ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙරෙමියා 9:18 - Sinhala New Revised Version

සෙනඟ පිළිතුරු දෙමින්, “අපේ ඇස්වලින් කඳුළු වැගිරෙන පිණිසත්, ඇසිපියවලින් වතුර ගලන පිණිසත් අප ගැන ළතෝනියක් පවත්වන ලෙස ඔවුන්ට කියන්නැ”යි කියති.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සෙනඟ පිළිතුරු දෙමින්, “අපේ ඇස්වලින් කඳුළු වැගිරෙන පිණිසත්, ඇසිපියවලින් වතුර ගලන පිණිසත් අප ගැන ළතෝනියක් පවත්වන ලෙස ඔවුන්ට කියන්නැ”යි කියති.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔව්හු ඉක්මන්කොට, අපේ ඇස්වලින් කඳුළු වැගිරෙන පිණිසත් අපේ ඇසිපියවලින් වතුර ගලන පිණිසත් අප ගැන ළතෝනියක් පවත්වත්වා.

පරිච්ඡේදය බලන්න



යෙරෙමියා 9:18
19 හුවමාරු යොමු  

මිනිසුන් ඔබේ ව්‍යවස්ථාව නොපිළිපදින බැවින් මාගේ දෑසින් කඳුළු ධාරා ගලා යයි.


මාගේ සෙනඟ මෙපමණ ගණනක් විනාශ වී ඇති බැවින් දැන් මට තනි ව ම හඬා වැලපෙන්න ඉඩ හරින්න. මා සනසන්න උත්සාහ නොකරන්න.


ඔබ සවන් නොදෙන්නහු නම්, ඔබේ අහංකාරය නිසා මම රහසිගත ව හඬමි. සමිඳුන්ගේ සෙනඟ වහල්කමට ගෙනයනු ලැබූ නිසා මම හඬා වැලපෙමි. බොහෝ සෙයින් කඳුළු වගුරන්නෙමි.


“ජෙරමියා, ඔබ සෙනඟට මෙසේ කියන්න: ‘රෑ දාවල් දෙක්හි මාගේ ඇස්වලින් කඳුළු නොනැවතී ගලායන්නේ ය. මන්ද, මාගේ සෙනඟ බරපතල තුවාළයකින් ද ඉතා දරුණු පහරකින් ද පීඩිත ව සිටිති.


බාල් නම් නින්දිතකමේ දෙවියා අපේ බාල වයසේ පටන් අපේ පියවරුන්ගේ වස්තු ද ඔවුන්ගේ බැටළුවන් සහ ගවයන් ද ඔවුන්ගේ පුත්‍රයන් සහ දූවරුන් ද කාදැමුවේ ය.


අපි ලජ්ජාවෙන් වැතිර සිටියෙමු. අපේ නින්දාව අප වසාගනී වා. මන්ද, අපේ බාල වයසේ පටන් අද දවස දක්වා අපි ද අපේ පියවරු ද අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවී උන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමු.’ “


විපත පිට විපත පැමිණ ඇත; මුළු රට ම නාස්ති වී ඇත. හදිසියේ ම මාගේ කූඩාරම විනාශ විය; එහි තිර වැසුම් ඉරී ගියේ ය.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මාගේ සෙනඟෙනි, ගෝණි රෙදි හැඳගෙන, අළුවල පෙරළි පෙරළී, මියගිය එක ම පුතෙකු උදෙසා මෙන් ඉතා දුක් බර ව වැලපෙන්න. මන්ද, විනාශ කරන්නා හදිසියෙන් නුඹට පහර දෙන්නේ ය.


“ජෙරුසලම් ජනයෙනි, නුඹලාගේ හිසකෙස් කපා ඉවත දමා, පාළු කඳු උඩ විලාපයක් නඟන්න. මන්ද, ස්වාමීන් වන මම, මාගේ කෝපයට ලක් වූ මේ පරම්පරාව ප්‍රතික්ෂේප කර අත්හළෙමි.


අහෝ! මැරුම් කෑ මාගේ සෙනඟ ගැන දිවා රෑ දෙක්හි හැඬීමට මාගේ හිස පොකුණක් ද මාගේ ඇස් කඳුළු උල්පතක් ද වූවොත් මම කැමැති ය.


ජෙරමියා මෙසේ කී ය: “කඳු ගැන ඇඬීමක් ද විලාපයක් ද පාළුකරයේ තණ බිම් ගැන ළතෝනියක් ද ගයන්නෙමි. කිසිවෙකුට එහි ගමන් කළ නොහැකි වන ලෙස ඒවා වියළී ගොස් ඇත. එහි සිවුපාවුන්ගේ හඬ නෑසෙන්නේ ය. අහසේ පක්ෂීන් ද මෘගයන් ද පලා ගොස් ඇත.”


ජෙරමියා මෙසේ කී ය: “ස්ත්‍රීවරුනි, සමිඳාණන් වහන්සේගේ බසට සවන් දී උන් වහන්සේගේ වචන සිතට ගෙන, නුඹලාගේ දූවරුන්ට ළතෝනි කීමත්, එකිනෙකාට තම තමාගේ අසල්වැසි ස්ත්‍රියට විලාප කීමත් උගන්වන්න.


ඈ රාත්‍රියෙහි අතිශයෙන් වැලපෙයි. කඳුළු ඇගේ දෙකපොල දිගේ ගලා යයි, ඇගේ පෙම්වතුන් අතර ඇය සනසන්නට කිසිවෙක් නැත. ඇගේ සියලු මිතුරෝ ද්‍රෝහිකම් කර, ඇගේ සතුරන් වී සිටිති.


මාගේ සෙනඟගේ විනාශය නිසා මාගේ ඇස්, කඳුළු වැගිරීමෙන් වෙහෙසට ද, ළමයින් ද කිරි දරුවන් ද නුවර වීදිවල ක්ලාන්ත වන බැවින් මාගේ සිත ශෝකයෙන් ඇලළී ගොස් ඇත.


ජෙරුසලම් පුරඟන, මම ඔබට කුමක් කියම් ද? ඔබ කුමකට සමාන කරම් ද? අනේ සියොන් කන්‍යා පුරඟන, මම ඔබ සනසන පිණිස ඔබට කුමක් කරම් ද? ඔබේ විපත මුහුද මෙන් විශාල ය; ඔබට සුවය දෙන්නේ කවරෙක් ද?


අනේ සියොන් පුරඟන, සමිඳුන්ට මොරගසන්න; මහා ප්‍රවාහයක් සේ රෑ දාවල් දෙක්හි කඳුළු ගලා යා වා! ඔබට කිසි සහනයක් නොලැබේ වා! ඔබේ දෙනෙතට විවේකයක් නො වේ වා!


මාගේ සෙනඟගේ විනාශය නිසා මාගේ ඇස්වලින් කඳුළු ගංගා ගලා යයි.


සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නගරයේ හැම වීථියක හැඬීමත් වැලපීමත් ඇති වන්නේ ය; වැලපෙන පිණිස ගම්වැසියන්ටත්, කුලියට ළතෝනි කියන්නන්ටත් අඬගසනු ලැබේ.


උන් වහන්සේ අගනුවරට ළඟා වී එය දුටු විට නුවර ගැන හඬමින් මෙ‍සේ වදාළ සේක: