එහෙත්, නුඹලා මා වෙතින් ඉවත් ව ගොස්, මා නුඹලා ඉදිරියෙහි තබා තිබෙන මාගේ පණත් ද ආඥා ද අත්හැර ගොස්, වෙන දෙවිවරුන්ට වැඳුම්පිදුම් කර ඔවුන්ට නමස්කාර කරන්නහු නම්,
යෙරෙමියා 9:13 - Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක: “මෙය සිදු වූයේ, මා ඔවුන්ට දුන් මාගේ ආඥාව ඔවුන් ප්‍රතික්ෂේප කර මාගේ හඬට කීකරු නොවූ නිසාත්, Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක: “මෙය සිදු වූයේ, මා ඔවුන්ට දුන් මාගේ ආඥාව ඔවුන් ප්‍රතික්ෂේප කර මාගේ හඬට කීකරු නොවූ නිසාත්, Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේද: මා විසින් ඔවුන් ඉදිරියේ තැබූ මාගේ ව්‍යවස්ථාව ඔවුන් අත්හැර, මාගේ හඬට කීකරු නොවී, |
එහෙත්, නුඹලා මා වෙතින් ඉවත් ව ගොස්, මා නුඹලා ඉදිරියෙහි තබා තිබෙන මාගේ පණත් ද ආඥා ද අත්හැර ගොස්, වෙන දෙවිවරුන්ට වැඳුම්පිදුම් කර ඔවුන්ට නමස්කාර කරන්නහු නම්,
“ ‘එබැවින් අපේ දෙවියන් වහන්ස, මේ සියල්ලට පසු අපි කුමක් කියමු ද? මන්ද, ඔබේ මෙහෙකරුවන් වූ දිවැසිවරුන් මඟින් ඔබ අණ කරවන ලද ඔබේ ආඥාවන් අපි කඩ කෙළෙමු.
මාගේ වචනයට සවන් නොදෙන, තමන්ගේ සිතුමතේට මුරණ්ඩුකමින් හැසිරෙන, අන් දෙවිවරුන්ට සේවය කරමින් නමස්කාර කරන පිණිස ඔවුන් පසුපස දුවන, මේ දුෂ්ට සෙනඟ වැදගැම්මකට නැති මේ හණ රෙද්ද හා සමාන වනු ඇත.
එවිට ඔවුන් පිළිතුරු දෙමින්, ‘ඔවුන් තමන්ගේ සමිඳාණන් වහන්සේගේ ගිවිසුම අත්හැර අන් දෙවිවරුන්ට නමස්කාර කොට, ඔවුන්ට සේවය කළ නිසා ය’යි කියනු ඇත.”
තවද, “අපේ දෙවි සමිඳාණන් වහන්සේ මේ සියල්ල අපට කෙළේ මන්දැ”යි සෙනඟ අසන කල, “ ‘නුඹලා මා අත්හැර නුඹලාගේ දේශයේ දී විජාතීන්ගේ දෙවිවරුන්ට සේවය කළ ලෙස ම, නුඹලාට අයිති නැති දේශයක දී විජාතීන්ට නුඹලා සේවය කරන්නහු යැ’යි ඔවුන්ට කියන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.
එහෙත්, ඔවුන් සවන් දුන්නේ වත්, කන් යොමු කෙළේ වත් නැත. ඒ වෙනුවට ඔව්හු මුරණ්ඩු වී ඔවුන්ගේ පියවරුන්ටත් වඩා නපුරුකම් කළෝ ය.