එම රාත්‍රියහි ම සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී මෙසේ වදාළ සේක; “නුඹ පිය ආබ්‍රහම්ගේ දෙවිඳාණෝ මම ය. බිය නොවන්න. නුඹ සමඟ ද මම සිටිමි; නුඹට ආසිරි දෙමි. මාගේ දාසයා වන ආබ්‍රහම් නිසා, නුඹේ පෙළපත මම වැඩි වර්ධනය කරමි.”
ද්විතීය නීතිය 31:6 - Sinhala New Revised Version ශක්තිමත් ව ධෛර්ය සම්පන්න ව සිටින්න; බිය නොවී, තැති නොගෙන ඉන්න; ඔබ සමඟ යන්නේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේ ඔබ අතරමං නොකරන සේක. ඔබ අත් නොහරින සේක.” Sinhala New Revised Version 2018 ශක්තිමත් ව ධෛර්ය සම්පන්න ව සිටින්න; බිය නොවී, තැති නොගෙන ඉන්න; ඔබ සමඟ යන්නේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේ ඔබ අතරමං නොකරන සේක. ඔබ අත් නොහරින සේක.” Sinhala Revised Old Version ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න, ඔවුන් ගැන භයනොවන්න, තැතිනොගන්න. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේම නුඹ සමඟ යනසේක; උන්වහන්සේ නුඹෙන් අහක්ව යන්නේවත් නුඹ අත්හරින්නේවත් නැතැයි කීවේය. |
එම රාත්‍රියහි ම සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී මෙසේ වදාළ සේක; “නුඹ පිය ආබ්‍රහම්ගේ දෙවිඳාණෝ මම ය. බිය නොවන්න. නුඹ සමඟ ද මම සිටිමි; නුඹට ආසිරි දෙමි. මාගේ දාසයා වන ආබ්‍රහම් නිසා, නුඹේ පෙළපත මම වැඩි වර්ධනය කරමි.”
මෙන්න, මම ද නුඹ සමඟ සිටිමි. නුඹ යන සියලු තැන්හි මම නුඹ රැක බලාගෙන මෙම දේශයට ම නුඹ නැවත ගෙනෙන්නෙමි. මන්ද, මා නුඹට කී දේ ඉටු කරන තුරු මම නුඹ අත් නොහරින්නෙමි”යි වදාළ සේක.
අපේ සෙනඟ උදෙසාත්, අපේ දෙවියන් වහන්සේගේ නගර උදෙසාත් ධෛර්යවත් වී සිටින්න; ස්ථිර ව සිටින්න; සමිඳාණන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට වේවා”යි කී ය.
“කොයිකාටත් පොදු අන්තිම ගමන මම යමි. එබැවින් ඔබ ශක්තිමත් වී, වීරයෙකු මෙන් ක්‍රියා කරන්න.
තවද, මාගේ සෙනඟ වන ඉශ්රායෙල් අත් නෑර ඉශ්රායෙල් ජනයා අතරෙහි වාසය කරන්නෙමි”යි වදාළ සේක.
අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපේ පියවරුන් සමඟ වැඩ සිටි ලෙස ම අප සමඟත් වැඩ සිටින සේක් වා! උන් වහන්සේ අප අත් නොහරින සේක් වා! අප බැහැර නොදමන සේක් වා!
සමිඳාණන් වහන්සේ මෝසෙස් ලවා ඉශ්රායෙල්වරුන්ට අණ කරවූ පණත් හා විනිශ්චයයන් පිළිපදින්නට වග බලාගත්තොත් ඔබ සඵල වන්නෙහි ය. ශක්තිමත් ව, ස්ථිර ව සිටින්න. බිය නොවන්න; තැති නොගන්න.
ඒ නිසා මෙය සිතට ගන්න. මන්ද, ශුද්ධස්ථානයක් වන පිණිස දේව මාලිගාවක් ගොඩනැඟීමට සමිඳාණන් වහන්සේ ඔබ තෝරාගෙන සිටින සේක. ශක්තිමත් ව සිට එය කරන්නැ”යි කී ය.
