ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 21:20 - Sinhala New Revised Version

මෙසේ ගෙනැවිත්, ඔවුන් නගර ප්‍රජා මූලිකයන්ට කතා කොට, ‘මොහු හිතුවක්කාර, කැරලිකාර දරුවෙකි. මොහු අපට කීකරු වන්නේ නැත. මොහු බේබද්දෙකි, නාස්තිකාරයෙකි’යි කිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මෙසේ ගෙනැවිත්, ඔවුන් නගර ප්‍රජා මූලිකයන්ට කතා කොට, ‘මොහු හිතුවක්කාර, කැරලිකාර දරුවෙකි. මොහු අපට කීකරු වන්නේ නැත. මොහු බේබද්දෙකි, නාස්තිකාරයෙකි’යි කිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මේ අපේ පුත්‍රයා මුරණ්ඩුය, කැරළිකාරය, ඔහු අපට කීකරු නොවී නාස්තිකාරයෙක් ව බේබද්දෙක්ව සිටීයයි ඔහුගේ නුවර වැඩිමහල්ලන්ට කියත්වා.

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 21:20
8 හුවමාරු යොමු  

ඔව්හු අබ්සලොම් රැගෙන වනයේ තිබුණ මහ වළක හෙළා ඔහු පිට ඉතා මහත් ගල් ගොඩක් නැඟුවෝ ය. සියලු ඉශ්රායෙල්වරු ද තම තමන්ගේ කූඩාරම්වලට පලාගියෝ ය.


පියාට ගරහන, මව ගෙදරින් පිටමං කරන පුතා, හිරිඔතප් නැති, නින්දිත කෙනෙකි.


මද්‍යපානය කේලාම්කරුවෙකි; සුරාපානය කලහකරුවෙකි; බීමත්කමින් මුළාවෙන්නා මෝඩයෙකි.


පුතු හික්මවන්න; එවිට ඔබේ සිතට සහනය ද ප්‍රීතිය ද ලැබෙයි.


ඔවුන් ඔහු අල්ලාගෙන වාසල් දොරකඩ සිටින තම නගරයේ ප්‍රජා මූලිකයන් වෙත ඔහු ගෙනා යුතු ය.


එවිට නගරයේ සියලු ම මිනිස්සු ඔහුට ගල් ගසා මරණයට පත් කරන්නෝ ය. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ. මුළු ඉශ්රායෙල් ජනතාව මෙය ගැන ඇසූ විට බිය වනු ඇත.”