ජෝබ්, ‘මට දෙවිඳුන් නොපෙනේ ය. එහෙත්, නඩුව එතුමාණන් අතේ ය; මම ඉවසිල්ලෙන් බලා සිටින්නෙමි’යි ඔබ කියන්නෙහි ය,
යෝබ් 9:11 - Sinhala New Revised Version මා ළඟින් ම වැඩියත්, එතුමන් මට පෙනෙන්නේ නැත; මා පසු කොට ගියත් මට දකින්න නොහැකි ය, Sinhala New Revised Version 2018 මා ළඟින් ම වැඩියත්, එතුමන් මට පෙනෙන්නේ නැත; මා පසු කොට ගියත් මට දකින්න නොහැකි ය, Sinhala Revised Old Version බලව, උන්වහන්සේ මා ළඟින් යන නුමුත් මට පෙනෙන්නේ නැත; මා පසුකර යන නුමුත් මට දැනෙන්නේ නැත. |
ජෝබ්, ‘මට දෙවිඳුන් නොපෙනේ ය. එහෙත්, නඩුව එතුමාණන් අතේ ය; මම ඉවසිල්ලෙන් බලා සිටින්නෙමි’යි ඔබ කියන්නෙහි ය,
මුහුද මැදින් ඔබේ මාවත විය. ගැඹුරු සමුදුර මැදින් ඔබ ගමන් කළ සේක. එහෙත්, ඔබේ පා සටහන් පෙනෙන්නට නො වී ය.
උන් වහන්සේ පමණක් අමරණීය ය. කිසිවෙකුට ළඟා විය නොහැකි ආලෝකයෙහි උන් වහන්සේ වසන සේක. කිසිවෙක් කිසි කලෙක උන් වහන්සේ දැක නැත; දකින්නටත් බැරි ය. උන් වහන්සේට ගෞරවයත්, සදාතන පරාක්‍රමයත් වේ වා! ආමෙන්.