එවිට ඈ කතා කොට, “බඳුනක පිටි මිටකුත්, කුලාවක තෙල් ටිකකුත් මිස මා ළඟ රොටි නැත. ඒවා සාදාගන්නට දර කෑලි දෙකක් අහුලමි. මටත්, මාගේ පුත්‍රයාටත් තිබෙන ඒ අන්තිම කෑම වේල අනුභව කළ පසු නහින්නෙමු යි ඔබේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවා ය.
යෝබ් 6:7 - Sinhala New Revised Version එවන් කෑම කන්නට මට ප්‍රිය නැත; මා කන හැම දේ ම මට අප්‍රිය වේ. Sinhala New Revised Version 2018 එවන් කෑම කන්නට මට ප්‍රිය නැත; මා කන හැම දේ ම මට අප්‍රිය වේ. Sinhala Revised Old Version මාගේ ආත්මය ඒවාට අතගසන්ට අකැමැතිය; ඒවා මට පිළිකුල් ආහාර මෙන්ය. |
එවිට ඈ කතා කොට, “බඳුනක පිටි මිටකුත්, කුලාවක තෙල් ටිකකුත් මිස මා ළඟ රොටි නැත. ඒවා සාදාගන්නට දර කෑලි දෙකක් අහුලමි. මටත්, මාගේ පුත්‍රයාටත් තිබෙන ඒ අන්තිම කෑම වේල අනුභව කළ පසු නහින්නෙමු යි ඔබේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවා ය.
‘ඔබ මොහු හිරගෙහි ලා මා සාමදානයෙන් එන තුරු මොහුට රොටි සහ වතුර හැර කිසිවක් නොදිය යුතු යයි රජ කියන්නේ ය’ කියා දන්වන්නැ”යි කී ය.
එවිට මම පිළිතුරු දෙමින්, “අහෝ දෙවි ස්වාමීන් වහන්ස! මම කවදාවත් මාව ම අපවිත්‍ර කර නොගතිමි. මාගේ බාල වයසේ පටන් මේ දක්වා කුණප වත්, මෘගයන් විසින් ඉරාදැමුණු සතෙකු වත් නොකෑවෙමි. පිළිකුල් මාංස මාගේ කටට ඇතුල් නො වේ වා”යි කීමි.
තවදුරටත් කතා කරමින්, “මනුෂ්‍ය පුත්‍රය, මම ජෙරුසලමේ කෑම ප්‍රමාණය අඩු කරන්නෙමි. එවිට භීතියෙන් ඔව්හු කෑම කිරා කන්නෝ ය. කනස්සලුකමින් වතුර මැන බොන්නෝ ය.
ඒ සති තුන ම පසු වන තුරු මා රස ආහාර කෑවේ වත්, මස් හෝ මුද්‍රික පානය හෝ මාගේ කටට ගත්තේ වත්, තෙල් ගාගත්තේ වත් නැත.