මින් මතු නුඹ පොළෝ තලය මත සාප ලද්දෙක් වේ වා! නුඹ අතින් හෙළූ නුඹේ සහෝදරයාගේ ලෙය උරා බීමට මෙන් පොළොව කට අයාගෙන ඇත. එම පොළොවෙන් නුඹ නෙරපාදමනු ඇත.
යෝබ් 16:18 - Sinhala New Revised Version එම්බා මිහිකත! මට කර ඇති අපරාධ පස් යට නොසඟවන්න. මාගේ අඳෝනාව අවසන් නො වේ වා! Sinhala New Revised Version 2018 එම්බා මිහිකත! මට කර ඇති අපරාධ පස් යට නොසඟවන්න. මාගේ අඳෝනාව අවසන් නො වේ වා! Sinhala Revised Old Version එම්බා පොළොව, මාගේ ලේ වසා නොගන්න, නැවතීමේ ඉඩමක්ද මාගේ මොරගැසීමට නොතිබේවා. |
මින් මතු නුඹ පොළෝ තලය මත සාප ලද්දෙක් වේ වා! නුඹ අතින් හෙළූ නුඹේ සහෝදරයාගේ ලෙය උරා බීමට මෙන් පොළොව කට අයාගෙන ඇත. එම පොළොවෙන් නුඹ නෙරපාදමනු ඇත.
ඔවුන්ගේ අපරාධය නොවැසුව මැනව. ඔවුන්ගේ පාපය ඔබ ඉදිරියෙන් නොමැකේ වා! මන්ද, ගොඩනඟන අය ඉදිරිපිට දී ඔවුන් ඔබ උදහස් කර ඇත.”
සමිඳුනි, මාගේ මොරගැසීම ඔබ ඉදිරියට පැමිණේ වා! ඔබේ පොරොන්දුව අනුව මට නැණනුවණ දුන මැනව.
මට අයැදින පිණිස නුඹලා අත් ඔසවන කල එය නොදකින ලෙස මම මාගේ ඇස් වසාගන්නෙමි. නොකඩවා යාච්ඤා කළත් කිසිසේත් සවන් නොදෙන්නෙමි. නුඹලාගේ අත් ලෙයින් පිරී ඇත.
ලෝ වැසි සියලු දෙනාට ඔවුන්ගේ පව් නිසා දඬුවම් කරන පිණිස සමිඳාණෝ වඩින සේක; රහසින් කරන ලද මිනීමැරුම් එළි කරනු ලබන්නේ ය. පොළොව, මැරුම් කෑ අය තවත් නොසඟවන්නේ ය.
කුමක් නිසා ද, වගුළ ලේ තවමත් නගරයෙහි ම ඇත. ඈ ඒ ලේ පස්වලින් වැසී යන්න පොළොව පිට නොවගුරුවා පස් නැති පර්වත උඩ වැගිරෙව්වා ය.