තවද, දාවිත් තමාගේ පුත් සලමොන්ට කතා කොට, “ඔබ ශක්තිමත් ව, ධෛර්ය සම්පන්න ව සිට එය ඉෂ්ට කරන්න. බිය නොවන්න; නොකැළඹෙන්න. මන්ද, මාගේ දෙවියන් වහන්සේ වන දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ වසන සේක. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු කර්මාන්ත නිම වන තුරු උන් වහන්සේ ඔබෙන් ඉවත් නොවන සේක; ඔබ අත් නොහරින සේක.
“අසිරියාවේ රජුට වත්, ඔහු සමඟ සිටින මුළු සමූහයට වත් බිය නොවී, නොකැළඹී, බලවත් ව, ධෛර්යවත් ව සිටින්න. මන්ද, ඔහු සමඟ සිටින තැනැත්තාට වඩා බලවන්තයෙක් අප සමඟ සිටින්නේ ය.
හිමිසඳ මාගේ ආලෝකය හා විමුක්තිය ය; මම කිසිවෙකුට බිය නොවෙමි. හිමිසඳ මාගේ ජීව ශක්තිය ය; මට භීතියක් නැත.
බිය නොවන්න; මම නුඹ සමඟ ය. මා නුඹේ දෙවිඳාණන් වන බැවින් තැති නොගෙන සිටින්න. මම නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි. මාගේ ජය හස්තයෙන් නුඹ ආරක්ෂා කර නුඹ ගළවන්නෙමි.
සමිඳාණෝ මෙසේ වදාරන සේක. “නුඹලා සනසන්නේ මම ය. මැරී යන තණ මෙන් පහ ව යන මිහි පිට මිනිසාට නුඹ බිය විය යුත්තේ කුමකට ද?
ඔවුන්ට බිය නොවන්න. මන්ද, නුඹ ගළවන්නට මම නුඹ සමඟ සිටිමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
මම ඔවුන් වෙතින් ඉවතට නොහැරී, ඔවුන්ට යහපත කරන හැටියට ඔවුන් සමඟ සදාකාල ගිවිසුමක් කොට, ඔවුන් මා වෙතින් ඉවත් ව නොයන ලෙස මා කෙරෙහි ගරුබිය දැක්වීම ඔවුන්ගේ සිත්හි උපද වන්නෙමි.
එහෙත්, සෙරුබ්බාබෙල් ධෛර්යවත් වන්න. සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. අහෝ! උත්තම පූජක ජෝෂුවා, ජෙහෝශාදාක්ගේ පුත්‍රය, ධෛර්යවත් වන්න. දේශයේ සියලු වැසියෙනි, ධෛර්යවත් වන්න. වැඩ පටන් ගන්න; මම නුඹලා සමඟ සිටිමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
ජුදෙව් ජනයෙනි, ඉශ්රායෙල් ජනයෙනි, කලින් නුඹලා ජාතීන් අතරේ සාපයක් ව සිටි නමුත්, ආශීර්වාදයක් වන ලෙස මම නුඹලා මුදන්නෙමි. බිය නොවන්න. ධෛර්යවත් වන්න.”
ඒ රට සරු ද නිසරු ද? මූකලාන් එහි ඇද්ද නැද් ද? යන වග සොයා බලන්න. තවද, ධෛර්ය ගෙන, ඒ රටේ පලතුරුවලින් යමක් ගෙනෙන්නැ”යි කීවේ ය. ඒ කාලය පළමු වරට මිදි ගෙඩි නෙළන වාරය විය.
සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පමණක් කැරලි නොගසන්න. ඒ රට වාසීන්ට ද බිය නොවන්න. මන්ද, අපි ඔවුන් ගොදුරු කොට ගන්නෙමු. සමිඳාණන් වහන්සේ අප සමඟ වන බැවින් ඔවුන්ට අරක්ගත් දෙවිවරුන් ඔවුන්ගෙන් ඉවත ගොස් ඇත. ඔවුන්ට බිය නොවැන්නැ”යි කීවෝ ය.
“කුඩා රැළ, බිය නොවන්න, ඔබට රාජ්‍යය දෙන්නට ඔබගේ පියාණන් වහන්සේ සැදී පැහැදී සිටින සේක.
මෙන්න, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන්නට යන දේශය ඔබ ඉදිරිපිට ඇත. ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට කී පරිදි බිය නොවී, අධෛර්ය නොවී ගොස් එය උරුම කරගන්නැ’යි ද කීවෙමි.
