ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 19:19 - Sinhala New Revised Version

මාගේ සියලු හිත මිතුරෝ මා තදින් පිළිකුල් කරති; මා පෙම්වත් අය මට එරෙහි ව නැඟී සිටිති.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මාගේ සියලු හිත මිතුරෝ මා තදින් පිළිකුල් කරති; මා පෙම්වත් අය මට එරෙහි ව නැඟී සිටිති.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මාගේ සියලු හිත මිත්‍රයෝම මට පිළිකුල්කරති. මා විසින් ප්‍රේමකළ අය මට විරුද්ධවී සිටිති.

පරිච්ඡේදය බලන්න



යෝබ් 19:19
12 හුවමාරු යොමු  

මාගේ ඥාතීහු අහක් ව ගියහ. මාගේ කලණ මිතුරෝ මා අමතක කළහ.


බාල දරුවෝ පවා මට උසුළු-විසුළු කරති; මා නැඟිටින්නට හදන විට පිටුපස හරවා යති.


විපතක් දැක බිය වන මා මිතුරන් වන ඔබ මට එවන් ඔයවල් වැන්න.


අසල්වැසියෝ ද හිත මිතුරෝ ද මාගේ තුවාළවල දුගඳ නිසා ඈත් වී සිටිති; මාගේ පවුලේ උදවිය ද මා ළඟට එන්නේ නැත.


මාගේ සතුරන්ට යස පාඩමක් උගන්වන පිණිස සමිඳුනි, මට කරුණා කළ මැනව; ලෙඩ ඇඳෙන් මා නැඟිටවුව මැනව.


මාගේ හොඳ ම විශ්වාසය දිනාගත් යහළුවා, එක පිඟානෙන් බත් කෑ කල්‍යාණ මිත්‍රයා පවා මට එරෙහි ව සතුරුකම් කෙළේ ය.


සතුරා තම මිතුරා හට විරුද්ධ ව තම අත දිගු කෙළේ ය; එසේ කොට, ඔහු ගිවිසුම කඩ කෙළේ ය.


ඔබ මාගේ මිතුරන් මා වෙතින් ඈත් කළ සේක. මා ඔවුන්ට පිළිකුලක් මෙන් වන්නට හළ සේක. සිරගත වී සිටි බැවින් මට මිදී යා නොහැකි ය.


ජේසුස් වහන්සේ ද “ජූදස්, ඔබ සිඹීමකින් මනුෂ්‍ය-පුත්‍රයාණන් පාවා දෙන්නෙහි දැ”යි ඇසූ සේක.