එවැන්නෙකු නිදහස් කර හරින විට, හිස් අතින් යන්නට ඉඩ නොදෙන්න.
ඔහු නුඹ වෙතින් නිදහස්කර හරින කල්හි ඔහු හිස් අතින් නෑර,
මාගේ පියාගේ දෙවියන් වහන්සේ ද ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක් භය භක්තිය වූ දෙවියන් වහන්සේ ද මා සමඟ නොසිටි සේක් නම්, ඔබ දැන් මා හිස් අතින් පිටත් කර හරිනවා සිකුරුයි. එහෙත්, දෙවියන් වහන්සේ මාගේ දුක් පීඩාවත්, මාගේ අත්වල ශ්‍රමයත් දැක ඊයේ රෑ ඔබට තරවටු කළ සේකැ”යි කීවේ ය.
තවද, මම මිසර දේශ වාසීන් ඉදිරියෙහි මේ සෙනඟට අනුග්‍රහය පාන්නෙමි. එබැවින් නුඹලා පිටත් වී යන විට හිස් අතින් නොයන්නහු ය.
“අසාධාරණ ලෙස තමාගේ නිවෙස තනාගන්නා වූ වංචාවෙන් උඩුමහල සාදාගන්නා වූ කුලී නොදී මිනිසුන්ගෙන් නිකමට වැඩ ගන්නා වූ මිනිසාට වන විපතක මහත!
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම විනිශ්චය පිණිස නුඹලා ළඟට අවුත්, මන්ත්‍රකාරයන්ට ද කාමමිථ්‍යාචාරිකයන්ට ද බොරු සාක්ෂි දෙන්නන්ට ද කුලීකරුවන්ට පීඩා කරන්නන්ට ද වැන්දඹුවන්ට, අනාථයන්ට හා විදේශිකයන්ට අයුතු දේ කරන්නන්ට ද මට ගරුබිය නොදක්වන්නන්ට ද විරුද්ධ ව විගසින් සාක්ෂි දෙන්නෙමි.”
“ඔබේ සහෝදර හෙබ්‍රෙව් මිනිසෙකු හෝ හෙබ්‍රෙව් ස්ත්‍රියක හෝ ඔබට විකුණනු ලැබ, එවැන්නෙකු සාවුරුද්දක් ඔබට සේවය කළ පසු හත් වන අවුරුද්දේ දී ඔහුට නිදහස ලබා යන්නට ඉඩ දිය යුතු ය.
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ශුභසිද්ධිය සලසා දුන් පරිදි ඔබේ එළු බැටළුවන්ගෙන් ද කමතින් ද මිදි පැසෙන් ද නොමසුරු ලෙස එවැන්නෙකුට දිය යුතු ය.
ස්වාමිවරුනි, ස්වර්ගයෙහි ඔබටත් ස්වාමිවරයෙකු සිටින බව සිතට ගෙන, ඔබේ දාසයන්ට යුතු ලෙස හා සාධාරණ ලෙස සලකන්න.