රාමොත්-ගිලියද්හි සිටි බෙන්-ගෙබර් ය; ගිලියද්හි සිටි මනස්සේගේ පුත් ජායීර්ගේ නගර ද පවුරු ද ලෝකඩ අගුල් ද ඇති මහා නගර හැටක් සහිත බාෂාන් නම් පෙදෙසෙහි අර්ගොබ් පළාත ඔහුට පැවරිණි.
ද්විතීය නීතිය 4:43 - Sinhala New Revised Version මෙලෙස රූබන්ගේ ගෝත්‍රය සඳහා පාළුකරයෙහි තැනිතලා භූමියෙහි පිහිටි බෙශෙර් නගරය ද ගාද්ගේ ගෝත්‍රය සඳහා ගිලියද් දේශයේ රාමොත් නගරය ද මනස්සේගේ ගෝත්‍රය සඳහා බාෂාන් ප්‍රදේශයේ ගෝලාන් නගරය ද ඇති විය. Sinhala New Revised Version 2018 මෙලෙස රූබන්ගේ ගෝත්‍රය සඳහා පාළුකරයෙහි තැනිතලා භූමියෙහි පිහිටි බෙශෙර් නගරය ද ගාද්ගේ ගෝත්‍රය සඳහා ගිලියද් දේශයේ රාමොත් නගරය ද මනස්සේගේ ගෝත්‍රය සඳහා බාෂාන් ප්‍රදේශයේ ගෝලාන් නගරය ද ඇති විය. Sinhala Revised Old Version ඒ නුවරවල් නම් රූබෙන්වරුන්ට තැනිතලා රටේ කාන්තාරයෙහි තිබෙන බෙශෙර්ද ගාද්වරුන්ට ගිලියද්හි තිබෙන රාමොත්ද මනස්සේවරුන්ට බාෂාන්හි තිබෙන ගෝලන්ද යන මේවාය. |
රාමොත්-ගිලියද්හි සිටි බෙන්-ගෙබර් ය; ගිලියද්හි සිටි මනස්සේගේ පුත් ජායීර්ගේ නගර ද පවුරු ද ලෝකඩ අගුල් ද ඇති මහා නගර හැටක් සහිත බාෂාන් නම් පෙදෙසෙහි අර්ගොබ් පළාත ඔහුට පැවරිණි.
මෙරාරීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල් ප්‍රකාරයට රූබන් ගෝත්‍රයෙන් ද ගාද් ගෝත්‍රයෙන් ද සාබුලොන් ගෝත්‍රයෙන් ද නගර දොළොසක් පස ඇට දැමීමෙන් ලැබුණේ ය.
කොහාත්ගේ පුත්‍රයන්ගේ අනික් පවුල්වලට ඔවුන්ගේ සීමා තුළෙහි වූ නගර එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් ලැබුණේ ය.
ගේර්ෂොම්ගේ පුත්‍රයන්ට මනස්සේගේ අර්ධ ගෝත්‍රය යන පවුලෙන් බාෂාන්හි ගෝලාන් සහ එහි තණ බිම් ද අෂ්ටාරොත් සහ එහි තණ බිම් ද;
යමෙකු, කලින් වෛරයක් නොදැක්වූ කෙනෙකු අදහස් නොකර මැරුවොත්, එවිට මේ මිනීමරුවා හට මෙකී නගරවලින් එකකට පලා ගොස් ජීවත් විය හැකි ය.
ජෙරිකෝවට නැගෙනහිරෙන් ජොර්දානෙන් එගොඩ රූබන් ගෝත්‍රයෙන් උස් සමභූමියේ පාළුකරයේ තිබෙන බෙශෙර් ද ගාද් ගෝත්‍රයෙන් ගිලියද්හි තිබෙන රාමොත් ද මනස්සේ ගෝත්‍රයෙන් බාෂාන්හි තිබෙන ගෝලාන් ද ඔව්හු වෙන් කොට තැබුවෝ ය.
ලෙවීවරුන්ගේ ගෝත්‍රයට අයිති ගේර්ෂොන්ගේ ගෝත්‍රයට මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් දුන්නේ, මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නගරයක් වූ බාෂාන්හි තිබෙන ගෝලාන් සහ ඒ අවට තණ බිම් ද බෙ-ජෙෂ්තෙරා සහ ඒ අවට තණ බිම් ද යන නගර දෙක ය.
ගාද්ගේ ගෝත්‍රයෙන් මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නගරයක් වූ ගිලියද්හි තිබෙන රාමොත් සහ ඒ අවට තණ බිම් ද මහනයිම් සහ ඒ අවට තණ බිම් ද