Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ආමොස් 5:16 - Sinhala New Revised Version

16 සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නගරයේ හැම වීථියක හැඬීමත් වැලපීමත් ඇති වන්නේ ය; වැලපෙන පිණිස ගම්වැසියන්ටත්, කුලියට ළතෝනි කියන්නන්ටත් අඬගසනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නගරයේ හැම වීථියක හැඬීමත් වැලපීමත් ඇති වන්නේ ය; වැලපෙන පිණිස ගම්වැසියන්ටත්, කුලියට ළතෝනි කියන්නන්ටත් අඬගසනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 එබැවින් ස්වාමිවූ සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: සියලු පළල් මාවත්වල වැලපීමවන්නේය; සියලු වීථිවල ඔව්හු-අනේ, අනේයයි කියන්නෝය; වැලපෙන පිණිස ගොවියාටත් විලාප කියන පිණිස ළතෝනි කීමෙහි දක්ෂ අයටත් අඬගසන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ආමොස් 5:16
23 හුවමාරු යොමු  

ගොවියෙනි, දුකින් තැවෙන්න; මිදි වතුකාරයෙනි, වැලපෙන්න. මන්ද, තිරිඟු ද බාර්ලි ද කෙතේ ගොයම් ද වැනසී ඇත.


ජෙරමියා මෙසේ කී ය: “කඳු ගැන ඇඬීමක් ද විලාපයක් ද පාළුකරයේ තණ බිම් ගැන ළතෝනියක් ද ගයන්නෙමි. කිසිවෙකුට එහි ගමන් කළ නොහැකි වන ලෙස ඒවා වියළී ගොස් ඇත. එහි සිවුපාවුන්ගේ හඬ නෑසෙන්නේ ය. අහසේ පක්ෂීන් ද මෘගයන් ද පලා ගොස් ඇත.”


ඔව්හු තමන්ගේ හිස් මත ධූලි දමාගෙන, හඬා වැලපෙමින්, “අහෝ! අහෝ! ඒ මහා නුවර! ඇගේ වස්තුව හේතුකොටගෙන මුහුදේ නැව් ඇති සියල්ලෝ ඇගෙන් ධනවත් වූ හ. එක පැයකින් ඈ නැතිනාස්ති වී ගිය හැටි”යි කියා මොරගැසුවෝ ය.


ඇගේ වේදනාවට බයින් ඈතින් සිට, “අහෝ! අහෝ! බබිලෝනිය නම් මහා නුවර! බලවත් නුවර! එක පැයකින් තිගේ විනාශය පැමිණියේ ය”යි කියමින් හඬා වැලපෙති.


ඒ කාලයේ දී නුඹලා පිළිබඳ කථාන්තරය විනාශයේ උදාහරණයක් වශයෙන් ගෙන ළතෝනි ද ගයන්නෝ ය. ‘අපි නැත්තට ම නැති වී සිටිමු’යි කියමින් ඔව්හු මෙසේ ද කියති: ‘දේශය අප අතින් පැහැරගෙන තිබෙන හැටි! ඒ දේශය අප වහල්කමට ගත් අයට උන් වහන්සේ දී ඇත.’ “


“මේ නිසා මම හඬා වැලපෙන්නෙමි; පාවහන් වත්, ඇඳුම් වත් නැති ව යන්නෙමි; සිවලුන් මෙන් විලාප නඟන්නෙමි; පැස්බරුන් මෙන් වැලපෙන්නෙමි.


නුඹලාගේ සුබ මංගල්‍යයන් අවමංගල්‍යන් කරන්නෙමි; නුඹලාගේ තුති ගී ළතෝනි බවට හරවන්නෙමි. නුඹලාගේ බඳ වටා ගෝණි හඳවා හිස් මුඩු කරන්නෙමි. එක ම පුතාගේ මරණය නිසා වැලපෙන දෙමවුපියන් මෙන් නුඹලා වැලපෙන්නහු ය. ඒ දවස කෙළවර දක්වා තිත්ත ම තිත්ත වන්නේ ය.


