නුඹ කළ දේ නුඹ කෙළේ රහසින් ය; එහෙත්, මම මේ දේ සියලු ඉශ්රායෙල්වරුන්ට පෙනෙන ලෙස දවල් කාලයේ කරන්නට සලස්වන්නෙමි.’
යෝබ් 24:15 - Sinhala New Revised Version පරදාර සේවනය කරන්නා ඇඳිරි වන තුරු බලා සිට, කිසිවෙකුට නොපෙනෙන පරිදි තම මුහුණට වැස්මක් දමා ගනියි. Sinhala New Revised Version 2018 පරදාර සේවනය කරන්නා ඇඳිරි වන තුරු බලා සිට, කිසිවෙකුට නොපෙනෙන පරිදි තම මුහුණට වැස්මක් දමා ගනියි. Sinhala Revised Old Version කාමමිථ්‍යාචාරිකයාගේ ඇසද ඇඳිරිවෙන තුරු බලා සිට: කිසි ඇසකට මා නොපෙනෙන්නේය කියා ඔහු තමාගේ මුහුණේ වැස්මක් දමාගනී. |
නුඹ කළ දේ නුඹ කෙළේ රහසින් ය; එහෙත්, මම මේ දේ සියලු ඉශ්රායෙල්වරුන්ට පෙනෙන ලෙස දවල් කාලයේ කරන්නට සලස්වන්නෙමි.’
අන් ස්ත්‍රියකට මාගේ සිත වසඟ වී නම්, මාගේ අසල්වැසියාගේ බිරිඳ ගැන සිතා, ඇගේ දොරකඩ ළඟ සැඟවී රැක සිටියෙම් නම්,
“දෙවිඳුන් මෙතන නැත; එතුමාණන් මුහුණ වසාගෙන ඇත. කිසි කලක එය නොදකිනු ඇතැ”යි ඔහු සිතින් සිතාගනියි.
ඔව්හු කතා කොට, “දෙවිඳාණෝ කෙසේ දන්න සේක් ද? මහෝත්තමයාණන්ට දැනුමක් ඇත්තේ දැ”යි විමසන්නෝ ය.
“සමිඳුන් හට අප පෙනෙන්නේ නැත; ජාකොබ්ගේ දෙවිඳාණෝ අප ගැන නොසලකන සේකැ”යි ඔව්හු කියන්නෝ ය.
එවිට උන් වහන්සේ කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශයේ ප්‍රජා මූලිකයන් අන්ධකාරයෙහි එක එකා තම තමාගේ රූප ඇති ගබඩාවල දී කරන දේ දුටුවෙහි ද? කුමක් නිසා ද ‘සමිඳාණන් වහන්සේ අප දකින්නේ නැත; සමිඳාණන් වහන්සේ දේශය අත්හැරිය සේකැ’යි ඔව්හු කියති”යි මට වදාළ සේක.
එවිට උන් වහන්සේ උත්තර දෙමින්, “ඉශ්රායෙල් සහ ජුදා සෙනඟගේ අපරාධ ඉමහත් ය; දේශය ලෙයින් පිරී තිබේ. නුවර ද අයුක්තියෙන් පිරී තිබේ. මන්ද, සමිඳාණන් වහන්සේ දේශය අත්හැරිය සේක’ කියා ද ‘උන් වහන්සේ නොදක්නා සේක’ කියා ද ඔව්හු කියති.