ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 10:18 - Sinhala New Revised Version

‘ඉතින් ඔබ මවු කුසින් මා ගෙනායේ කුමට ද? කවුරුත් නොදැක මා එහි ම මළා නම් හොඳ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

‘ඉතින් ඔබ මවු කුසින් මා ගෙනායේ කුමට ද? කවුරුත් නොදැක මා එහි ම මළා නම් හොඳ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එබැවින් ඔබ මා කුසෙන් බිහිකළේ මන්ද? එසේ නොකළානම් මා නැසී කිසි ඇසකට නොපෙනී යනවා ඇත.

පරිච්ඡේදය බලන්න



යෝබ් 10:18
9 හුවමාරු යොමු  

උපත වෙනුවට මවු ගැබෙන් කෙළින් ම සොහොන් ගැබට ගියා නම්, එය මට යෙහෙකැ’යි සිතමි.


එහෙත්, දුදනන්ගේ ඇස් නොපෙනී යයි; ගැළවීමේ මඟක් ඔවුන්ට නැත. ඔවුන්ට ඇති එක ම පැතුම මරණය වේ.”


එහෙත්, මනුෂ්‍යයා මැරුණොත් මැරුණා ම යි. ඔහු මියගිය විට යන්නේ කොතැනට ද?


අඳුරින් මම වට වී සිටිමි; එතුමන් නොපෙනෙන ලෙස ගන’ඳුරින් මාගේ මුහුණ ආවරණය වී තිබේ.


උපන් දා සිට ඔබ මට පිහිට වූ සේක; මවු කුසේ සිට ඔබ මා රැකගත් සේක. මම ඔබ ගැන නිරතුරු ප්‍රශංසා කරන්නෙමි.


අහෝ මාගේ මෑණියෙනි! මුළු දේශය සමඟ තරඟ ද විවාද ද කරන මිනිසෙකු වීමට ඔබ මා වැදූ නිසා මට සිදු වී ඇති විපතක මහත! මා කිසිවෙකුට ණයට දුන්නේ වත්, කිසිවෙකුගෙන් ණයට ගත්තේ වත් නැත. එහෙත්, සියල්ලෝ ම මට සාප කරති.


මනුෂ්‍ය-පුත්‍රයාණන් ගැන ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන ලෙස ම ඔහු නියමිත ගමන යන්නේ ය. එහෙත්, මනුෂ්‍ය-පුත්‍රයාණන් පාවා දෙන යම් මනුෂ්‍යයෙක් වේ ද, ඔහුට වන විපතක මහත! ඒ මිනිසා නූපන්නේ නම් වඩා හොඳ ය”යි වදාළ සේක.