ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 4:8 - Sinhala New Revised Version

මා අද දින ඔබ ඉදිරියෙහි තැබූ මේ සියලු නීති මෙන් සාධාරණ නීති හා නියෝග වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියක් සතු ව පවතී ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මා අද දින ඔබ ඉදිරියෙහි තැබූ මේ සියලු නීති මෙන් සාධාරණ නීති හා නියෝග වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියක් සතු ව පවතී ද?

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අද මා විසින් නුඹලා ඉදිරිපිට තබන මේ මුළු ව්‍යවස්ථාව මෙන් ධර්මිෂ්ඨවූ පනත් හා විනිශ්චයන් ඇත්තේ වෙන කොයි මහත් ජාතියකටද?

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 4:8
18 හුවමාරු යොමු  

ඔබ සීනයි කන්ද පිටට බැස, ස්වර්ගයේ සිට ඔවුන් සමඟ කතා කර, සාධාරණ විනිශ්චයයන් ද සැබෑ ව්‍යවස්ථාවන් ද සුදුසු පණත් ද ආඥා ද ඔවුන්ට දුන් සේක.


ඔබ දැහැමිකමින් ද තිර විශ්වාසකමින් ද ඔබේ ශික්ෂා පද නියම කළ සේක.


ඔබේ ශික්ෂා පද සදහට ම දැහැමි ය. මා ජීවත් වන පිණිස මට නැණනුවණ දුන මැනව.


ඔබේ ව්‍යවස්ථාවේ හරය සත්‍යය වේ. ඔබේ සියලු දැහැමි විනිසුම් සදහට පවත්නේ ය.


ඔබේ ආඥා සියල්ල විශ්වාස කටයුතු ය. මිනිස්සු අයුතු ලෙස මට පීඩා කරති. මට පිහිට වුව මැනව.


හැම යහපතකට ම සීමාවක් ඇති බව මා දැක ඇත. එහෙත්, ඔබේ ආඥාවට නම් සීමාවක් නැත.


සාධාරණකම සහ යුක්තිය ඔබ සිහසුනේ පදනම් ය; තිර පෙම හා සත්‍යය ඔබ කරන සියල්ලෙහි වේ.


වලාකුළු සහ අඳුර එතුමන් වට කර සිටින්නේ ය. දැහැමිකම සහ යුක්තිය එතුමන්ගේ සිහසුනේ පදනම් ය.


සමිඳාණන් සාධාරණ බැවින් එතුමන්ගේ අණපණත් උසස් කොට ගෞරවයට පත් කිරීමට එතුමාණෝ ප්‍රසන්න වූ සේක.


සෙනඟ උදෙසා මාගේ ආඥා දසදහස් ගණන් මා ලියා දුන්නත් ඔව්හු ඒවා බාහිර දේවල් සේ ප්‍රතික්ෂේප කළහ.


එසේ ය, බොහෝ සේ ඇත. දෙවියන් වහන්සේගේ පණිවුඩය භාර කරන ලද්දේ ජුදෙව්වරුන්ට බව මුලින් ම කිව යුතු ය.


තවද, දෙවි සමිඳාණන් වහන්සේ වදාළ ප්‍රකාර, ඔබ උන් වහන්සේට කැප වූ ජනතාවක් වන පිණිස, තමන් මැවූ අන් සියලු ජාතීන්ට වඩා කීර්තියෙන් ද මහිමයෙන් ද ගෞරවයෙන් ද ඔබ උසස් කරන සේක.”