ආබ්‍රහම් නැවතත් කතා කරමින්, “අළු හා දූවිල්ල පමණක් වූ මා, මාගේ සමිඳාණන් වහන්සේ සමඟ කතා කිරීමට තරම් නිර්භීත වීම ගැන මට සමාවන්න.
යෝබ් 13:12 - Sinhala New Revised Version ඔබේ උපදේශ පරණ හණ මිටි වැනි ය. ඔබේ තර්ක කඩා හැලෙන මැටි තාප්ප වැනි ය. Sinhala New Revised Version 2018 ඔබේ උපදේශ පරණ හණ මිටි වැනි ය. ඔබේ තර්ක කඩා හැලෙන මැටි තාප්ප වැනි ය. Sinhala Revised Old Version නුඹලාගේ පැණවත් කීම් අළු වැනි උපදේශවල්ය, නුඹලාගේ බලකොටු මැටි බලකොටුය. |
ආබ්‍රහම් නැවතත් කතා කරමින්, “අළු හා දූවිල්ල පමණක් වූ මා, මාගේ සමිඳාණන් වහන්සේ සමඟ කතා කිරීමට තරම් නිර්භීත වීම ගැන මට සමාවන්න.
දෙවි සමිඳාණන් වහන්සේ පොළොවේ දුවිල්ලෙන් මනුෂ්‍යයා මවා ඔහුගේ නාස් පුඩු තුළට ජීවන හුස්ම හෙළූ සේක. මෙසේ මනුෂ්‍යයා ජීවමාන කෙනෙක් විය.
එතුමන්ගේ ශ්‍රී මහිමය ඔබ බිය ගන්වන්නේ නැද් ද? එතුමන්ගේ භයංකරකම ඔබ යටපත් කරන්නේ නැද් ද?
එසේ නම්, පොළොවේ දූවිල්ලෙහි තනන ලද මැටි ගෙවල වසන අය ගැන කියනුම කවරේ ද? ඔව්හු කාවුන් මෙන් පොඩි කරනු ලබති.
එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්, “මෙය සිහි වන පිණිස, “මම අමලෙක්වරුන් ගැන මතකයක් නැති වන සේ මිහි පිටින් ඔවුන් සම්පූර්ණයෙන් ම මකාදමමි’යි පොතක ලියා, එය ජෝෂුවාට ඇසෙන පරිදි කියන්නැ”යි වදාළ සේක.
දැන් ඔවුන් මිය ගොස් ඇත; නැවත ජීවත් වන්නේ නැත. ඔවුන්ගේ අවතාර වත් නැඟිට එන්නේ නැත. ඔවුන්ගේ නාමය සිතින් මැකී ගොස් ඇත.
කූඩාරමක් වන අපගේ භෞමික නිවාසය ගරා වැටුණත්, දෙවියන් වහන්සේගෙන් වන, අතින් නොතැනූ, සදාතන නිවාසයක් ස්වර්ගයෙහි අපට ඇති බව අපි දනිමු.