ඉශ්රායෙල්වරු ෂිට්ටිම් නම් මිටියාවතෙහි කඳවුරු බැඳගත්හ. ඔව්හු, මෝවබ් කාන්තාවන් සමඟ අනාචාරයේ හැසිරෙන්නට පටන්ගත්හ.
ද්විතීය නීතිය 3:29 - Sinhala New Revised Version “එවිට අපි බෙත්-පෙයොර් නම් නගරය ඉදිරිපිට වූ මිටියාවතෙහි පදිංචි වී සිටියෙමු.” Sinhala New Revised Version 2018 “එවිට අපි බෙත්-පෙයොර් නම් නගරය ඉදිරිපිට වූ මිටියාවතෙහි පදිංචි වී සිටියෙමු.” Sinhala Revised Old Version මෙසේ අපි බෙත්-පෙයෝර් ඉදිරිපිට මිටියාවතේ නැවතී සිටියෙමුව. |
ඉශ්රායෙල්වරු ෂිට්ටිම් නම් මිටියාවතෙහි කඳවුරු බැඳගත්හ. ඔව්හු, මෝවබ් කාන්තාවන් සමඟ අනාචාරයේ හැසිරෙන්නට පටන්ගත්හ.
මෙසේ ඉශ්රායෙල්වරුන් පෙයෝර්හි බාල් නම් දෙවියාට කැප වූ බැවින්, ඔවුන්ට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස ඇවිළිණි.
උන් වහන්සේ බෙත්-පෙයෝර් නම් නගරයට ඉදිරියෙන් වූ මෝවබ් දේශයෙහි තැනිතලාවක ඔහු භූමදාන කළ සේක. කිසිවෙක් අද දක්වා ඔහුගේ සොහොන් පළ නොදනිති.
බාල්-පෙයොර්හි සිද්ධියට අදාළ ව සමිඳාණන් වහන්සේ කළ දේ ඔබේ දෑසින් ම ඔබ දුටුවහු ය. පෙයොර්හී දී බාල් නම් දෙවියා අනුගාමී වූ සියල්ලන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ අතරෙන් වනසා ලූ සේක.
මෝසෙස් සහ ඉශ්රායෙල් ජනයා එකල සිටියේ ඔවුන් හශේබොන්හි පදිංචි ව සිටි අමෝරිවරුන්ගේ රජු වන සීහොන්ගේ දේශයේ, බෙත්-පෙයොර් නම් ස්ථානය ඉදිරිපිට වූ මිටියාවතෙහි, ජොර්දාන් ගඟෙන් මෙගොඩ ය.