Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මීකා 4:3 - Sinhala New Revised Version

3 එතුමාණෝ බොහෝ ජාතීන් විනිශ්චය කර, බොහෝ දුර සිටින බලවත් ජාතීන් අතර නඩු හබ විසඳන සේක. ඔව්හු තමන්ගේ කඩුවලින් නඟුල් තල ද හෙල්ලවලින් දෑකැති ද තලා ගන්නෝ ය. ජාතියක් ජාතියකට විරුද්ධ ව කඩු ගන්නේ නැත. කිසි කලෙක ඔවුන් යුද්ධයට පුහුණු වන්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 එතුමාණෝ බොහෝ ජාතීන් විනිශ්චය කර, බොහෝ දුර සිටින බලවත් ජාතීන් අතර නඩු හබ විසඳන සේක. ඔව්හු තමන්ගේ කඩුවලින් නඟුල් තල ද හෙල්ලවලින් දෑකැති ද තලා ගන්නෝ ය. ජාතියක් ජාතියකට විරුද්ධ ව කඩු ගන්නේ නැත. කිසි කලෙක ඔවුන් යුද්ධයට පුහුණු වන්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 උන්වහන්සේ බොහෝ ජනයන් අතරේ විනිශ්චයකොට, දුරින් සිටින බලවත් ජාතීන්ට තීන්දුව කියනසේක; ඔවුන් තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් ඔවුන් තවත් යුද්ධය ඉගෙනගන්නේවත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මීකා 4:3
40 හුවමාරු යොමු  

මහා ජාතීන් අතර භේද එතුමාණෝ නිරවුල් කරන සේක; එතුමාණෝ ජාතීන්ගේ කාරණා තීන්දු කරන සේක. තමන්ගේ කඩුවලින් නගුල් ද තමන්ගේ හෙල්ලවලින් දෑකැති ද ඔව්හු සාදාගන්නෝ ය. ජාතියක් ජාතියකට විරුද්ධ ව කඩු ගන්නේ නැත. ඔවුන් යුද්ධයට පුහුණු වන්නේ නැත.


එවිට මම ඉශ්රායෙල් සෙනඟ වෙනුවෙන්‍ වන සතුන් ද අහසේ පක්ෂීන් ද බිම බඩගා යන සතුන් ද සමඟ ගිවිසුමක් කරන්නෙමි. මම දුන්න ද කඩුව ද යුද අවි ද දේශයෙන් පහකර දමා, මාගේ සෙනඟ සුව සේ විසීමට සලස්වන්නෙමි.


මන්ද, තමන් වහන්සේ විසින් පත් කරන ලද මනුෂ්‍යයෙකු ලවා ලෝකයා ධර්මිෂ්ඨකමින් විනිශ්චය කිරීමට එක් දවසක් නියම කර තිබේ. උන් වහන්සේ ඒ මනුෂ්‍යයා මළවුන්ගෙන් උත්ථාන කිරීමෙන් සියල්ලන්ට ඒ ගැන සහතිකයක් දී තිබේ.”


වෘකයා ද බැටළු පැටවා ද එකට තණ බුදිති; හරකා මෙන් සිංහයා පිදුරු කයි; ධූලි සර්පයාට කෑම වෙයි. මාගේ ශුද්ධ කන්දේ සීමා ඇතුළත කිසි අනතුරක් වත්, විනාශයක් වත් නොවන්නේ ය.”


මන්ද, සමිඳාණෝ මිහිතලය පාලනය කරන පිණිස වඩින සේක; එතුමාණෝ ලෝ වැසියන් ධර්මිෂ්ඨකමින් ද සාධාරණකමින් ද පාලනය කරන සේක.


සමිඳාණන් මිහිතලය පාලනය කිරීමට වඩින විට ඒවා නද දෙන්නේ ය; එතුමාණෝ, ලෝ වැසියන් සාධාරණ ලෙස ද අවංක ලෙස ද පාලනය කරන සේක.”


එවිට ස්වර්ගය ඇරී තිබෙනු දිටිමි. එහි සුදු අශ්වයෙක් සිටියේ ය. ‘විශ්වාසය’ ‘සත්‍යය’ යන නම් දරන තැනැන් වහන්සේ ඌ පිට වැඩහුන් සේක. උන් වහන්සේ ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන සේක; යුද්ධ කරන සේක.


සමිඳාණන් වහන්සේ ඉදිරියට ගොස් පසුගිය කාලයෙහි යුද්ධ කළ පරිදි ඒ ජාතීන්ට විරුද්ධ ව යුද්ධ කරන සේක.


