දෙවි සමිඳාණන් වහන්සේ ඔහු අපට පාවා දුන් සේක. අපි ද ඔහුටත්, ඔහුගේ දරුවන්ටත්, සියලු සෙනඟටත් පහර දුන්නෙමු.
ද්විතීය නීතිය 31:4 - Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ වනසා ලූ අමෝරිවරුන්ගේ රජුන් වන සීහොන්ට සහ ඕග්ට ද ඔවුන්ගේ දේශයට ද කළ ලෙස, උන් වහන්සේ ඔවුන්ටත් කරන සේක. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ වනසා ලූ අමෝරිවරුන්ගේ රජුන් වන සීහොන්ට සහ ඕග්ට ද ඔවුන්ගේ දේශයට ද කළ ලෙස, උන් වහන්සේ ඔවුන්ටත් කරන සේක. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ විනාශකළ අමෝරිවරුන්ගේ රජුන්වූ සීහොන්ට සහ ඕග්ටද ඔවුන්ගේ දේශයටද කළ ලෙස උන්වහන්සේ මොවුන්ටත් කරනසේක. |
දෙවි සමිඳාණන් වහන්සේ ඔහු අපට පාවා දුන් සේක. අපි ද ඔහුටත්, ඔහුගේ දරුවන්ටත්, සියලු සෙනඟටත් පහර දුන්නෙමු.
“එකල මම ජෝෂුවාට කතා කොට, ‘ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අන් රජුන් දෙදෙනාට කළ දේ දෑසින් ම ඔබ දුටුවෙහි ය. ඔබ ආක්‍රමණය කරන සියලු රාජධානිවලට උන් වහන්සේ එලෙස කරන සේක.
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පෙරටුවෙන් එතෙර වී, ඔබට ඉදිරියෙන් සිටින ජාතීන් වනසාලන සේක. ඔබ ඔවුන්ගේ දේශ අයිති කරගන්නහු ය. සමිඳාණන් වහන්සේ වදාළ ප්‍රකාර, ඔබට පෙරටුවෙන් ජෝෂුවා යනු ඇත.
සමිඳාණන් වහන්සේ මොවුන් ඔබට පාවා දුන් කල, මා නියම කළ සියලු අණපණත් අනුව ඔබ ඔවුන්ට කළ යුතු ය.
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පාවා දෙන සියලු සෙනඟ වනසා දැමිය යුතු ය. ඔබ ඔවුන්ට කිසි ම අනුකම්පාවක් නොදැක්විය යුතු ය. ඔවුන්ගේ දෙවිවරුන්ට වැඳුම්පිදුම් නොකළ යුතු ය. එසේ කළොත්, එය ඔබට මලපතක් වනු ඇත.
උන් වහන්සේ ඔබට ඔවුන් පාවා දුන් පසු ඔබ ඔවුන්ට පහර දී සහමුලින් ම ඔවුන් වැනසිය යුතු ය. ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කර නොගත යුතු ය. ඔවුන්ට දයාවක් නොපෙන්විය යුතු ය.
මම නුඹලාට පෙරටුව දෙබරුන් යැවීමි. ඒ දෙබරු අමෝරිවරුන්ගේ රජුන් දෙදෙනා නුඹලා ඉදිරියෙන් පලවාදැමූ හ. එසේ වුණේ, නුඹලාගේ කඩුවෙන් වත්, දුන්නෙන් වත් නොවේ.