නුඹ යම් ස්ත්‍රියකගේ නිරුවත අනාවරණය කළ පසු ඇගේ දුවගේ හෝ ඇගේ මිණිබිරියගේ හෝ නිරුවත අනාවරණය නොකළ යුතු ය. ඔවුන් කිට්ටු නෑයන් වන බැවින් එසේ කිරීම දුෂ්ටකමකි.
ද්විතීය නීතිය 27:23 - Sinhala New Revised Version ‘තම නැන්දම්මා සමඟ සයනය කරන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය. Sinhala New Revised Version 2018 ‘තම නැන්දම්මා සමඟ සයනය කරන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය. Sinhala Revised Old Version තමාගේ භාර්යාවගේ මව සමඟ සයනයකරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා. |
නුඹ යම් ස්ත්‍රියකගේ නිරුවත අනාවරණය කළ පසු ඇගේ දුවගේ හෝ ඇගේ මිණිබිරියගේ හෝ නිරුවත අනාවරණය නොකළ යුතු ය. ඔවුන් කිට්ටු නෑයන් වන බැවින් එසේ කිරීම දුෂ්ටකමකි.
යම් මිනිසෙකු භාර්යාවක සහ ඇගේ මව ද සරණ පාවාගතහොත් එය දුෂ්ටකමකි. ඒ තිදෙන ම ගින්නෙන් පුළුස්සා මැරිය යුතු ය. මෙසේ කළොත්, ඔබ අතර මෙබඳු දුෂ්ටකම් නොපවතිනු ඇත.