එහෙත්, සෙනඟ බොහෝ ය. මෙය ඉතා තද වර්ෂා කාලයකි. අපට ද එළිමහනේ හිටගෙන සිටින්නට නුපුළුවන. තවද, අප මේ කාරණය සම්බන්ධයෙන් තදබල වරදක් කර ඇති බැවින්, මෙය දවසකින් වත්, දෙදවසකින් වත් නිම කළ හැකි කාර්යයක් නොවේ.
යෝබ් 37:6 - Sinhala New Revised Version මිහි මත හිම පතනය වන ලෙස ද මොරසූරන වැස්ස වහින ලෙස ද එතුමාණෝ අණ දෙන සේක. Sinhala New Revised Version 2018 මිහි මත හිම පතනය වන ලෙස ද මොරසූරන වැස්ස වහින ලෙස ද එතුමාණෝ අණ දෙන සේක. Sinhala Revised Old Version මක්නිසාද උන්වහන්සේ හිමවලටත් එසේම වර්ෂාවටත් තමන් තද වර්ෂාවලටත් කථාකොට: පොළොවට බසිව්යයි කියනසේක. |
එහෙත්, සෙනඟ බොහෝ ය. මෙය ඉතා තද වර්ෂා කාලයකි. අපට ද එළිමහනේ හිටගෙන සිටින්නට නුපුළුවන. තවද, අප මේ කාරණය සම්බන්ධයෙන් තදබල වරදක් කර ඇති බැවින්, මෙය දවසකින් වත්, දෙදවසකින් වත් නිම කළ හැකි කාර්යයක් නොවේ.
එවිට ජුදාහි ද බෙන්ජමින්හි ද සියලු මනුෂ්‍යයෝ තුන් දවසක් ඇතුළත ජෙරුසලමට රැස් වූ හ. ඒ දවස නව වන මාසයේ විසි වන දා ය. මුළු සෙනඟ මේ කාරණය නිසාත්, තද වර්ෂාව නිසාත් දෙවියන් වහන්සේගේ මාලිගාව ඉදිරිපිට එළිමහනේ වෙවුලමින් ඉඳගෙන සිටියෝ ය.
ගිනි හා ගල් වැහි වලාවෙනි, හිම හා වාෂ්පයෙනි, එතුමන්ගේ අණ ඉටු කරන මාරුතයෙනි, පොළොවේ සිට සමිඳුන් පසසන්න.
පදම් නොකළ බදාම දැමූ අයට මෙය කියන්න. ධාරානිපාත වැස්සක් එන්නේ ය; මහා ගල් වර්ෂාවක් කඩා වැටෙනු ඇත; චණ්ඩ කුණාටුවක් කඩා බිඳ එන්නේ ය; එය වැටෙන්නේ ය.
“එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. එය විනාශ කරන පිණිස, මම උරණ වී චණ්ඩ කුණාටුවක් ද කෝප වී ධාරානිපාත වැස්සක් ද උදහස් වී ගල් වර්ෂා ද එවන්නෙමි.
සගලොව සිය විමන ද නර ලොව උඩින් අහස් වියන ද මවන්නේ සමිඳාණෝ ය. මුහුදේ ජලයට හඬගසා පොළොවේ වගුරුවා යවන සේක. එතුමන්ගේ නාමය සමිඳාණෝ ය.”