මුළු ඉශ්රායෙල් ජනයා ඔබේ ව්‍යවස්ථාව කඩ කොට ඔබේ බසට කීකරු නොවී ඔබ වෙතින් හැරී ගොස් ඇත. මේ අන්දමින් අප පව් කර ඇති බැවින්, දෙවියන් වහන්සේගේ සේවක මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති සාපය ද දඬුවම ද අප පිට පැමිණ ඇත.
ද්විතීය නීතිය 27:14 - Sinhala New Revised Version ඉන්පසු ලෙවීවරු, මුළු ඉශ්රායෙල් ජනතාව අමතමින්, හඬ නඟා මෙසේ කිව යුතු ය: Sinhala New Revised Version 2018 ඉන්පසු ලෙවීවරු, මුළු ඉශ්රායෙල් ජනතාව අමතමින්, හඬ නඟා මෙසේ කිව යුතු ය: Sinhala Revised Old Version ලෙවීවරුද උත්තරදෙමින් සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ට ශබ්දනගා මෙසේ කියත්වා– |
මුළු ඉශ්රායෙල් ජනයා ඔබේ ව්‍යවස්ථාව කඩ කොට ඔබේ බසට කීකරු නොවී ඔබ වෙතින් හැරී ගොස් ඇත. මේ අන්දමින් අප පව් කර ඇති බැවින්, දෙවියන් වහන්සේගේ සේවක මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති සාපය ද දඬුවම ද අප පිට පැමිණ ඇත.
ඒබාල් කන්ද මත සෙනඟට සාප කරන පිණිස, රූබන් සහ ගාද් ද ආෂෙර් සහ සාබුලොන් ද දාන් සහ නප්තලී ද යන අයගේ ගෝත්‍ර සිටිය යුතු ය.
‘සමිඳාණන් වහන්සේට පිළිකුලක් වන ශිල්පියෙකුගේ හස්ත කර්මාන්තයක් ද වන නෙළූ රූපයක් හෝ වාත්තු පිළිමයක් හෝ සාදා එය රහසින් තබාගන්න මිනිසාට සාප වේ වා!’ මුළු සෙනඟ පිළිතුරු දෙමින්, ‘ආමෙන්’ කිව යුතු ය.
සියලු ඉශ්රායෙල්වරු ද ඔවුන්ගේ ප්‍රජා මූලිකයෝ ද නිලධාරීහු ද විනිශ්චයකාරයෝ ද ස්වදේශිකයෝ ද එසේ ම විදේශිකයෝ ද සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉසුලූ ලෙවී පූජකවරුන් ඉදිරියෙහි ගිවිසුම් කරඬුව දෙපසෙහි සිටියෝ ය. ඔවුන්ගෙන් දෙකෙන් කොටසක් ගෙරසීම් කන්ද ඉදිරිපිට ද සෙසු දෙකෙන් කොටස ඒබාල් කන්ද ඉදිරියෙහි ද සිටියෝ ය. මෙසේ කෙළේ, පළමු කොට ඉශ්රායෙල් සෙනඟට ආශීර්වාද කළ යුතු ය කියා සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස් අණ කළ පරිදි ය.
ඉන්පසු ව්‍යවස්ථා පොතේ ලියා තිබෙන පරිදි ආශීර්වාදයත්, සාපයත් යන ව්‍යවස්ථාවේ සියලු වචන ඔහු කියෙව්වේ ය.