ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 39:7 - Sinhala New Revised Version

ඌ නගරයේ ඝෝෂාව ගණන් නොගනියි. ඌ රියැදුරාගේ කෑගැසීම නොසලකයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඌ නගරයේ ඝෝෂාව ගණන් නොගනියි. ඌ රියැදුරාගේ කෑගැසීම නොසලකයි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඌ නගරයේ ඝෝෂාවට සිනාසෙයි, දක්කන්නාගේ මොරගැසීම් ඌට නෑසෙයි.

පරිච්ඡේදය බලන්න



යෝබ් 39:7
9 හුවමාරු යොමු  

සිරකරුවන් හට සොහොනෙහි සාමය ඇත; අණ දෙන නිලධාරීන්ගේ කට හඬ දැන් ඇසෙන්නේ නැත.


කුළු හරකා ලණුවකින් හීවිටේ බඳින්නට නුඹට හැකි ද? නොහොත් නුඹට පිටුපසින් ඌ කුඹුර පෝරු ගානු ඇද් ද?


ඌ පියාපත් විදහා දුවන කල ඌ අසුටත්, අසරුවාටත් සිනාසෙයි.


මම පාළුකරය ඌට ගෙයක් කොට, ලේවාය ඌට තිප්පලක් කොට නියම කෙළෙමි.


කඳුකරය උගේ ගොදුරු බිම වේ; කෑම පිණිස ඌ හැම පලා ජාති සොයා යයි.


දැන් ඉතින් වැඩට ආපසු පලයව්; නුඹලාට කොහෙත් ම පිදුරු සපයනු නොලැබේ. එහෙත්, නියමිත ගඩොල් ගණන බාර දිය යුතු ම ය”යි කී ය.


සමිඳාණෝ මට මෙසේ වදාළ සේක: “සතෙකු ගොදුරු කරගත් සිංහයෙකු හෝ සිංහ පොව්වෙකු හෝ එඬේරුන් කොතරම් කෑමොරගැසුවත් බියගන්වා එළවාදමන්නට ඔවුන්ට නොහැකි ය. එමෙන් ම සියොන් කන්ද ආරක්ෂා කිරීමෙන් සව් බලැති සමිඳුන් වන මා වැළැක්විය හැකි කිසිවෙක් නැත.


“සමිඳුන් සලකන්නේ නැත්නම්, අප උපවාස කරන්නේ කුමට ද? එතුමන් සිතට ගන්නේ නැත්නම්, අප වද විඳින්නේ කුමට දැ”යි සෙනඟ අසති. සමිඳාණෝ ඔවුන්ට මෙසේ වදාරන සේක: “නුඹලා උපවාසයේ යෙදී සිටින අතර නුඹලාගේ ම සැප පහසුව සොයමින් නුඹලාගේ සේවකයන්ට හිරිහැර කරන්නහු ය.