පසුව, ඔව්හු පිටත දොර ළඟ සිටි ලොකු කුඩා සියල්ලන්ගේ ඇස් අන්ධ කළෝ ය. එයින් ඔවුන්ට දොර සොයාගැනීමට නොහැකි විය.
ද්විතීය නීතිය 28:29 - Sinhala New Revised Version අන්ධයා අඳුරේ අතපතගාමින් යන්නාක් මෙන් ඔබ ද ඉර මුදුන් වේලාවෙහි අතපතගාමින් යන්නහු ය. ඔබ ගන්න පියවර සාර්ථක නොවන්නේ ය. ඔබ නිතර ම පීඩාවටත්, කොල්ලයටත් පාත්‍ර වන නමුත්, කිසිවෙක් ඔබ ගළවානොගන්නේ ය. Sinhala New Revised Version 2018 අන්ධයා අඳුරේ අතපතගාමින් යන්නාක් මෙන් ඔබ ද ඉර මුදුන් වේලාවෙහි අතපතගාමින් යන්නහු ය. ඔබ ගන්න පියවර සාර්ථක නොවන්නේ ය. ඔබ නිතර ම පීඩාවටත්, කොල්ලයටත් පාත්‍ර වන නමුත්, කිසිවෙක් ඔබ ගළවානොගන්නේ ය. Sinhala Revised Old Version අන්ධයා අඳුරෙහි අතගගා යන්නාක් මෙන් නුඹ ඉර මුදුන් වේලාවෙහි අතගගා යන්නෙහිය, නුඹේ මාර්ගවලදී නුඹ සඵලනොවන්නෙහිය. නුඹ ගළවන්ට කිසිවෙකු නැතුව නුඹ නිරන්තරයෙන් පීඩාවට හා කොල්ලයටම ගොදුරු වන්නෙහිය. |
පසුව, ඔව්හු පිටත දොර ළඟ සිටි ලොකු කුඩා සියල්ලන්ගේ ඇස් අන්ධ කළෝ ය. එයින් ඔවුන්ට දොර සොයාගැනීමට නොහැකි විය.
අපේ පව් නිසා ඔබ අප කෙරෙහි පත් කළ රජුන්ට දේශයේ අස්වැන්න අයිති වන්නට සලසා ඇත. ඔව්හු සිය කැමැත්ත පරිදි අප කෙරෙහි ද අපේ ගවයන් කෙරෙහි ද බලය පවත්වති. අපි මෙබඳු මහා දුකකින් සිටිමු.
ඔව්හු එළියක් නැති දැඩි අඳුරෙහි අතපතගාමින් ඇවිදිති; වෙරි මතින් වැනි වැනි ගමන් කරන බේබද්දන් මෙන් යති.
මහ දවාල ඔවුන්ට තිත්ත කළුවරක් වේ; මද්දහනේ දී රෑ කාලයේ දී මෙන් ඔව්හු අතපත ගාමින් ගමන් කරති.
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “අහස දෙසට අත දිගු කරන්න. එවිට අන්ධකාරයක් - අතගා බලන්න හැකි තරම් ඝනාන්ධකාරයක්, මිසර දේශය වසාගන්නේ ය”යි වදාළ සේක.
අන්ධයන් මෙන් අපි බිත්ති අත පත ගාමින් මඟ සොයමු. ඉර මුදුන් වේලාවේ අපි අඳුරේ මෙන් පැකිළී, ජීවතුන් මැද මළවුන් මෙන් සිටිමු.
මන්ද, “අපි විනාශ වුණෙමු; අප දේශය අත්හැර ගිය නිසා ද ඔවුන් අපේ වාසස්ථාන හෙළාදැමූ නිසා ද අපි නින්දාවට පත් ව සිටිමු” යන ළතෝනිය සියොන් කෙරෙන් ඇසුණේ ය.
ඔව්හු අන්ධයන් මෙන් වීදිවල ඔබමොබ යති. මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වස්ත්‍රවල තැවරෙන්නට බැරි තරමට ඔව්හු ලෙයින් කිළුටු වී සිටිති.
“ඔවුන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ බැවින් අන්ධයන් මෙන් ඇවිදින හැටියට මම ඔවුන් පිට විපත්ති පමුණුවන්නෙමි. ඔවුන්ගේ ලේ ධූලි මෙන් ද මළකඳන් කසළ මෙන් ද විසුරුවනු ලබන්නේ ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
ඔබ ද ඔවුන් හා එකතු වී පවිත්‍ර වීමේ පිළිවෙත පවත්වන්න. ඔවුන්ගේ හිස් මුඩු කිරීම සඳහා යන වියහියදම් ඔබ ම දරන්න. එසේ කළ විට ඔබ ගැන ඔවුනට සැළ වූ කාරණාවලින් එකක් වත් සැබෑ නොවන බවත්, ඔබ ව්‍යවස්ථාවලිය අනුව ජීවත් වන බවත් සියල්ලන් ම දැනගනු ඇත.
සහෝදරයෙනි, ඔබ ඥානවන්තයෝ යයි සිතමින් අහංකාර නොවන පිණිස ඔබ දත යුතු අබිරහසක් ඇතැ යි සිතමි. එනම්, ඉශ්රායෙල් ජනතාව තුළ තරමක සිත් දැඩිකමක් පවතින්නේ විජාතීන් සියලු දෙනා ම ගැළවීම ලබන තුරු පමණකි.
ඔවුන් ඒ අවුරුද්දේ පටන් දසඅට අවුරුද්දක් ජොර්දානෙන් එගොඩ ගිලියද්හි තිබෙන අමෝරිවරුන්ගේ දේශයේ සිටි සියලු ඉශ්රායෙල් ජනයාට පීඩා කොට ඔවුන් මැඬලුවෝ ය.
ඉශ්රායෙල් සෙනඟ නැවතත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පව් කළෝ ය. සමිඳාණන් වහන්සේ ඔවුන් පිලිස්තිවරුන්ගේ අතට සතළිස් අවුරුද්දකට පාවා දුන් සේක.