අහම්බෙන් වත් මාගේ පියා මා අතගා බැලුවහොත්, මා කපටියෙකු මෙන් ඔහුට පෙනෙන්න පුළුවන. එසේ වුණොත් ආශීර්වාදයක් නොව මට ම සාපයක් කරගනු ඇතැ”යි කීවේ ය.
ද්විතීය නීතිය 27:18 - Sinhala New Revised Version ‘අන්ධයා මංමුළා කරවන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය. Sinhala New Revised Version 2018 ‘අන්ධයා මංමුළා කරවන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය. Sinhala Revised Old Version අන්ධයා මංමුළාකරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා. |
අහම්බෙන් වත් මාගේ පියා මා අතගා බැලුවහොත්, මා කපටියෙකු මෙන් ඔහුට පෙනෙන්න පුළුවන. එසේ වුණොත් ආශීර්වාදයක් නොව මට ම සාපයක් කරගනු ඇතැ”යි කීවේ ය.
මම, අන්ධයාට දෙනෙත් මෙන් ද කොරාට දෙපා මෙන් ද දිළිඳාට පියා මෙන් ද වූයෙමි. මම, නොහඳුනන අය වෙනුවෙන් මැදිහත් වූයෙමි.
අවංක අය නපුරු මඟට හරවන්නා තමා කැපූ වළේ ම වැටෙනු නියත ය; එහෙත් සත්පුරුෂයා ආසිරි ලබනු ඇත.
සෙනඟගේ මුරකාරයන් සියල්ලෝ ම අන්ධ ය. කිසිවක් දන්නේ නැති ඔව්හු බුරන්න බැරි ගොළු බල්ලන් වැනි ය. බල්ලන් මෙන් ලැග හිඳිමින් හීන දකිති. නිදාගන්න ඉතා කැමැති ය.
බිහිරි කෙනෙකුට සාප නොකළ යුතු ය. අන්ධ කෙනෙකු යන මඟ හරහා අවහිරයක් නොතැබිය යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට ගරුබිය පෑ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.
පරිසිවරුන්ගෙන් අපට කමක් නැත. ඔව්හු අන්ධයන්ගේ අන්ධ මාර්ගෝපදේශකයෝ ය. අන්ධයෙකු තව අන්ධයෙකුට මඟ පෙන්වන්නට ගියොත්, දෙදෙන ම වළක වැටෙනු ඇතැ”යි වදාළ සේක.
‘විදේශිකයාගේ ද අනාථයාගේ ද වැන්දඹුවන්ගේ ද අයිතිවාසිකම් හෙළා දමන්නාට සාප වේ වා!’ මුළු සෙනඟ ‘ආමෙන්’ කිව යුතු ය.
එහෙත් ඔබට විරුද්ධ ව චෝදනා ස්වල්පයක් මට ඇත. ඔබ අතර බාලාම්ගේ ඉගැන්වීම් පිළිගත් අය සිටිති. බාලාම්, දේවතා රූපවලට පිදූ පිදේනි කෑමටත්, කාමමිථ්‍යාචාරය කිරීමටත්, ඉශ්රායෙල් සෙනඟ පෙළඹවීමට බාලාක්ට ඉගැන්වී ය.