ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක.”
“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයෙහි උන් වහන්සේ ජනතාව වනසාදැමූ විට, ඔබ ඒවා අයිති කොටගෙන, ඒවායේ නගර සහ ගෙවල පදිංචි වූ පසු,
ජාකොබ්ගේ පෙළපත කා බී සෑහීමට පත් වූ හ. ඉශ්රායෙල් සෙනඟ තර වී කැරලි ගැසූ හ. තර වී, තරබාරු වී, ස්ථුල වූ හ. තමන් මැවූ දෙවිඳුන් අතහැර, විමුක්ති පර්වතයාණන් වන එතුමන් සුළු කොට සැලකූ හ.
මෙසේ නුඹලා වෙහෙස නොවී ලබාගත් දේශයක් ද නුඹලා ම ගොඩ නොනැඟුව නගර ද නුඹලාට දුනිමි; නුඹලා එහි වාසය කරන්නහු ය. නුඹලා නොවැවූ මිදි වතුවලින් ද ඔලීව වතුවලින් ද පලදාව කන්නහු ය.’
ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය. ඔව්හු තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අමතක කොට බාල් දේවතාවුන්ටත්, අෂෙර් දේවතාවියටත් වැඳුම්පිදුම් කළහ.