ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 35:15 - Sinhala New Revised Version

‘දැන්, එතුමාණෝ උදහස් ව දඬුවම් නොකරන සේකැ’යි ද ‘ඒ අපරාධය ගැන වැඩි සැලකිල්ලක් නොදක්වන සේකැ’යි ද ඔබ සිතන්නෙහි ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

‘දැන්, එතුමාණෝ උදහස් ව දඬුවම් නොකරන සේකැ’යි ද ‘ඒ අපරාධය ගැන වැඩි සැලකිල්ලක් නොදක්වන සේකැ’යි ද ඔබ සිතන්නෙහි ද?

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුමුත් දැන් උන්වහන්සේ උදහසින් දඬුවම් නොකළ නිසාත්, අපරාධය තදලෙස නොසලකන නිසාත්,

පරිච්ඡේදය බලන්න



යෝබ් 35:15
14 හුවමාරු යොමු  

එතුමාණන් මා මැරුවත් මට කමක් නැත. මට බලාපොරොත්තුවක් නැත. එහෙත්, එතුමන් ඉදිරියෙහි මාගේ නඩුව කියා පාන්නෙමි.


ජෝබ්, ‘මට දෙවිඳුන් නොපෙනේ ය. එහෙත්, නඩුව එතුමාණන් අතේ ය; මම ඉවසිල්ලෙන් බලා සිටින්නෙමි’යි ඔබ කියන්නෙහි ය,


එබැවින් ජෝබ්, ඔබ මුව අයා කතා කරන්නට යාමෙන් වැඩක් නැත; ඔබ පවසන දෙය ඔබට ම තේරෙන්නේ නැත.”


එහෙත්, දැන් ඔබ විපතට පත් වී ඇත; ඔබට ඉවසිල්ලක් නැත. විපත ඔබ වෙත පැමිණ ඇත; ඔබ කැළඹී ඇත.


එසේ නම්, එතුමන් සමඟ සුදුසු වචනින් වාද විවාද කිරීමට හැකියාවක් මට ඇද් ද?


එවිට, ඔවුන්ගේ කැරලිගැසීමට දණ්ඩෙන් ද ඔවුන්ගේ අපරාධවලට කස පහරින් ද මම දඬුවම් දෙන්නෙමි.


පව්කාරයෙකු සිය වරක් නපුර කර බොහෝ කල් ජීවත් වුවත්, දෙවියන් වහන්සේට ගරුබිය පාන අයට එනම්, උන් වහන්සේ ඉදිරියෙහි ගරුබිය පාන අයට යහපත සිදුවන බව මම සැබැවින් ම දනිමි.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට, “ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි මගේ ශුද්ධ බල මහිමය පිළිගන්නා තරමට නුඹලා මා කෙරෙහි විශ්වාසය නොතැබූ බැවින්, මා මේ සෙනඟට දීමට පොරොන්දු වූ දේශයට නුඹලා ඔවුන් ගෙන නොයන්නහු ය”යි වදාළ සේක.


බලන්න. නියම කාලයෙහි ඉටුවන්න යන, මා කී දේ ඔබ අවිශ්වාස කළ බැවින්, මේ කාරණා සිදු වන දවස දක්වා ඔබ කතා කළ නොහැකි ව නිහඬ වනු ඇතැ”යි කී ය.


මා ප්‍රේම කරන සියල්ලන්ට තරවටු කර මම ඔවුන් හික්මවමි. එබැවින් උද්‍යෝගිමත් ව, පසුතැවී සිත් හරවා ගන්න.