ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 1:43 - Sinhala New Revised Version

මම ද ඔබට එය සැළ කෙළෙමි. එහෙත්, ඔබ ඊට කන් නොදී සමිඳාණන් වහන්සේගේ අණට විරුද්ධ ව කැරලි ගසමින් හිතුවක්කාරකමින් කඳුකරයට ගමන් කළහු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මම ද ඔබට එය සැළ කෙළෙමි. එහෙත්, ඔබ ඊට කන් නොදී සමිඳාණන් වහන්සේගේ අණට විරුද්ධ ව කැරලි ගසමින් හිතුවක්කාරකමින් කඳුකරයට ගමන් කළහු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මම නුඹලාට එසේ කීමි, එහෙත් නුඹලා නොඅසා ස්වාමීන්වහන්සේගේ අණට විරුද්ධව කැරළිගසා හිතුවක්කාරකමින් කන්දට නැගී ගියහුය.

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 1:43
8 හුවමාරු යොමු  

එහෙත්, ඔව්හු කැරලි ගසා, උන් වහන්සේගේ ශුද්ධාත්මයට දුක් දුන්නෝ ය. ඒ නිසා, එතුමාණෝ ඔවුන්ට සතුරු වී ඔවුන්ට විරුද්ධ ව සටන් කළ සේක.


ඔව්හු පසු දින අලුයම නැඟිට, කඳුකර ප්‍රදේශයට යන්නට සූදානම් වෙමින්, “මෙන්න, දැන් අපි සමිඳාණන් වහන්සේ අපට පොරොන්දු වූ ස්ථානයට නැඟී යමු. අපි පව් කෙළෙමු”යි කී හ.


එහෙත්, ඔව්හු හිතුවක්කාරකමින් නැඟී කඳුකර ප්‍රදේශයේ මුදුනට ගියහ. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව වත් මෝසෙස් වත් කඳවුරෙන් නික්ම නොගියේ ය.


‘ස්වදේශිකයෙක් හෝ විදේශිකයෙක් හෝ දැන දැන නීතිය කඩ කරයි නම්, එවැන්නෙකු සමිඳාණන් වහන්සේට විරුද්ධ ව දුෂ්ට අපරාධයක් කරන බැවින් ඔහු සිය සෙනඟ අතරෙන් නෙරපාදමනු ලැබේ.


“හිතුවක්කාර, මිසදිටු සිත් හා බිහිරි කන් ඇත්තෙනි, ඔබගේ පියවරුන් මෙන් ඔබත් නිතර ම ශුද්ධාත්මයාණන්ට එරෙහි ව සිටින්නහු ය.


“එහෙත් ඔබ, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණට විරුද්ධ ව කැරලි ගසමින් එහි යාමට කැමැත්ත නොදැක්වූ හ.


දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සේවා කරන පූජක තැනට වත් විනිසකරුට වත් කීකරු නොවී හිතුවක්කාර ලෙස හැසිරෙන්නා මරනු ලැබිය යුතු ය. මේ අයුරින් ඉශ්රායෙල් ජනයා අතරෙන් දුෂ්ටකම පහකළ යුතු වේ.