Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 31:14 - Sinhala New Revised Version

14 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “බලන්න, නුඹ මැරෙන කාලය දැන් ආසන්න ය. ජෝෂුවා කැඳවා, මා ඔහුට වගකීම භාර දෙන පිණිස නුඹලා දෙදෙන සම්මුඛ මණ්ඩපයෙහි පෙනී සිටින්නැ”යි වදාළ සේක. මෝසෙස් සහ ජෝෂුවා ගොස් සම්මුඛ මණ්ඩපයෙහි පෙනී සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “බලන්න, නුඹ මැරෙන කාලය දැන් ආසන්න ය. ජෝෂුවා කැඳවා, මා ඔහුට වගකීම භාර දෙන පිණිස නුඹලා දෙදෙන සම්මුඛ මණ්ඩපයෙහි පෙනී සිටින්නැ”යි වදාළ සේක. මෝසෙස් සහ ජෝෂුවා ගොස් සම්මුඛ මණ්ඩපයෙහි පෙනී සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: බලව, නුඹ මැරෙන කාලය ආසන්නය. නුඹ යෝෂුවා කැඳවාගන විත් මා විසින් ඔහුට අණකරන පිණිස සම්මුඛවීමේ කූඩාරමෙහි සිටින්නැයි කීසේක. එවිට මෝසෙස් හා යෝෂුවා ගොස් සම්මුඛවීමේ කූඩාරමෙහි සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 31:14
29 හුවමාරු යොමු  

නුඹ එය නැරඹුව පසු නුඹේ සොහොයුරා වූ ආරොන් මේ දිවියෙන් පසු සිය ජනතාව හා එක්වූවා සේ නුඹ ද මේ දිවියෙන් පසු නුඹේ ජනතාව සමඟ එක් වනු ඇත.


සමිඳාණන් වහන්සේ නූන්ගේ පුත් ජෝෂුවාට කතා කරමින්, “ශක්තිමත් ව, ධෛර්ය සම්පන්න වන්න. මා ඔවුන්ට දිවුළ දේශයට ඔබ ඉශ්රායෙල් ජනතාව ගෙන යන්නෙහි ය. මම ඔබ සමඟ සිටිමි”යි වදාළ සේක.


ඔබ නොවැටෙන ලෙස ආරක්ෂා කිරීමටත්, උන් වහන්සේගේ තේජස ඉදිරියෙහි ඔබ කැළැල් රහිත ව ද, ඉමහත් ප්‍රීතියෙන් ද පිළිගැන්වීමටත් හැකි,


සහෝදරයෙනි, දෙවියන් වහන්සේ ඉමහත් දයාවක් පෙන් වූ බැවින්, ඔබගේ ශරීර දෙවියන් වහන්සේට කැප කළ, උන් වහන්සේට ප්‍රසන්න වූ ජීවමාන යාගයක් කොට ඔප්පු කරන මෙන් ඔබගෙන් උදක් ම ඉල්ලමි. සැබෑ බුද්ධිමය නමස්කාරය එය වේ.


ඒ කාලයේ දී හෙසකියා රජු මරණාසන්න වන තරම් රෝගාතුර විය. ආමොස්ගේ පුත්‍ර වූ යෙසායා දිවැසිවරයා ඔහු ළඟට අවුත්, “ඔබ සනීප නොවී මැරෙන බැවින් සියලු දේ පිළියෙළ කොට තැබිය යුතු යයි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කීවේ ය.


මන්ද, ජීවත් ව සිටින අය තමන් මියයා යුතු බව දනිති; මියගිය අය කිසිවක් නොදනිති; ඔවුන්ට තවත් කිසි විපාකයක් නැත. ඔවුන් සහමුලින් ම මතකයෙන් ඉවත් ව යනු ඇත.


නැවත සගලොව රාජ සභාවෙහි ඇමති මණ්ඩලය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි රැස් වූ විට සාතන් ද ඔවුන් අතර විය.


තවද, එක් දිනෙක සගලොව රාජ සභාවෙහි ඇමති මණ්ඩලය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි රැස් වූ අවස්ථාවේ දී විරෝධකාරී සාතන් ද ඔවුන් අතර විය.


එබැවින්, නුඹ නැඟී සිටින ඇඳෙන් නොබැස සැබැවින් ම මැරෙන්නෙහි ය’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක කියා ඔවුන්ට දන්වන්නැ”යි කී ය. එලියා පිටත් ව ගියේ ය.


එහෙත්, නුඹලාගේ සියලු විපත්තිවලින් ද පීඩාවලින් ද නුඹලා ගැළෙවු නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා නුඹලා අද එපා කර, නුඹලාට රජ කෙනෙකු පත් කරන ලෙස මාගෙන් ඉල්ලන්නහු ය. එබැවින් දැන් නුඹලා ගෝත්‍ර වශයෙන් ද පවුල් වශයෙන් ද ස්වාමීන් වන මා ඉදිරියේ රැස් වන්න.’ “


ඉන්පසු ජෝෂුවා සියලු ඉශ්රායෙල් ගෝත්‍රයන් ෂෙකෙම්ට රැස් කරවා, ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් ද ප්‍රධානීන් ද විනිශ්චයකාරයන් ද නිලධාරීන් ද කැඳවී ය. ඔව්හු දෙවියන් වහන්සේ ඉදිරියෙහි පෙනී සිටියෝ ය.