මම එප්‍රායිම් කෙරෙන් රථය ද ජෙරුසලමෙන් අශ්වයන් ද සිඳදමන්නෙමි. යුද්ධ දුන්න ද කපා හරිනු ලැබේ. උන් වහන්සේ ජාතීන්ට සාමදානය ප්‍රකාශ කරන සේක. උන් වහන්සේගේ ආණ්ඩුව මුහුදෙන් මුහුදටත් යුප්‍රටීස් ගංගාවේ පටන් පො‍ළොවේ සීමා දක්වාත් වන්නේ ය.


මට කීකරු නොවූ ජාතීන් හට මම උදහසෙනුත්, කෝපයෙනුත් දඬුවම් දෙන්නෙමි.”


මම සියලු ජාතීන් එක්රැස් කර, විනිසුම් යන අරුත් ඇති ජෙහෝෂාපාට් නම් මිටියාවතට පමුණුවා, මාගේ උරුමය වන ඉශ්රායෙල් සෙනඟට කර ඇති සියලු දේ ගැන ඔවුන් විනිශ්චය කරමි. මන්ද, ඔවුන් ඉශ්රායෙල්වරුන් විදේශවල විසුරුවා හැර, මාගේ දේශය ඔවුන් අතර බෙදාගත් බැවිනි.


ඒ රජවරුන්ගේ කාලවල දී ස්වර්ගයේ දෙවියන් වහන්සේ කිසි කලෙක නැති නොවන රාජ්‍යයක් පිහිටුවන සේක. ඒ රාජ්‍යය අන් ජාතියකට යටත් නොවන්නේ ය. එය සියලු රාජ්‍යයන් සුණු විසුණු කරදමනු ඇත. එය ද සදාකාලයට ම පවතින්නේ ය.


ඔබ වහන්සේට සේවය නොකරන ජාතීන් ද රාජ්‍යය ද වැනසෙන්නේ ය. එසේ ම ඒ ජාතීහු සහමුලින් ම විනාශ වන්නෝ ය.


ඔවුන් ගැළවීමට මම ඉක්මනින් පැමිණෙන්නෙමි. මාගේ ජයග්‍රහණය ආසන්න ය. මම ම ජාතීන් පාලනය කරන්නෙමි. ඈත රටවල් මා එන තෙක් බලා සිටියි. මා ඔවුන්ට ගැළවීම ගෙන දීමේ බලාපොරොත්තුවෙන් ඔව්හු සිටිති.


බලවත් ජාතීන්ගේ සෙනඟ ඔබට ගෞරව කරති. කුරිරු ජාතීන්ගේ නගර ඔබට බිය වෙයි.


එතුමන්ගේ රාජ බලය වැඩි වර්ධනය වන්නේ ය; එම රාජ්‍යයේ සාමයට කෙළවරක් නොවන්නේ ය; මෙතැන් සිට සදහට ම දාවිත් රජුගේ සිහසුනේ වැඩ හිඳින එතුමන්ගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවන ලෙස එතුමාණෝ යුක්තියෙන් ද ධර්මිෂ්ඨකමින් ද රජකම් කරන සේක. සව් බලැති සමිඳුන්ගේ උද්‍යෝගයෙන් මෙය අධිෂ්ඨාන කළ සේක.”


අහෝ දෙවිඳුනි! ඔබ නැඟිට මිහිතලය විනිශ්චය කරන සේක් වා! සියලු ජාතීහු ඔබ වහන්සේට අයිති ය.


එතුමන් සමයෙහි දමිටු බව දියුණු වේ වා! ඉර හඳ පවතින තෙක් සාමය පැතිරේ වා!


එතුමාණෝ මිහි මත දස දෙස යුද බිය නවත්වන සේක; දුන්න බිඳ, හෙල්ලය කපා, පලිහ ගින්නෙන් දවන සේක.


සමිඳුන්ගේ සතුරෝ සුණු විසුණු කරනු ලබති; අතිඋසස් දෙවිඳාණෝ අහසෙන් ගිගුරුම් දෙන සේක. සමිඳාණෝ මුළු පොළෝ තලය විනිශ්චය කරන සේක; එතුමාණෝ සිය රජුට බලය දෙන සේක. තමන් තෝරාගත් රජුට ජය අත් කර දෙන සේක.”


කඳු වැටි ඔබේ ජනතාවට සමෘද්ධිය ගෙනේ වා! කඳුහෙල් ඔබේ ජනතාවට යුක්තිය ඉටු කෙරේ වා!


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “බලවත් රටවලින් හා බලවත් නගරවලින් සෙනඟ ජෙරුසලමට එන කාලය පැමිණෙන්නේ ය.


නිශ්චල වන්න; මා දෙවිඳුන් බව සිතට ගන්න; මුළු දෙරණට අග රජ බව, සව් සත හට අග රජ බව වටහාගන්න;


විශ්වාසයෙන් නුඹ සරණ පාවා ගතිමි. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹ හැඳිනගන්නෙහි ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්