සතර වන දා ඔව්හු බෙරාකා මිටියාවතේ රැස් වුණෝ ය. ඔවුන් එහි දී සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කළ බැවින් අද දක්වා තිබෙන පරිදි ඒ ස්ථානයට බෙරාකා මිටියාවත යයි කියන ලද්දේ ය.
ජොයෙල් 3:2 - Sinhala New Revised Version මම සියලු ජාතීන් එක්රැස් කර, විනිසුම් යන අරුත් ඇති ජෙහෝෂාපාට් නම් මිටියාවතට පමුණුවා, මාගේ උරුමය වන ඉශ්රායෙල් සෙනඟට කර ඇති සියලු දේ ගැන ඔවුන් විනිශ්චය කරමි. මන්ද, ඔවුන් ඉශ්රායෙල්වරුන් විදේශවල විසුරුවා හැර, මාගේ දේශය ඔවුන් අතර බෙදාගත් බැවිනි. Sinhala New Revised Version 2018 මම සියලු ජාතීන් එක්රැස් කර, විනිසුම් යන අරුත් ඇති ජෙහෝෂාපාට් නම් මිටියාවතට පමුණුවා, මාගේ උරුමය වන ඉශ්රායෙල් සෙනඟට කර ඇති සියලු දේ ගැන ඔවුන් විනිශ්චය කරමි. මන්ද, ඔවුන් ඉශ්රායෙල්වරුන් විදේශවල විසුරුවා හැර, මාගේ දේශය ඔවුන් අතර බෙදාගත් බැවිනි. Sinhala Revised Old Version මම සියලු ජාතීන් රැස්කොට, යෙහෝෂාපාත් මිටියාවතට පමුණුවා, එහි මාගේ සෙනඟද මාගේ උරුමයවූ ඉශ්‍රායෙල්ද ගැන ඔවුන් සමඟ විනිශ්චයට පැමිණෙන්නෙමි. මක්නිසාද ඔව්හු මොවුන් ජාතීන් අතරට විසුරුවා, මාගේ දේශය බෙදාගත්තෝය. |
සතර වන දා ඔව්හු බෙරාකා මිටියාවතේ රැස් වුණෝ ය. ඔවුන් එහි දී සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කළ බැවින් අද දක්වා තිබෙන පරිදි ඒ ස්ථානයට බෙරාකා මිටියාවත යයි කියන ලද්දේ ය.
එසේ ය, එතුමාණෝ පොළෝ වැසි සියලු දෙන ගින්නෙන් ද කඩුවෙන් ද විනිශ්චය කරන සේක. මරණු ලබන්නෝ බොහෝ වෙති.
ඔවුන්ගේ ක්‍රියා හා සිතුවිලි මම දනිමි. විවිධ භාෂා කතා කරන සියලු ජාතීන් එක් රැස් කිරීමට මම පැමිණෙන්නෙමි. ඔවුන් රැස් වූ කල මාගේ තේජාලංකාරය කුමක් දැ යි ඔවුන්ට පෙනෙනු ඇත.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මාගේ සෙනඟ වන ඉශ්රායෙල්ට මා හිමි කර දුන් දේශය නැතිනාස්ති කළ සියලු ම නපුරු අසල්වැසියන්ට විරුද්ධ ව මට කරුණක් කියන්න ඇත. මම ඔවුන්ගේ දේශයෙන් ඔවුන් උදුරාදමන්නෙමි. ඔවුන්ගේ අතින් ජුදා දේශය බේරාගන්නෙමි.
මහා ශබ්දයක් පොළොවේ සීමාන්තයන් දක්වා පැමිණෙන්නේ ය; උන් වහන්සේ ජාතීන්ට විරුද්ධ ව පැමිණිල්ලක් කර ඇත. ජීවත් ව සිටින සියල්ලන් උන් වහන්සේ විනිශ්චයයට පමුණුවන සේක. දුෂ්ටයන් මරණයට පාවා දෙන සේක. මෙසේ පවසන්නේ, ස්වාමීන් වන මම ය.’
අම්මොන්වරුන් ගැන සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් දේශයේ වැසියෝ නැද් ද? එයට උරුමක්කාරයෝ නැද් ද? ඇත්නම්, මල්කාම් දෙවියාට නමස්කාර කරමින් සෙනඟ ගාද් රට හිමි කරගෙන නගරවල වාසය කරන්නේ මන් ද?
“ඉශ්රායෙල් වනාහි සිංහයන් විසින් ලුහුබඳිනු ලැබ පන්නාදමනු ලැබූ බැටළුවන් වැනි ය. පළමුකොට අසිරියාවේ රජ ඉශ්රායෙල් ගොදුරට ගත්තේ ය. අවසානයේ දී බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් ඉශ්රායෙල්ගේ ඇටකටු පොඩිකරදැම්මේ ය.
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “ජුදා දේශය සෙසු සියලු ජාතීන් හා සමාන යයි මෝවබ් සහ සේයිර් ද කියන නිසා,
මාගේ බැටළුවෝ සියලු කඳුවල ද උස් වූ සියලු හෙල් පිට ද මුළා ව ගියහ. එසේ ය, මුළු පොළෝ තලයෙහි මාගේ බැටළුවෝ විසිරී ගියහ. උන් සොයන්න හෝ බලන්න හෝ කිසිවෙක් නොවූ හ.