“බලන්න, දැන් මුළු ලොවේ හැම මිනිසෙකුට ම සිදු වන්නට යන දේ මටත් සිදු වනු ඇත. ඔබ හැමගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ සියලු යහපත් දේවලින් එක දෙයක් වත් අතපසු නුවූ බව ඔබේ මුළු හෘදයෙන් ද ආත්මයෙන් ද දන්නහු ය. එක පොරොන්දුවක් වත් නොකැඩී සියල්ල ම ඔබට ඉෂ්ට වුණේ ය.


මෙසේ සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස්, උන් වහන්සේ වදාළ පරිදි මෝවබ් දේශයේ දී මියගියේ ය.


නුඹේ සොහොයුරු ආරොන් හෝර් කන්දේ දී මරණයට පත් වී, පවුලේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබුවාක් මෙන්, නුඹ ද නඟින්නට යන කන්දේ දී මරණයට පත් වී පවුලේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබිය යුතු ය.


ඔහු ඔවුන් අමතමින් මෙසේ පැවසී ය: “මට අද වයස අවුරුදු එකසිය විස්සකි. මට තවත් රිසි පරිදි යන්න එන්න බැරි ය. ‘ඔබ ජොර්දාන් ගඟෙන් එතෙර නොවනු ඇතැ’යි සමිඳාණන් වහන්සේ ද මට වදාළ සේක.


හෙට අලුයම් වේලෙහි සූදානම් ව, සීනයි කන්දට නැඟ, කන්ද මුදුනෙහි මා ඉදිරියෙහි පෙනී සිටින්න.


ඉශ්රායෙල් නසින කාලය ආසන්න වූ විට ඔහු තම පුත් ජෝසෙප් කැඳවා ඔහුට කතා කොට, “දැන් ඉතින් ඔබ මට ප්‍රසාදය දක්වන්නෙහි නම්, කරුණාකර, මාගේ කලවය යට ඔබේ අත තබා, මා වෙත පක්ෂපාතකම හා හොඳ හිත දක්වමින්, මා මිසර දේශයෙහි භූමදාන නොකරන බවට පොරොන්දු වන්න.


මෝසෙස් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වූ විට ම වලා ටැඹ බැස, එහි දොරටුව ළඟ සිටගති. සමිඳාණන් වහන්සේ මෝසෙස් සමඟ කතා කළ සේක.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹ මේ අබාරීම් කන්දට නැඟ මා ඉශ්රායෙල් ජනයාට දුන් දේශය නරඹන්න.


මට ජොර්දාන් ගඟෙන් එතෙර වන්නට ඉඩ නොලැබෙන්නේ ය, මෙරට මැරෙන්නට මට සිදු වේ. එහෙත්, ඔබ නම් ගඟෙන් එතෙර වී ඒ සරුසාර රට අයිති කරගන්නහු ය.


එවිට ඔබ ජොර්දාන් ගඟෙන් එතෙර වී අයිති කරගන්නට යන දේශයෙහි ඔබට දිවි ඇති තාක්, ඔබෙන් පැවත එන කිසිවක් නොදත් අය එය අසා, දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමට ඉගෙන ගන්නෝ ය”යි කී ය.


තවදුරටත් ඔහු කතා කරමින්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා මෙසේ කී ය: “ඔහු මැරෙන්නට නියම දවස පැමිණි විට හෝ ඔහු යුද්ධයට ගොස් නසින විට හෝ සමිඳාණන් වහන්සේ ම ඔහුට පහර දෙන සේක;


දාවිත් රජතුමා නසින කාලය ආසන්න විය. ඔහු ස්වකීය පුත් සලමොන්ට මෙසේ අණ කෙළේ ය.


යමෙකු තම මිතුරා හා සමඟ කතා කරනු මෙන් සමිඳාණන් වහන්සේ මෝසෙස් සමඟ මුහුණට මුහුණ ලා කතා කළ සේක. ඉන්පසු ඔහු කඳවුරට එන්නට ආපසු හැරුණ නමුත් ඔහුගේ තරුණ සේවක නූන්ගේ පුත්, ජෝෂුවා සම්මුඛ මණ්ඩපයෙන් නික්ම නොගියේ ය.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට මෙසේ වදාළ සේක: “නූන්ගේ පුත්‍ර වූ, දක්ෂ කෙනෙකු වන ජෝෂුවා කැඳවා, ඔහු මත නුඹේ අත් තබන්න.


ඒ කාලයේ දී හෙසකියා රෝගී ව මරණාසන්න විය. ආමොස්ගේ පුත් යෙසායා දිවැසිවරයා ඔහු ළඟට අවුත්, “නුඹේ කටයුතු පිළියෙළ කර තබන්න. මන්ද, නුඹ මැරෙන්නෙහි ය. ජීවත් නොවන්නෙහි ය කියා සමිඳාණන් වහන්සේ කියන සේකැ”යි ඔහුට කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්