“එබැවින් මා ඔබට අද දින නියම කරන සියලු අණපණත් ඔබ පිළිපැදිය යුතු ය. එසේ කළොත්, ඔබ ශක්තිමත් වී, හිමි කරගන්නට යන දේශයට ඇතුළු වී එය අයිති කරගනු ඇත.
“ඔබ ඔබේ සතුරන්ට විරුද්ධ ව සටනට ගොස්, අශ්වයන් සහ රථ ද ඔබට වඩා ගණනින් විශාල සේනාවක් ද දකින විට, ඔවුන්ට බිය නොවන්න. ඔබ මිසර දේශයෙන් පිටතට ගෙනා ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක.
සමිඳාණන් වහන්සේ නූන්ගේ පුත් ජෝෂුවාට කතා කරමින්, “ශක්තිමත් ව, ධෛර්ය සම්පන්න වන්න. මා ඔවුන්ට දිවුළ දේශයට ඔබ ඉශ්රායෙල් ජනතාව ගෙන යන්නෙහි ය. මම ඔබ සමඟ සිටිමි”යි වදාළ සේක.
ඉන්පසු මෝසෙස් ජෝෂුවා කැඳවා මුළු ඉශ්රායෙල් ජනතාව බලා සිටිය දී ඔහුට කතා කොට, “ශක්තිමත් ව ධෛර්ය සම්පන්න ව සිටින්න. සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දෙන්නට දිවුළ දේශයට මේ සෙනඟ සමඟ ඔබ යා යුතු ය. ඔබ ඔවුන්ට එරට උරුම කර දිය යුතු ය.
ඔබට පෙරටුවෙන් යන්නේ සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක. ඔබ අතරමං නොකරන සේක. ඔබ අත් නොහරින සේක. බිය නොවන්න; නොකැළඹෙන්නැ”යි කීවේ ය.
උන් වහන්සේ දයාවන්ත දෙවි කෙනෙකු බැවින්, ඔබ අත් නොහරින සේක; ඔබ නොවනසන සේක; උන් වහන්සේ ඔබේ පියවරුන් හට දිවුරා පොරොන්දු වූ ගිවිසුම අමතක නොකරන සේක.
ලත් පමණින් සතුටු වන්න, වස්තු තණ්හාවෙන් තොර ව ඉන්න. මන්ද, “මම කිසි සේත් නුඹෙන් අහක් ව නොයමි; කිසි අයුරකින් නුඹ අත් නොහරිමි”යි දෙවියන් වහන්සේ ම වදාරා තිබේ.
ශක්තිමත් ව, ධෛර්යවත් ව සිටීමට ද බිය නොවීමට ද නොකැළඹීමට ද මා නුඹට අණ කළා නොවේ ද? මන්ද, නුඹ යන සෑම තැනක ම නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹ සමඟ වැඩසිටින සේක.”
ජෝෂුවා ඔවුන්ට කතා කොට, “බිය නොවී නොකැළඹී සිටින්න; ශක්තිමත් ව ධෛර්යවත් ව සිටින්න; මන්ද, ඔබට විරුද්ධ ව යුද්ධ කරන ඔබේ සියලු සතුරන්ට සමිඳාණන් වහන්සේ මෙසේ කරන සේකැ”යි කීවේ ය.
එහෙත් බියසුල්ලෝ ද අවිශ්වාසිකයෝ ද දුරාචාරීහු ද මිනී මරන්නෝ ද කාමමිථ්‍යාචාරීහු ද අනවින කරන්නෝ ද රූප වඳින්නෝ ද සියලු ආකාර මුසාවාදීහු ද ගින්නෙන් හා ගෙන්දගමින් දැවෙන විලෙහි තමන්ගේ විපාකය ලබන්නෝ ය. එය දෙ වන මරණය”යි මට වදාළ සේක.
සමිඳාණන් වහන්සේ ඔබ තමන් වහන්සේගේ ම සෙනඟ කරගන්නට ප්‍රසන්න ව සිටින බැවින්, තමන්ගේ උදාර නාමය නිසා තමන්ගේ ම සෙනඟ අත් නොහරින සේක.