ද්විතීය නීතිය 1:38 - Sinhala New Revised Version එහෙත් ඔබ සමඟ සිටින නූන්ගේ පුත් ජෝෂුවා එහි ඇතුළුවන්නේ ය; ඔහු දිරි ගන්වන්න; ඉශ්රායෙල්වරුන්ට එම දේශය උරුම කරගන්නට ඔහු සලසනු ඇතැ’යි වදාළ සේක. Sinhala New Revised Version 2018 එහෙත් ඔබ සමඟ සිටින නූන්ගේ පුත් ජෝෂුවා එහි ඇතුළුවන්නේ ය; ඔහු දිරි ගන්වන්න; ඉශ්රායෙල්වරුන්ට එම දේශය උරුම කරගන්නට ඔහු සලසනු ඇතැ’යි වදාළ සේක. Sinhala Revised Old Version නුඹ ඉදිරිපිට සිටින නූන්ගේ පුත්‍රවූ යෝෂුවා එහි ඇතුල්වන්නේය. ඔහු ශක්තිමත්කරන්න; මක්නිසාද ඒක ඉශ්‍රායෙල්වරුන්ට උරුමකරදෙන්ට සිටින්නේ ඔහුය. |
යමෙකු තම මිතුරා හා සමඟ කතා කරනු මෙන් සමිඳාණන් වහන්සේ මෝසෙස් සමඟ මුහුණට මුහුණ ලා කතා කළ සේක. ඉන්පසු ඔහු කඳවුරට එන්නට ආපසු හැරුණ නමුත් ඔහුගේ තරුණ සේවක නූන්ගේ පුත්, ජෝෂුවා සම්මුඛ මණ්ඩපයෙන් නික්ම නොගියේ ය.
තම කටයුතු ගැන දස්කම් පාන මනුෂ්‍යයෙක් සිටී නම්, ඔහු පොදු ජනයා අතර නොව රජුන් අබියස වැජඹෙනු ඇත.
මම, අප ළඟට එන බබිලෝනිවරුන් ඉදිරිපිට ඔබ වෙනුවෙන් පෙනී සිටින්නට මිශ්පාහි වාසය කරමි. ඔබ මුද්‍රික පානය ද ඉදුණු පල ද තෙල් ද එකතු කොට ඔබේ භාජනවල තබා ඔබ ලබාගත් නගරවල වාසය කරන්නැ”යි කීවේ ය.
ඉහත දැක්වූයේ මෝසෙස් කානාන් රටට යැවූ චරපුරුෂයන්ගේ නාමාවලිය යි. තවද, ඔහු නූන්ගේ පුත් හෝෂෙයාගේ නම වෙනස් කොට ඔහුට ජෝෂුවා යි යන නම තැබී ය.
ජෙපුන්නේගේ පුත් කාලෙබ් හා නූන්ගේ පුත් ජෝෂුවා හැර, අන් කිසිවෙකු මා ඔබ හැම පදිංචි කරවීමට පොරොන්දු දුන් රටට කිසි සේත් ඇතුළු නොවනු ඇත.
එහෙත්, රට ගැන ඔත්තු බැලූ චරපුරුෂයන් අතර නූන්ගේ පුත් ජෝෂුවා සහ ජෙපුන්නේගේ පුත් කාලෙබ් පමණක් නොමැරී ඉතිරි වූ හ.
ඔවුන් පාළුකරයේ ම මියයන බව සමිඳාණන් වහන්සේ කියා තිබිණි. මෙලෙස ජෙපුන්නේගේ පුත් කාලෙබ් ද, නූන්ගේ පුත් ජෝෂුවා ද හැර ඔවුන්ගෙන් කිසිවෙක් ඔවුන් අතර ඉතුරු නො වූ හ.
“නුඹලා අතර දේශය බෙදා දීම ගැන වගකිවයුතු අය නම්, පූජක එලෙයාසර් සහ නූන්ගේ පුත් ජෝෂුවා ය.
ජෝෂුවාට වගකීම පවරා ඔහු ධෛර්යවත් කර ශක්ති සම්පන්න කරන්න. ඔහු මේ සෙනඟට පෙරටුවෙන් ගොස්, ඔබ දකින දේශය ඔවුන්ට උරුම කරගැනීමට සලසනු ඇතැ’යි වදාළ සේක.
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “බලන්න, නුඹ මැරෙන කාලය දැන් ආසන්න ය. ජෝෂුවා කැඳවා, මා ඔහුට වගකීම භාර දෙන පිණිස නුඹලා දෙදෙන සම්මුඛ මණ්ඩපයෙහි පෙනී සිටින්නැ”යි වදාළ සේක. මෝසෙස් සහ ජෝෂුවා ගොස් සම්මුඛ මණ්ඩපයෙහි පෙනී සිටියෝ ය.
සමිඳාණන් වහන්සේ නූන්ගේ පුත් ජෝෂුවාට කතා කරමින්, “ශක්තිමත් ව, ධෛර්ය සම්පන්න වන්න. මා ඔවුන්ට දිවුළ දේශයට ඔබ ඉශ්රායෙල් ජනතාව ගෙන යන්නෙහි ය. මම ඔබ සමඟ සිටිමි”යි වදාළ සේක.
සමිඳාණන් වහන්සේගේ සේවක වූ මෝසෙස්ගේ මරණයෙන් පසු, ඔහුගේ සහකාර වූ නූන්ගේ පුත් ජෝෂුවාට උන් වහන්සේ කතා කොට, මෙසේ වදාළ සේක:
මෙසේ සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාළ සියල්ල ලෙස ජෝෂුවා මුළු දේශය අල්ලාගෙන, ඉශ්රායෙල්වරුන්ගේ ගෝත්‍ර අනුව එය කොටස්වලට බෙදා, ඔවුන්ට උරුම කොට දුන්නේ ය. ඉන්පසු යුද්ධයෙන් තොර ව සාමය ඇති විය.
සාවුල් ජෙස්සේට පණිවුඩයක් යවමින්, “දාවිත් මට ප්‍රිය මනාප නිසා ඔහු මා සමඟ සිටියාවේ”යි කියා ඇරියේ ය.