ආහබ් ඔබදියාට කතා කොට, “දේශයෙහි සියලු දිය උල්පත් හා ඔයවල් ළඟට යන්න; සියලු සිවුපාවුන් නැති වන්න නොදී අශ්වයන් හා කොටළුවන් පණපිටින් රක්ෂා කරගන්න පිණිස සමහර විට අපට තෘණ සම්බ වේ ය”යි කීවේ ය.
ජොයෙල් 1:18 - Sinhala New Revised Version අනේ! සිවුපා සතුන් කෙඳිරිගාන හැටි! තණකොළ නැති බැවින් ගව රැළ කැළඹී ඇවිදිති; බැටළු රැළ පවා දුක් විඳිති. Sinhala New Revised Version 2018 අනේ! සිවුපා සතුන් කෙඳිරිගාන හැටි! තණකොළ නැති බැවින් ගව රැළ කැළඹී ඇවිදිති; බැටළු රැළ පවා දුක් විඳිති. Sinhala Revised Old Version සිව්පාවුන් කෙඳිරිගාන හැටි! ගව රැළවලට තෘණ නැති නිසා උන් කැලඹී ඇවිදිති; එසේය, බැටළු රැළවලුත් නාස්තිවුණෝය. |
ආහබ් ඔබදියාට කතා කොට, “දේශයෙහි සියලු දිය උල්පත් හා ඔයවල් ළඟට යන්න; සියලු සිවුපාවුන් නැති වන්න නොදී අශ්වයන් හා කොටළුවන් පණපිටින් රක්ෂා කරගන්න පිණිස සමහර විට අපට තෘණ සම්බ වේ ය”යි කීවේ ය.
සලමොන් රජ ද ඔහු වෙත රැස් ව සිටි මුළු ඉශ්රායෙල් සභාව ද ගණන් කරන්නට බැරි තරම් විශාල ගණනක් බැටළුවන් සහ ගවයන් පූජා කරමින් ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සිටියෝ ය.
දේශය වේළී තිබෙන්නේත්, මුළු රටේ තණ කොළ මැලවී යන්නේත් කොපමණ කාලයකට ද? එහි වැසියන්ගේ දුෂ්ටකම නිසා මෘගයෝ ද පක්ෂීහු ද මිය යති. “ඔබ අපේ අවසානය නොදකින සේකැ”යි ඔව්හු කියති.
එබැවින් දේශය වියළී යන්නේ ය. එහි වසන වනසතුන් හා ආකාශයේ පක්ෂීන් ඇතුළු සියල්ලෝ ම මලානික වන්නෝ ය. මුහුදේ මත්ස්‍යයෝ පවා විනාශ වී යන්නෝ ය.
වන මෘගයෝ පවා ඔබ දෙස බලා සිටිති. මන්ද, උල්පත් සිඳී ඇත. කෙතේ තණ බිම් ගින්නෙන් දැවී ගොස් ඇත.
ආමොස් මෙසේ පැවසී ය: “සමිඳාණෝ සියොන් කන්දේ සිට ගර්ජනා කරති; ජෙරුසලමේ සිට හඬ නඟා ගිගුරුම් දෙති. එවිට එඬේරුන්ගේ තණ බිම් දැවී යනු ඇත, කර්මෙල් කඳු මුදුන වියළී යනු ඇත.”
අත්තික්කා ගස පල නොදැරුවත්, මිදි වැල්වල පලදාව නොතිබුණත්, ඔලීව ගසේ පල හට නොගත්තත්, කෙත්වලින් අස්වැන්නක් නොලැබුණත්, ගාලෙන් බැටළු රැළ නැති වී ගියත්, ගව හල් සියල්ල හිස් ව ගියත්,