යෝබ් 11:4 - Sinhala New Revised Version ඔබ පවසන දෙය ඇත්ත යයි ඔබ සිතන්නෙහි ය. ‘දෙවිඳුනි, ඔබ අබිමුව මම නිදොස් යැ’යි ඔබ කියන්නෙහි ය. Sinhala New Revised Version 2018 ඔබ පවසන දෙය ඇත්ත යයි ඔබ සිතන්නෙහි ය. ‘දෙවිඳුනි, ඔබ අබිමුව මම නිදොස් යැ’යි ඔබ කියන්නෙහි ය. Sinhala Revised Old Version මක්නිසාද: මාගේ හැසිරීම නිදොස්ය, මම ඔබගේ ඇස් හමුවෙහි පවිත්‍රව සිටිමියි නුඹ කියන්නෙහිය. |
“ජෝබ්, ඔබ කියන දේ යුක්ති සහගත යයි ඔබ සිතන්නෙහි ද? දෙවිඳුන් ඉදිරියෙහි ඔබ නිවැරදි යයි සිතන්නෙහි ද?
එසේ කළොත්, මට සැනසිල්ලක් ඇත; මාගේ දැඩි දුක මැද මම සතුටින් නටන්නෙමි. මන්ද, කිසි දාක මම ශුද්ධ දෙවිඳුන්ගේ වචනය ප්‍රතික්ෂේප නොකෙළෙමි.
මුරකාරයාණෙනි, මාගේ පවින් ඔබට වරදක් වී ද? ඔබේ දුන්නට මා ඉලක්කයක් කර ගත්තේ මන් ද? ඔබ හට මා එතරම් බරක් වී ද?
ඔබගේ සිතින් ක්‍රිස්තුන් වහන්සේට සමිඳාණන් වහන්සේ හැටියට, ගෞරව කරන්න. ඔබට ඇති බලාපොරොත්තුව ගැන ඔබෙන් ප්‍රශ්න කරන සියල්ලන්ට පිළිතුරු දීමට නිතර සූදානම් ව සිටින්න.