මීකායා කැඳවාගෙන එන්න ගිය පණිවුඩකාරයා ඔහුට කතා කොට, “බලන්න, දිවැසිවරුන්ගේ වචන එක ලෙස රජුට ප්‍රසන්න දේ පවසයි. ඔබේ වචනයත් ඔවුන්ගෙන් කෙනෙකුගේ වචනය මෙන් කල්තියා ජය අත්වනු පිණිස කියන්නැ”යි දැන්වී ය.
යෙරෙමියා 8:11 - Sinhala New Revised Version සාමය නැති විටත්, ‘සාමය, සාමය’ කියමින් ඔව්හු මාගේ සෙනඟගේ තුවාළයට මතුපිටින් පිළියම් කරති. Sinhala New Revised Version 2018 සාමය නැති විටත්, ‘සාමය, සාමය’ කියමින් ඔව්හු මාගේ සෙනඟගේ තුවාළයට මතුපිටින් පිළියම් කරති. Sinhala Revised Old Version සමාදානය නැතුව තිබෙද්දී: සමාදානයය, සමාදානයය කියා මාගේ දියණිය වන සෙනඟගේ තුවාලය ඔව්හු මඳක් සුවකර තිබේ. |
මීකායා කැඳවාගෙන එන්න ගිය පණිවුඩකාරයා ඔහුට කතා කොට, “බලන්න, දිවැසිවරුන්ගේ වචන එක ලෙස රජුට ප්‍රසන්න දේ පවසයි. ඔබේ වචනයත් ඔවුන්ගෙන් කෙනෙකුගේ වචනය මෙන් කල්තියා ජය අත්වනු පිණිස කියන්නැ”යි දැන්වී ය.
එවිට ඉශ්රායෙල් රජ දිවැසිවරුන් වන හාරසියයක් පමණ මිනිසුන් රැස් කොට, “මම රාමොත්-ගිලියද්ට විරුද්ධ ව යුද්ධයට යම් ද නොයම් දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. ඔව්හු කතා කොට, “ගිය මැනව, මන්ද, සමිඳාණන් වහන්සේ එය රජු අතට පාවා දෙන සේකැ”යි කීවෝ ය.
එවිට මම මෙසේ කීවෙමි: “අහෝ දෙවි ස්වාමීන් වහන්ස, දිවැසිවරු සෙනඟ අමතා, ඔබ වහන්සේ ඔවුන්ට මේ ස්ථානයේ දී තිර සාමදානය දෙන බැවින්, ඔවුන් කඩුව දකින්නේ වත්, සාගතයෙන් පෙළෙන්නේ වත් නැතැ යි කියති.”
මාගේ වචනය හෙළා දකින අයට ඔව්හු, ‘නුඹලාට ශුභසිද්ධ වේ වා!’යි කියති. මුරණ්ඩු සිතින් සිය කැමැත්ත අනුව යන අයට ඔව්හු, ‘නුඹලාට කිසි විපතක් නොවේ ය’යි කියති.
තුවාළයකට මතුපිටින් පිළියම් කරන සේ සාමය නැති විට පවා ඔව්හු, ‘සාමය, සාමය’ කියමින් මාගේ සෙනඟ සනසති.
අපි සාමය පැතුවෙමු; එහෙත්, එයින් කිසි වැඩක් නො වී ය. සුව වීමේ කාලයක් ගැන බලා සිටියෙමු. එහෙත්, පැමිණ ඇත්තේ භීතිය පමණි.
ඔබේ දිවැසිවරු බොරු නිෂ්ඵල දර්ශන ඔබට දැක්වූ හ; ඔව්හු ඔබේ වහල්කම පහ කිරීමට ඔබේ අපරාධ කිසි දා එළිදරව් නොකළහ. ඔබ උදෙසා ඔවුන් දුටු දර්ශන බොරු ය, රැවටිලි සහිත ය, වංචනික ය.
“ ‘ධර්මිෂ්ඨයන් මා අධෛර්ය නොකළ නමුත්, නුඹලා බොරු කියා ඔවුන් අධෛර්ය කළහු ය. දිවි ගළවාගන්න පිණිස නපුරු මිනිසුන්ට ඔවුන්ගේ නපුරුකම් අත්හරින්නට ඉඩ නොදී ඔවුන්ට දිරි දුන්නහු ය.
“බොරුවෙන් ද වංචාවෙන් ද පිරුණ, නුඹලාට ‘මුද්‍රික පානයත්, සුරා පානයත් ගලා එනු ඇතැ යි මම දිවැස් දෙසමි’යි කියමින් සිටින යම් මිනිසෙක් වේ නම්, සෙනඟ ප්‍රිය කරන දිවැසිවරයා එවැන්නෙකි.
‘සාමය ඇත; අනතුරක් නැතැ’යි ඔවුන් කියන විට, ගැබිණියකට විළිරුජා පැමිණෙන්නාක් මෙන්, ක්ෂණික විනාශය ඔවුන් පිට පැමිණේ; ඔවුන්ට කිසි ගැළවීමක් නැත.