දිව කෑමෙහි රස බලන්නාක් මෙන් කන කතාවක අගය දනියි.
මක්නිසාද උඩුතල්ල කෑම රස බලන්නාක්මෙන් කනද වචන විමසන්නේය.
දිවෙන් කෑම රස බලන්නාක් මෙන් කනින් අසන වචන මනස විමසනවා නොවේ ද?
‘ඔවුන්ට මරණය පැමිණේ වා’යි සාප කිරීමෙන් හෝ දෙස් කීමෙන් හෝ මම පව් නොකෙළෙමි.
මෙන්න, මම පිළිතුරු දීමට සැරසී සිටිමි. මාගේ වචන දැන් දිව’ග ලෙල දෙයි.
“ප්‍රඥාවන්තයෙනි, මට කන් දෙන්න; හසළ බුද්ධිමතුනි, ම බසට සවන් දෙන්න.
යුක්තිය කොහේ දැ යි අපි සෝදිසි කර බලමු; යහපත කවරේ දැ යි අපි තීරණය කරමු.
මා බොරු කියති යි ඔබ තවමත් සිතන්නහු ද? ඇත්ත නැත්ත තීරණයට මට පුළුවන්කමක් නැද් ද?
ශුද්ධාත්මයාණන් ලබා ඇති තැනැත්තා සියල්ල විමසයි. එහෙත් කිසිවෙකුට ඔහු විමසිය නොහැකි ය.
එහෙත් ඝන ආහාර අවශ්‍ය වන්නේ හොඳ නරක විමසා බැලීමට අත්දැකීමෙන් තියුණු වූ ඉඳුරන් ඇති මුහුකුරා ගිය පුද්ගලයන්ට ය.