“සමිඳාණන් වහන්සේ මෙහි සිටියදීත් නුඹලා, මේ ජාති දෙක ද රටවල් දෙක ද මට අයිති වන්නේ ය කියාත්, අපි එය හිමි කර ගන්නෙමු කියාත් කී බැවින්,
“තවද, මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඉශ්රායෙල් කඳුවලට දිවැස් වැකි කියමින් මෙසේ කියන්න: සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න.
“එබැවින් දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ දේශය කොල්ලයක් කොට උදුරාගන්න පිණිස සිතේ මහා සතුටකින් ද ඉමහත් අහංකාරයකින් ද මාගේ දේශය තමන්ට උරුමයක් කොට නියම කරගත් ඉතිරි ව සිටින ජාතීන්ටත්, විශේෂයෙන් මුළු ඒදොම් රටටත් විරුද්ධ ව සැබෑවට ම මාගේ කෝපාග්නියෙන් මම දිවුරා කියමි.
මම වසංගතයෙන් ද ලේ වැගිරීමෙන් ද ඔහුට දඬුවම් කරන්නෙමි. ඔහු සහ ඔහුගේ හමුදාවන් ද ඔහු සමඟ සිටින බොහෝ ජාතීන් ද පිට මොරසූරන වැහි ද මහා ගල් වර්ෂාවක් ද ගිනි ද ගෙන්දගම් ද වස්වන්නෙමි.
“තවද, ඒ කාලයේ දී මම මිනී වැළලීමට ඉශ්රායෙල් දේශයෙන් ඉඩමක් ගොග්ට දෙන්නෙමි. එය මුහුදට නැගෙනහිරෙන් තිබෙන සංචාරකයන්ගේ මිටියාවත ය. එය එහි ගමන් කරන්නන් වළක්වනු ඇත. එහි ගොග් සහ ඔහුගේ මුළු සමූහය වළලනු ලැබ, ඊට ගොග්සමූහ-මිටියාවත යන අරුත ඇති හාමොන්ගොග් යයි නම් තබනු ලැබේ.
“ජාතීහු සැරසී ජෙහෝෂාපාට් මිටියාවතට නැඟිට එත් වා! මන්ද, අවටින් සිටින සකල ජාතීන් විනිශ්චය කිරීමට මම එහි අසුන් ගන්නෙමි.
කෝටි සංබ්‍යාත මහා ජනකායක් තීන්දු දීමේ මිටියාවතේ රැස් වී සිටිති. තීන්දු දීමේ මිටියාවතෙහි සමිඳුන්ගේ දවස ළං ව ඇත.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒදොම්හි වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් නිර්දය ලෙස ඔවුන්ගේ සහෝදරයන් වන ඉශ්රායෙල්වරුන්ට කඩුවෙන් පහර දුන් නිසා, මම සත්තකින් ම ඔවුන්ට දඬුවම් දෙමි. ඔවුන්ගේ ක්‍රෝධය දිළිහි දිළිහී ද උදහස පැසව පැසවා ද පැවතිණි.
එහෙත් සමිඳාණන් වහන්සේගේ අදහස කුමක් දැ යි ඔව්හු නොදනිති. ගොයම් රැස් කරගෙන මඩින්නාක් මෙන් ඔවුන්ට දඬුවම් කරන්න උන් වහන්සේ ඔවුන් රැස් කර ඇති බව ඔව්හු නොදනිති.
“එබැවින් ජාතීන්ට විරුද්ධ ව මා නැඟී චෝදනා කරන දවස වන තෙක් සිටින්න. මාගේ උදහසේ වේගය ඔවුන්ට දැනෙන පිණිස ජාතීන් ද රට රාජ්‍යයන් ද එක්රැස් කිරීමට මා තීරණය කර ඇත. මන්ද, මාගේ කෝපාග්නියෙන් මුළු පොළොව දැවී යන්නේ ය.
මනුෂ්‍ය ජාතීහු කෝපාවිෂ්ට වූ හ. ඔබගේ උදහස ද මළවුන් විනිශ්චය කිරීමේ කාලය ද දැන් පැමිණ තිබේ. ඔබගේ සේවක දිවැසිවරයන්ට හා සැදැහැවතුන්ට ද ඔබගේ නාමයට භය වන ලොකු කුඩා සියල්ලන්ට ද විපාක දීමටත් පොළොව වනසන්නන් වැනසීමටත් කාලය පැමිණ තිබේ.”
ඔව්හු හාස්කම් කරන දුෂ්ටාත්මයෝ ය. ඔව්හු සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ මහා දවසේ යුද්ධයට මුළු ලෝකයේ රජවරුන් රැස් කරන පිණිස ඔවුන් වෙත යන්නාහ.
ඔවුන් සැදැහැවතුන්ගේ ද දිවැසිවරයන්ගේ ද ලේ වැගිරෙව් බැවින්, ඔබ ඔවුන්ට ලේ බොන්නට දුන් සේක. ඔවුන්ට ලැබිය යුතු විපාකය මේ ය”යි කියනු මට ඇසිණි.
පොළොවේ සතර දිශාවේ සිටින ගොග් සහ මාගොග් යන ජාතීන් මුළා කරනු පිණිස ද ඔවුන් යුද්ධයට රැස් කරනු පිණිස ද නික්ම එන්නේ ය. ඒ ජාතීන්ගේ ගණන මුහුදේ වැලි මෙන් ය.