කය වැසුමට වත්කමක් නැති ව, නග්න ව ඒ අසරණයෝ ගමන් කරති. ඔව්හු අස්වැන්න නෙළුවත් සාගින්නෙන් පෙළෙති.
යෝබ් 24:11 - Sinhala New Revised Version දුදනන් ඔලීව තෙල් හිඳිතත්, මිදි පල පාගා මිදියුස පෙරතත්, ඔව්හු පිපාසයෙන් පෙළෙති. Sinhala New Revised Version 2018 දුදනන් ඔලීව තෙල් හිඳිතත්, මිදි පල පාගා මිදියුස පෙරතත්, ඔව්හු පිපාසයෙන් පෙළෙති. Sinhala Revised Old Version ඒ මනුෂ්‍යයන්ගේ තාප්ප ඇතුළෙහි ඔව්හු තෙල් හිඳිති; මිදි යන්ත්‍ර පාගමින් පිපාසය විඳිති. |
කය වැසුමට වත්කමක් නැති ව, නග්න ව ඒ අසරණයෝ ගමන් කරති. ඔව්හු අස්වැන්න නෙළුවත් සාගින්නෙන් පෙළෙති.
නගරයේ මරණාසන්න වූවෝ කෙඳිරි ගැසුවත්, තුවාළ වූවෝ උදව් ඉල්ලා මොරගසතත්, දෙවිඳුන් හට නො ඇසේ.
“දුදනෝ ජලය මත පාවෙන කුණු රොඩු වැන්න; ඔවුන් සතු වතුපිටිවල දේව සාපය ඇත. ඔව්හු තවත් මිදි වත්තේ වැඩට නොයති.
සාරවත් කෙත්වල කිසිවෙකුට ප්‍රීතියක් නැත. මිදි වතුවල කිසිවෙකු ගී ගයන්නේ නැත. මිදියුස ලැබීමට කිසිවෙකු මිදි වලු පාගා මිරිකන්නේ නැත. ප්‍රීති නාදය දැන් ඇසෙන්නේ නැත.
“අසාධාරණ ලෙස තමාගේ නිවෙස තනාගන්නා වූ වංචාවෙන් උඩුමහල සාදාගන්නා වූ කුලී නොදී මිනිසුන්ගෙන් නිකමට වැඩ ගන්නා වූ මිනිසාට වන විපතක මහත!
බලන්න, ඔබගේ කෙත් වතුවල අස්වැන්න නෙළූ ගොවීන්ට නොගෙවා ඔබ වංචා කරගත් ඔවුන්ගේ කුලිය ඔබට විරුද්ධ ව මොරගසයි. ගොවීන්ගේ මොරගැසීම සේනාවල සමිඳාණන් වහන්සේගේ කන්වල වැටෙන්නේ ය.