ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 6:8 - Sinhala New Revised Version

මාගේ යැදුම ඉටු වුවහොත්, මාගේ පැතුම දෙවි තුමන් ඉටු කළහොත් කොතරම් හොඳ ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මාගේ යැදුම ඉටු වුවහොත්, මාගේ පැතුම දෙවි තුමන් ඉටු කළහොත් කොතරම් හොඳ ද?

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අහෝ මාගේ ඉල්ලීම මට ලැබුණොත්, මා ආශාවන දෙය දෙවියන්වහන්සේ මට දුන්නොත් යහපත!

පරිච්ඡේදය බලන්න



යෝබ් 6:8
10 හුවමාරු යොමු  

තමා ම මුළු දවසක ගමන් ප්‍රමාණය නිමවමින් පාළුකරයට පිවිස රෝතෙම් නම් ගසක් යට වාඩි වී, තමා මැරෙන ලෙස ඉල්ලමින් “සමිඳාණන් වහන්ස, ඉතින් ඇත, දැන් මාගේ ප්‍රාණය ගත මැනව. මන්ද, මාගේ පියවරුන්ට වඩා මම උතුම් නොවෙමි”යි කී ය.


“මට ජීවිතය තිත්ත වී ඇත; මාගේ දුක් ගැනවිලි නොවළහා කියා පාමින් සොවින් පිරුණු හදවතකින් මම කතා කරමි.


ඔව්හු මරු එන තුරු බලා සිටිති; එහෙත්, මරු එන්නේ නැත. අන් සැම සම්පතට වඩා ඔව්හු සොහොන අගේ කරති.


සොහොනට යෑම ඔවුන්ට සතුටකි; මිනීවළට යන විට ඔව්හු ප්‍රිය හඬ දෙති.


එවන් කෑම කන්නට මට ප්‍රිය නැත; මා කන හැම දේ ම මට අප්‍රිය වේ.


දෙවි තුමාණෝ මාගේ ඇට කටු බිඳ, සිය අත දිගු කොට මා වනසන සේක් වා!


මගේ සිත ඔබේ ගැළවීමට ආශාවෙන් වැහැරී යයි. මම ඔබේ පොරොන්දු කෙරෙහි බලාපොරොත්තු වෙමි.


ඉතින් සමිඳුනි, මාගේ ප්‍රාණය මාගෙන් තුරන් කළ මැනව. ජීවිතයට වඩා මරණය මට හොඳ ය.”