Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 38:22 - Sinhala New Revised Version

22 මම වසංගතයෙන් ද ලේ වැගිරීමෙන් ද ඔහුට දඬුවම් කරන්නෙමි. ඔහු සහ ඔහුගේ හමුදාවන් ද ඔහු සමඟ සිටින බොහෝ ජාතීන් ද පිට මොරසූරන වැහි ද මහා ගල් වර්ෂාවක් ද ගිනි ද ගෙන්දගම් ද වස්වන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 මම වසංගතයෙන් ද ලේ වැගිරීමෙන් ද ඔහුට දඬුවම් කරන්නෙමි. ඔහු සහ ඔහුගේ හමුදාවන් ද ඔහු සමඟ සිටින බොහෝ ජාතීන් ද පිට මොරසූරන වැහි ද මහා ගල් වර්ෂාවක් ද ගිනි ද ගෙන්දගම් ද වස්වන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 මම වසංගතයෙන්ද ලෙයින්ද ඔහු සමඟ විනිශ්චයට පැමිණ, ඔහු සහ ඔහුගේ සමුදාවන්ද ඔහු සමඟ සිටින බොහෝ ජනයන්ද පිටට ජලධාරාවන් සහ මහත් ගල් වර්ෂාවක්ද ගිනිද ගෙන්දගම්ද වස්වන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 38:22
23 හුවමාරු යොමු  

අහසින් මහත් ගල් වර්ෂාවක් මනුෂ්‍යයන් පිට වැස්සේ ය. එහි එක එක ගල කිලෝග්‍රෑම් පණහක් පමණ බර විය. ඒ ගල් වර්ෂා වසංගතය එතරම් දරුණු වූ බැවින් මනුෂ්‍යයෝ දෙවියන් වහන්සේට සාප කළහ.


දුදනන් මත ගිනි පුපුරු වස්වන සේක; ගෙන්දගම් දවා පුළුස්සන සුළඟ ද ඔවුන් හිස පිටට එවන සේක.


පදම් නොකළ බදාම දැමූ අයට මෙය කියන්න. ධාරානිපාත වැස්සක් එන්නේ ය; මහා ගල් වර්ෂාවක් කඩා වැටෙනු ඇත; චණ්ඩ කුණාටුවක් කඩා බිඳ එන්නේ ය; එය වැටෙන්නේ ය.


මහා ශබ්දයක් පොළොවේ සීමාන්තයන් දක්වා පැමිණෙන්නේ ය; උන් වහන්සේ ජාතීන්ට විරුද්ධ ව පැමිණිල්ලක් කර ඇත. ජීවත් ව සිටින සියල්ලන් උන් වහන්සේ විනිශ්චයයට පමුණුවන සේක. දුෂ්ටයන් මරණයට පාවා දෙන සේක. මෙසේ පවසන්නේ, ස්වාමීන් වන මම ය.’


එසේ ය, එතුමාණෝ පොළෝ වැසි සියලු දෙන ගින්නෙන් ද කඩුවෙන් ද විනිශ්චය කරන සේක. මරණු ලබන්නෝ බොහෝ වෙති.


අත්තිවාරම මනින ලණුව යුක්තිය නම් වේ. ලඹ ලණුව අවංකකම නම් වේ. නුඹලා විශ්වාසය තබා ඇති බොරු සියල්ල ගල් වර්ෂාවට ගසාගෙන යන්නේ ය; නුඹලාගේ ආරක්ෂාව ජල ගැල්මෙන් විනාශ වන්නේ ය.”


මම නුඹලාට විරුද්ධව සාගතයක් ද වන මෘගයන් ද එවන්නෙමි. එයින් නුඹලාගේ දරුදැරියන් නැති වී යනු ඇත. වසංගතය ද සාගතය ද ජෙරුසලමේ සෑම තැන ම පැතිරී යනු ඇත. නුඹලාට විරුද්ධ ව යුද්ධයක් ඇති කරන්නෙමි. ස්වාමීන් වන මා මෙසේ පවසා ඇත.”


සව් බලැති සමිඳාණෝ ගර්ජනාවෙන් ද මහත් ශබ්දයකින් ද සුළි සුළඟකින් ද කුණාටුවකින් ද විනාශකාරී ගින්නකින් ද ප්‍රකාශ වන සේක.


තවද, ඔවුන් ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් පලා යද්දී, අශේකා දක්වා බෙත්-හෝරොන් පල්ලමේ දී සමිඳාණන් වහන්සේ අහසෙන් විශාල ගල් ඔවුන් පිට හෙළූ සේක; එයින් ඔව්හු මැරුණෝ ය. ගල් වර්ෂාවෙන් නැසුණු අය, ඉශ්රායෙල්වරුන් කඩුවෙන් මැරූ අයට වඩා බොහෝ වූ හ.


එවිට සමිඳාණන් වහන්සේ සොදොම් සහ ගොමොරා නගර පිට අහසින් ගෙන්දගම් සහ ගිනි වර්ෂා වහින්න සැලැස්වූ සේක.


වැසි වැස, ජලය ගලා, සුළඟ හමා ඒ ගෙට ගැසී ය, එය බිඳ වැටිණි. එහි වැටීම ද භයංකර විය.”


පළමු වන දේව දූතයා හොරණෑව පිම්බේ ය. එවිට ලේ මුසු ගල් වර්ෂාවක් ද ගිනි ද හටගෙන පොළොව පිට හෙළනු ලැබී ය. පොළොවෙන් තුනෙන් කොටසක් දැවී ගියේ ය. ගස්වලින් තුනෙන් කොටසක් ද දැවී ගියේ ය. අමු තණකොළ සියල්ල ද දැවී ගියේ ය.


ඔහුත් දෙවියන් වහන්සේගේ උදහස නමැති කුසලානට වත් කරන ලද උන් වහන්සේගේ කෝපය නමැති අමිශ්‍ර මුද්‍රික පානය බොන්නේ ය. ඔහු ශුද්ධ දේව දූතයන් ඉදිරියෙහි ද, බැටළු පෝතකයාණන් ඉදිරියෙහි ද ගින්නෙන් හා ගෙන්දගම්වලින් වද වේදනා විඳින්නේ ය.


ඔව්හු පොළොවේ සෑම දිශාවල ම පැතිර ගොස් සැදැහැවතුන්ගේ කඳවුර ද ප්‍රිය මනාප නුවර ද වටලාගත්හ. එවිට ස්වර්ගයෙන් ගිනි බැස අවුත් ඔවුන් වනසාදැමී ය.


ඔවුන් අතරෙන් මැරුම් කෑ අය ඉවත දමනු ලබන්නෝ ය. ඔවුන්ගේ මළකඳන් ගඳ ගසන්නේ ය. කඳුවලින් ඔවුන්ගේ ලේ වෑස්සෙන්නේ ය.


එසේ ය, මම ඈ තුළ වසංගතයත්, ඇගේ වීදිවල ලේ වැගිරීමත් ඇති කරන්නෙමි. හාත්පසින් ඈ පිට පැමිණෙන කඩුවෙන් ඈ තුළ මනුෂ්‍යයෝ මැරුම් කා වැටෙන්නෝ ය. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”


මම මාගොග් පිටත්, මුහුදුබඩ සුරැකි ව වාසය කරන්නන් පිටත් ගින්නක් යවන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.


මම සියලු ජාතීන් එක්රැස් කර, විනිසුම් යන අරුත් ඇති ජෙහෝෂාපාට් නම් මිටියාවතට පමුණුවා, මාගේ උරුමය වන ඉශ්රායෙල් සෙනඟට කර ඇති සියලු දේ ගැන ඔවුන් විනිශ්චය කරමි. මන්ද, ඔවුන් ඉශ්රායෙල්වරුන් විදේශවල විසුරුවා හැර, මාගේ දේශය ඔවුන් අතර බෙදාගත් බැවිනි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්