ඔබ රහසින් පලාගියේ මන් ද? මට හොරෙන් ගියේ ඇයි? ප්‍රීති ඝෝෂාවෙන් හා ගීයෙන් ද කිංකිණි රබන් හඬින් හා වීණා නාදයෙන් ද ඔබ පිටත් කර හැරීමට මට හැකි වන සේ, මට නොදැන්නුවේ මන් ද?
යෝබ් 21:12 - Sinhala New Revised Version ඔව්හු රබාන ද වීණාව ද වයමින් ගී ගයති; නළා හඬ අසා ප්‍රීති වෙති. Sinhala New Revised Version 2018 ඔව්හු රබාන ද වීණාව ද වයමින් ගී ගයති; නළා හඬ අසා ප්‍රීති වෙති. Sinhala Revised Old Version ඔව්හු රබානද වීණාවද ඇතුව ගීතිකා කියති, නළාවේ ශබ්දයටද ප්‍රීතිවෙති. |
ඔබ රහසින් පලාගියේ මන් ද? මට හොරෙන් ගියේ ඇයි? ප්‍රීති ඝෝෂාවෙන් හා ගීයෙන් ද කිංකිණි රබන් හඬින් හා වීණා නාදයෙන් ද ඔබ පිටත් කර හැරීමට මට හැකි වන සේ, මට නොදැන්නුවේ මන් ද?
මොහුගේ සහෝදරයාගේ නම ජුබාල් ය; ඔහු වීණා වයන, නළා පිඹින සියලු සංගීතකරුවන්ගේ ආදි පියා ය.
ඒ වෙනුවට නුඹලා ප්‍රීති සන්තෝෂ වූවහු ය. කෑම සඳහා ගව බැටළු සතුන් මරා, මිදියුස පානය කළහු ය. “අපි කමු, බොමු. මන්ද, හෙට අපි මැරෙන්නෙමු”යි නුඹලා කීවහු ය.
ඔබේ උත්සවවල වීණා ද කුඩා වීණා ද රබන් ද නළා ද මත්පැන් ද ඇත; එහෙත්, සමිඳුන් කරන දේ ඔබ ගණන් ගන්නේ නැත; එතුමන්ගේ ක්‍රියා ගැන කල්පනා කරන්නේ වත් නැත.