එබැවින් මම දමස්කයෙන් එපිට රටක වහල්කමට නුඹලා ගෙනයන්නෙමි”යි සියලු බලැති දෙවියන් යන නම ඇති සමිඳාණන් වහන්සේ වදාරන සේක.


සවන් දී, ජාකොබ්ගේ වංශයට ප්‍රවේසම් වෙන ලෙස තදින් අවවාද කරන්නැ”යි වදාළ සේක. මෙසේ වදාරන්නේ සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ ය.


උපවාසයක් නියම කරන්න; අයැදුමට සෙනඟ රැස් කරන්න. ප්‍රජා මූලිකයන් සහ රටේ සියලු වැසියන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාවට රැස් කරවා උන් වහන්සේට මොරගසන්න.


සිය යොවුන් වියේ දී විවා බස් දුන් පෙම්වතා මියගිය බැවින් දළ රෙදි හැඳගත් කන්‍යාවක මෙන් හඬා වැලපෙන්න.


විළිරුජා ඇති ස්ත්‍රියකගේ හැඬීම මෙන් ද කුලුඳුලා බිහි කරන ස්ත්‍රියකගේ ප්‍රසව වේදනාව මෙන් ද සියොන් දුවගේ හඬ මට ඇසුණේ ය. ඈ හතිදමමින් කෙඳිරිගාමින්, ඇගේ අත් විදහාගෙන, “අහෝ! මට විපත ය; මා මරන්නට එන අය ඉදිරියේ මම ක්ලාන්ත වෙමි”යි කියන්නී ය.


ඒ නිසා සව් බලැති දෙවි සමිඳාණෝ හැඬීමටත්, වැලපීමටත්, ගෝණි රෙදි ඇඳීමටත්, හිස බූගෑමටත් නුඹලා කැඳෙවු සේක.


මුළු මෝවබ් දේශය පුරා කෑගැසීමේ හඬ ඇසේ; එහි විලාප හඬ එග්ලයිම් හා බෙයෙර්-එලීම් නගර දක්වා ඇසේ.


ජෙරමියා වනාහි ජොෂියා ගැන විලාප ගීතිකාවක් කෙළේ ය. ගී ගයන සියලු මිනිස්සු ද ගී ගයන සියලු ස්ත්‍රීහු ද අද දක්වා තමන්ගේ විලාප ගීතිකාවලින් ජොෂියා ගැන කතා කරති. ඔව්හු ඒවා ඉශ්රායෙල් අතරෙහි නියෝගයක් කොට දුන්නෝ ය.


“තැතිගන්වන හඬක් මට ඇසුණේ ය. එය සාමයේ නොව, භීතියේ හඬක් ය.


එබැවින් දේශය වියළී යන්නේ ය. එහි වසන වනසතුන් හා ආකාශයේ පක්ෂීන් ඇතුළු සියල්ලෝ ම මලානික වන්නෝ ය. මුහුදේ මත්ස්‍යයෝ පවා විනාශ වී යන්නෝ ය.


අහෝ! ඒ දවස, සමිඳාණන් වහන්සේගේ දවස, ආසන්න ව ඇත. එය සර්ව පරාක්‍රමයාණන් වෙතින් විනාශයක් සේ පැමිණෙනු ඇත.


ඒ දවසේ දී මාලිගාවේ ගී ගායනා දුක් ගාවිනා බවට හැරේ, සෑම තැන ම මළකඳන් දක්නට ලැබේ. කිසි තැනක ශබ්දයක් ඇසෙන්නට නැත.”


ඔවුන් වත්, ඔවුන්ගේ පියවරුන් වත් දැන නොගත් ජාතීන් අතරට ඔවුන් විසුරුවා හැර, ඔවුන් සහමුලින් ම නැති කරදමන තුරු මම ඔවුන් පසුපස්සේ යුද්ධ සේනා යවමි.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්