එහෙත් ඔබ යන්නෙහි නම්, ශක්තිමත් වී සටනට බලවත් වන්න. දෙවියන් වහන්සේ සතුරා ඉදිරියෙහි ඔබ හෙළා දමන සේක. මන්ද, උපකාර කරන්නටත්, හෙළා දමන්නටත් දෙවියන් වහන්සේට බලය ඇත්තේ ය”යි කීවේ ය.
ජොයෙල් 3:10 - Sinhala New Revised Version නඟුල් දැතිවලින් කඩු ද දෑකැතිවලින් හෙල්ල ද තළාගන්න ‘මම බලවන්තයෙක්මි’යි බෙල හීනයා කියාගනී වා! Sinhala New Revised Version 2018 නඟුල් දැතිවලින් කඩු ද දෑකැතිවලින් හෙල්ල ද තළාගන්න ‘මම බලවන්තයෙක්මි’යි බෙල හීනයා කියාගනී වා! Sinhala Revised Old Version නුඹලාගේ හීවැල්වලින් කඩුද නුඹලාගේ දෑකැතිවලින් හෙල්ලද තළාගන්න. මම බලවන්තයෙක්මියි බෙලහීනයා කියාවා. |
එහෙත් ඔබ යන්නෙහි නම්, ශක්තිමත් වී සටනට බලවත් වන්න. දෙවියන් වහන්සේ සතුරා ඉදිරියෙහි ඔබ හෙළා දමන සේක. මන්ද, උපකාර කරන්නටත්, හෙළා දමන්නටත් දෙවියන් වහන්සේට බලය ඇත්තේ ය”යි කීවේ ය.
මහා ජාතීන් අතර භේද එතුමාණෝ නිරවුල් කරන සේක; එතුමාණෝ ජාතීන්ගේ කාරණා තීන්දු කරන සේක. තමන්ගේ කඩුවලින් නගුල් ද තමන්ගේ හෙල්ලවලින් දෑකැති ද ඔව්හු සාදාගන්නෝ ය. ජාතියක් ජාතියකට විරුද්ධ ව කඩු ගන්නේ නැත. ඔවුන් යුද්ධයට පුහුණු වන්නේ නැත.
“සමිඳාණෝ බබිලෝනිය විනාශ කරන්නට අදහස් කර තිබෙන නිසා, මේදිය රටේ රජවරුන්ගේ සිත් එයට පෙළඹවූ සේක. මේ වනාහි එතුමන්ගේ මාලිගාවේ විනාශයට සමිඳුන්ගේ පළිගැනීමකි. පහර දෙන නිලධාරීහු අණ දෙමින්, ‘නුඹලාගේ ඊතල මුවහත් කරගන්න; පලිස් සූදානම් කරගන්න.
එතුමාණෝ බොහෝ ජාතීන් විනිශ්චය කර, බොහෝ දුර සිටින බලවත් ජාතීන් අතර නඩු හබ විසඳන සේක. ඔව්හු තමන්ගේ කඩුවලින් නඟුල් තල ද හෙල්ලවලින් දෑකැති ද තලා ගන්නෝ ය. ජාතියක් ජාතියකට විරුද්ධ ව කඩු ගන්නේ නැත. කිසි කලෙක ඔවුන් යුද්ධයට පුහුණු වන්නේ නැත.
ඒ කාලයෙහි සමිඳාණන් වහන්සේ ජෙරුසලමේ වැසියන් ආරක්ෂා කරන සේක: ඔවුන් අතරෙහි සිටින දුබලයා පවා දාවිත් මෙන් ප්‍රබල වන්නේ ය. දාවිත්ගේ වංශය ද දෙවියන් වහන්සේ මෙන් ද සමිඳාණන් වහන්සේගේ දූතයා මෙන් ද ඔවුන්ට මඟ පෙන්වන්නේ ය.
උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “එහෙත් දැන් පසුම්බියක් ඇති තැනැත්තා එය ගනී වා, එසේ ම මල්ලක් ද ගනී වා, කඩුවක් නැති තැනැත්තා තම සළුව විකුණා, කඩුවක් මිළ දී ගනී වා.